Thursday, 27 May 2010

පින් මඳ බිසව්


සඳක් මෙන් නිබඳ සොමි ගුණ ගති ආර
මලක් සදිසි නුඹ වත සුවදයි තාම
මදක් හෝ නිනව්වකි සැනසෙන හීන
මෙතෙක් කල් කොහිද එදවස මිණිපාන

ඇස් රතුවෙලා නිදි නැතිවද නොනිදාද?
ගස් යට හෙවනේ ඇයි කවුරුත් එනවාද?
පස්යම මෙලෙස තනි මඟ තනි නැතිවාද?
තිස්සෙම මහ මඟදි නුඹ හමුවෙනවාද?

නෙත්සර හිනාවක හෝ කෝල බැල්මක
විස්තර බොහෝ විය නුඹ දු‍ටු දිනේ සිට
ඉස්සර වගේ නොවේ ඒ පිරි සිනා කට
විස්සෝපයෙන් ඇයි? හඳුනන නිසාවද?

ලකල පතල ගම් පියසට වුන් දේවී
කිකල නුඹ මෙහෙට කුමකටදෝ ආවේ
දුබල නැකතකද? නුහුරට පය තීවේ
කොමළ බැල්ම ඇයිදෝ නුඹ සැඟවූවේ.




Wednesday, 26 May 2010

තෙමගුල්



තෙමගුල්

මෙතේ  බුදුන් උපදින තුරු නැතේ නිනව් සිතේ
සිතේ  උපන් අකුසල් සිත් නිවන මඟක් නැතේ
නැතේ ය මඟ පෙන්නන්නට කෙනෙකු හෙටක් වෙතේ
වෙතේ එකම මඟ,බුදු හිමි මඟමයි ජීවිතේ

නව අරහාදි බුදු ගුණ  සිහි කරමින් බව
භව  දුක කෙටි කරන මඟක් වෙද දහමක තව
තව මත්  අඟ්ඥාන අඳුරු  දුරු කරමින් පව
පව නක්  මෙන් දසත ඇදේ වෙසක් අසිරි සුව



Sunday, 23 May 2010

මලේ වරුණ


මලේ වරුණ

පිපුන මල් යායේ
සුපිපුනු මලකි වූයේ
හිතට පි‍ටු පෑයේ
නොමැති හින්දයි නැවත ආයේ

බඹර ගුමු ගුමුවේ
ඉඟි බිඟි අඩු නොවූවේ
නමුදු සිත් පෑවේ
ඇවිත් ගිය අය නොමැත ආවේ

පෙලක් මල් සුවඳය
තවත් නම් නිති හැඩමය
ගුණ සුවඳ දෙකමය
‍රැඳුනු මල්  හැම වෙලේ නොපිපිය

දකිමින් නිරතුරුව
මල්වලම අඩු පාඩුව
බඹරුන් ලහි ලහිව
ඇයිද? ආයෙත් එන්න හේතුව

‍රැදුන මල් යායේ
මිමුනුව බමර ගීයේ
සවනත ‍රැදීයේ 
නුඹට පමනයි මිහිරි වූයේ

මසිත වීනා වී
නුඹෙ  ගීය හා යාවී
නොදත් ස්වර  බිහිවී                            
මටත් නොදැනිම තනුව මතුවී

ගැයූ මුත් රඟදී
මල් ලඟ සැඳී පැහැදී
නුඹ මෙන් නොවැරදි
විඳී, සිත දා නොයා සමුදී

හැඟුනි ආ කරුණේ
පෙමිනි හදවත  දිලුණේ
තුටිනි වත පිරුණේ
දනී මම ඔය බඹර වරුණේ

කෝප නොම ගන්නයි
නුඹේ හිත මට දෙන්නයි
නුඹට කැප වෙන්නයි
කනට කොඳුරා ගී ගයන්නයි

සිතේ කැළබිල්ලයි
මල් යාය හැර යන්නයි
කොහෙ හෝ ‍රැදෙන්නයි
නුඹේ ගීයට තනුව වෙන්නයි.



Saturday, 22 May 2010

ප්‍රේමය නම් ඉතින්....




ප්‍රේමය නම් ඉතින්....


සිත් මල් පිබිඳ වූ යව්වනයේ  සිහින
ඇත්තක් නොවේමය, මුත් තු‍ටු නොව දොඩන
සත් කුළු පව් සසළ වන තරමට විඳින
සිත් වේදනාවකි සමහර විට ගමන


රකිමින් කුළ සිරිත් බැඳි බැමි වල හිරවී
සුසුමින් කඳුලකින් කල් ගෙවමින් බරවී
රුපුසෙන් ලෙස නැතත්, එක වහලක කො‍ටුවී
සුපසන් ප්‍රේමයම ඉකිබිඳිනුය තනිවී


සිපගෙන  වැලඳ එක පතටම බෙදාගෙන
කොපමන දුක වුනත් මුලදී එකාමෙන
අපමන කම්කටොලු සැපයැයි සිතාගෙන
සැනසුන හදට අද සැපතත්  එපාවෙන


සුහදේ  නිරතුරුව  සැතපුන සුව සෑදූ
සුවදේ කල්පයක් වුව සිනහව මෝදූ
නො‍රැදේ අද නැතිය කිසි ලකයක් පැහැදූ
ගියදේ ගියාවේ  වෙද සිතකට සෝඳූ


ඇල්මෙන් විමසමින් ආගිය ගමන් මඟ
බැල්මෙන් පවා බොහෝ දැ විය නුවන් යුඟ
හැල්මෙන් ගැලූ ගඟ වියළී අතර මඟ
කැල්මන් පවා කල්යෑමෙන් නොවිනි වග


බැඳී ඒ සෙනෙහසින් මුසපත්වී ‍රැදෙන
විඳිමින් අසිරි  තවමත් පැරණිය නොවන
හිදිමින් එක වෙහෙර කිල්ලෝටයේ ‍රැදුන
නොදමන් හුනු ඉවත කොයි හිතකත් බැඳුන


රාගය නම් කෙලෙස් සිතුවිළි මතම ‍රැදී
ප්‍රේමය අරුත් දක්වනු  කෙලෙසකද සැදී
යාමය රුදුරු වෙයි සිතුවිළි මවති හදී
ප්‍රේමය නම් ඉතින් ප්‍රේමය මයි සුසැඳි

Wednesday, 19 May 2010


         පමා නොවී යමු අකුරට


දමා යා නොහැක අත්වැල බැඳුනු මිතූ
නිමා වක් දකිමු සුභ සිහිනයක පැතූ
අමා වක අඳුර බිඳ සිප් සතර ගෙතූ
පමා නොවී යමු අකුරට මෙයින් මතූ


අත්ත නොබිඳිමින් නාමල නෙලාගෙන
ඇත්ත දැන දැනත් රජවරු හදා දෙන
මුත්තා ගේ කාලේ සිට ‍රැව‍ටුනා මෙන
සත්ත  කින් අපේ මඟ කවුරුදෝ ගෙන


අල්ලට සිඟා නොව ටී වී එකෙන් බලන්
මල්ලට සමෘඳිය පුරවා ගෙදර යමන්
නිල්ලට පූදිනා ගොයමට වතුර බැදන්
දෙන්නට සමත්තෝ  ඇත්නම් පෙරට වරෙන්


කැළේ කොලේ පිපුනත් මල් සුවඳ මෙන
පැළේ පිලේ අපිටත් මඟ උරුම වෙන
කලේ හැම සතර අත්වැල බදින මෙන
වලේ නොවැටෙනා පාඩම කියනු මැන!