නොරත රත
සිඳ බිඳ දුක් තැවුල් අත නෑරිය කතර
විඳ විඳ දුකම වූවත් සතුටින් නිතර
හද බැඳ ගත් පැතුම මල් පූදිනු අතැර
ඉඳ ඉඳ එක වෙහෙර නුඹ නොවිනුද එතෙර
යන්තම් සිනාවට බැඳි පෙම කවුරු දනී
රන්දම් හුයත් නැති බැරිදා සින්න උනී
යන්තම් තටු ලබා ඉගිලෙන සවිය දුනී
මං නම් ඉතිං හැමදාමත් එලෙස මෙනී
තැවුල් සිත් සතන් හැමදා පෑර විනී
අවුල් වුනේ සිත, ඒ වියවුල්ම දනී
නොකෙරෙන වෙදකමට නොලැබෙන බෙහෙත වැනී
නාහෙන් ඇඬූවත් කිසිදා සුව නොවුනී
යාදෙක නොරත රත පෑහෙනු නැතිවාය
හීනෙක හැමදාම කිමිදෙනු හරිනෑය
දීගෙක ගිය නමුත් හෙවනැලි ඇදවීය
ප්‍රේමෙක මහත! පෙම්ගඟ සිඳ බිඳිලාය
ගියත් ගිය නුවණ ආපසු ඇදිය හැකි
එයත් කළ නොහැක නැණ ගුණයෙන් වියැකි
කලත් මෝඩකම් හැදිමිටටත් බරකි
තවත් පමා නැහ ආපහු හැරියහැකි
දුකයි හිතට,එය ඇත්තයි හැමදාමත්
බරයි දෙනෙත්, නැහැ හැඩුවේ කවදාවත්
පෙමයි, කුලගෙයයි පෙරළා බිම දෑවත්
ඉදියි මම මෙහෙම, නුඹ මෙහෙ...යළි නාවත්
.
වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Sunday, 18 July 2010
Friday, 9 July 2010
නොනැවතී ඉදිරියට......
නොනැවතී ඉදිරියට......
වරක් දෙකක් නොව සිය සිය දහස් වර
කරක් ගසා බැළුවත් නොදුටුයෙන් හර
හරක් රැල කියූවෙන් කොඩි කතන්දර
කුමක් කරන්නද උපවාසයක් හැර
විනේ කොටන්නට කල් යල් බැලුවාය
වනේ ගිජිදගේ පරපුර ගිනිලෑය
වුනේ මොකක් දැයි නොමදත් ජවිපේය
අනේ සෑමදාමත් ඇස් බැඳි සේය
ඇහක් කනක් ඇරලා නොබලන සත්තූ
වගක් නැති තැනක සීණුව ලා ගත්තු
ගොඩක් කල්ම අග මුල පටලාගත්තු
වලක්වයි අදත් රට, ඉන් ගොඩගත්තු
මුලු ලෝකයෙම මානව හිමිකම් නසන
කලු පැල්ලම් තබා එහි කලු පැහැ මකන
පුළුවන් එකා ළඟ දන ගසමින් වඳින
කුළු ගැන් වුයේ ඇයි ? යූ එන් එක අමන
නොගොසින් ගොඩක් ඈතට ඉතිහාස පොතේ
ලෙබනන් වලට කල දේවල් මතක ඇතේ
බළලුන් ලවා වැඩ කරගෙන හතර අතේ
කොමිසන් ගෙනාවද ? පහදා දෙවනු පුතේ
පටු අරමුණු පිණිස බළ ඇණි පෙළ ගන්නා
හිටු කියමින් ඉරාකෙට සවුදිය දුන්නා
හොටු පෙර පෙරා මානව හිමිකම් පෙන්නා
කටු කන එවුන් දක්කමු එහෙටත් පන්නා
දන්නා කලක සිට එකකින් එකක් හැර
පෙන්නා යුද්දයම නිසි පිළියමෙන් තොර
ඉන්නා දහදුකින් ඊශ්‍රාලයෙන්, කොර
වෙන්නා පළස්තීනයේ රැකෙනවද හර
වටකොට ගැසූ මුත් නොබිඳුන අභිමාන
රටකට උතුම් දරුවන් මයි මිණිපාන
සතුරට දුවන්නට යන මං සලසාන
හිටියට "ගුරත්" දුටු විට සුදු කොඩි හීන
ඉව අල්ලමින් බොරදිය තව කළඹමින
හිවලුන් වගේ යටි අරමුණු පොළබවන
හැව දා ගියපසුව සර්පයා හදුනගෙන
ඉවරක් කර යුතුය අක්මුල් උදුරගෙන
සිංහල, දෙමළ, හෝ මුස්ලිම් නොව බාදා
වෙන්කල නොහැකි ලෙස එක්විය යුතුය මෙදා
දුංකල නැට්ට යාපනයෙන් යළි එනදා
මංගල නැකත එයමයි රටකට සුවදා
ඇරගෙන ඉලව් කොමිසම පිටවෙනු කියමූ
රැකගෙන අපිම, අපි කවුදැයි පහදදෙමු
නවතන අපේ මඟ,... කවුදයි හඳුනගමු
නොනිමෙන ගමනකට මුලු රට එකතුවෙමු.
Monday, 5 July 2010
තිරෙන් එහා.....
තිරෙන් එහා.....
නෙතක් හමුවෙලා කල් බලමින් නතුව
කොතෙක් කල්වුවද එක සෙවනම පැතුව
හදක් සනසමින් දෙහදම එකමුතුව
එතෙක් හිටපු ඈ තුල අද ඈ නැතිව
පින්නේ පිපුණු බිම්මල වාසනාවන්
දුන්නේ නැවුම් සුමිහිරි කල්පනාවන්
උන්නේ දිවා රෑ පෙම්බර සිනාවෙන්
දන්නේ කවුද කෝ දැන් ඒ සිනාවන්?
ගමනක, නැවතුමක ඉඟි, මන බැදීමෙන්
සෙවනක සුවය නිරතුරු හිත සැදීමෙන්
දිවියක උරුම පොදි බැන්දත් මනාවෙන්
පුදුමෙක මහත ඒ හැම යට ගියාවන්
සඳුත් තරුත් ඉල්ලුවේ නම් නැහ සත්තයි
හිරුත් ඇවිත් දුක සැප බැලුවා ඇත්තයි
පුවත් තටුත් දළුලා පුපුරා යත්දැයි
පිපෙත් තවත් මල්, දෙහදක් ගිනිගත්තයි
කලකදි වහ වැටීගෙන සිටියත් යාළු
ළඟකදි ඉදන් එ මලේ පැණි රහ නෑලු
විලකදි එකට එකමුතු වූවත් මාළු
විටකදි එවන් දසුනත් වැඩකට නෑලු
වැරෙන් විරීයෙන් වර පොට අදිමින්න
හිමින් සීරුවන් කාටත් නොදැනෙන්න
පියෙන් පිය සිරිත් කුල දම් රකිමින්න
තිරෙන් එහා රඟ කොයි කවුරුත් දන්න
Friday, 25 June 2010
මිහින්තලේදී........
එඩියෙන් බිම දමා රුපුසෙන් ජාලාව
මැඩියෙන් රටට වින කරවූ මායාව
පඬියන් කොහෙද අද? අපි හට බෑ කීව
කොඩියෙන් පෙනේ රට එක්සේසත් වූව
අඟේ ඉදන් කන හපනා අපේ අය
යුගේ යුගේ ඇතිවී නැතිවෙලා ගිය
රඟේ දුටිමි, කළ කී දෑ නොදෝමය
මගේ රට දැයත්, දහමත් අපේමය
යාමයේ සතුරු බළ ඇනි බිඳදාන
ජීවයේ අරුණු රටකට ගෙන ඒන
මානයේ බලය ගන්නට දත පාන
හීනයේ රැදුනු රැළකට වී බාන
බැට වැදිච්ච අමනුන් රැළ හා සාම
වැට බැදිච්ච කළදී, එක ගෙයි කැම
වට නොවිච්ච කළ දුටු සිහිනයේ සේම
කට කැඩිච්ච සුදුකොඩි පාවාදීම
උදා ගිරෙන් රැස් දහරා ඇඳුනාය
නිදා සිටිය දහසක් සිත් හැදුනාය
බදා ගිනි අවිත් මුදු සිත් තැළුනාය
මෙදා ඔවුන්ටත් ජය මංඟල ගීය
වෙලාවෙදි නපුර විත් ගම් බිලි ගද්දී
නලා පිඹ දුවන්නට උපදෙස් දෙද්දී
මළා මෙන් දැයට වින කටිමින් පැද්දී
බලා ගෙන හිටපු අය එකමුතු වෙද්දී
වසවත්තියන් ලේ රස බැලු පින් බිමට
නස්පැත්තියක් ආයෙත් නම් නොමවෙන්ට
පුදපෙත් ගෙනෙනෙ අය සිරිමා බෝඳුන්ට
බසවක්කුලම පේවි ඇත පිළිගන්ට
පොසොන් සඳ හිනාවි අම්බස්තලට
ගෙනෙන් නේ පහන්සුව මුලු ලක්දිවට
පිනෙන් ඒ උතුම් දරුවන් ලත් දැයට
ඉතින් වාසනාවන් මේ පින් බිමට......
Thursday, 24 June 2010
ඉරිදා දහම් පාසල්
ඉරිදා දහම් පාසල්
හෙටින් අමාවක එළැබී වසන තුරු
ගෙයින් පිටට ඉරිදා යනව නම් බොරු
සුපින්වත් ළමෝ වෙමු දහමටම හුරු
ඉතින් ආයුබෝවන් සියලුම මිතුරු
කඩක් පිලක් මුල්ලක් හෝ අත නෑර
ඉඩක් ලදත් හමුවනු බොරු මේපාර
කුමක් හෝ කියා ගෙදරට වී සූර
පවක් කරණු බැහ ඉරිදට මේ පාර
සතර අගතියෙන් මිදෙනට මග සොයන
නිතර දහමටම නැණ ඇස මෙහෙයවන
හතර පෝයටම සිල් ගත්තා නොවන
විතර මුත් දහම් පාසැලටම ඇදෙන
මාර සෙනඟ අවි ඔසවා බැන වදින
වීරයින් වෙන්න ලාබෙට පැන නටන
සූරයිනි නිතර බොරදිය මත යැපෙන
කාරණාව නුඹලගෙ අතටම පැමින
ලියන්නට පාර පිරෙනා තුරු යසට
යැපෙන්නට තවත් කලකට ලෙස නිවට
අඬන්නට හිටපු නුඹලාගෙම ඇහට
සිතුම් පැතුම් රටකට නිවහල් කරණු
උතුම් පරපුරක් මතුවට බිහි කරණු
පැතුම් මල් පිපෙන හෙට දවසෙදි තුරුණු
දහම් දිවයිනට මං පෙත එළි කරණු
Subscribe to:
Posts (Atom)