වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Monday, 7 June 2010
Friday, 4 June 2010
හිරුට මුවාවී ඉගිලීගෙන යන්න
නුඹට වෙහෙස බව මාගේ සිත දන්න
කුමට දෝ ඉතින් හිඳ තව ළතවන්න
සඳුට හොරන් මම එමි නුඹ ගෙනියන්න
මල වට රැගුම් පෑ බඹරිඳු නෑ ආවේ
ගෙල වට මල් මාල පළඳනවයි කීවේ
කලකට පසුව කීදෙය අමතක වූවේ
මුතු කැට කඳුළු පමනයි තනියට ආවේ
හිතක් ළඟ හිතක් බැඳ දෙවමින් පිළින
රුවක් විය නුඹත් මගේ සිතටම සැදුන
දුකක් නොම දෙමින් ඒ හිතටම බැඳුන
කවක් ලෙස නොකී අලුතෙන් පද බදින
පීදුනු පැතුම් බොල් සුළඟට පා කරලා
හේදූනු සිතුවමෙන් හිත නිදහස් කරලා
ඒ ඳුනු නැවුම් සිතුවිළි එක්තැන් කරලා
දේදුනු ආයෙමත් සිත් අහසෙහි පිපිලා
සිතත් ගතත් සිත් ගත් සිතටම බැඳුන
නුඹත් මමත් වෙත් එක සිහිනෙම දකින
ඇවිත් තවත් කල් යල් බලනුයේ කුමන
හෙටත් අදත් මෙන් විය යුතු නැහැ ඉතින.
මුකුළිත මල්ය, නටු මුකුළිත නූවාය
විකසිත වෙන්න මලකට ඉඩ පෑවාය
නුඹසිත සෙනෙහේ ළඟ පීඳුනු මල සේය
තනිනැත ඉතිං , නුඹටත් තනි නැති වාය
Saturday, 29 May 2010
සමනළ සිහිනයක
සමනළ සිහිනයක නුඹ ආවා මතකයි
මඳනල පවා ගෙන ආවේ ඒ සුවදයි
විදහල ප්‍රේමයේ අනුහස නම් පුදුමයි
සමනළ සිහිනයේ තාමත් නුඹ කොතනයි
නෙතු සපිරුන තරම් හිත නොපිරුනාද?
පැතුමන් සපිරි,හුදු හැඟුමන් වුනාද?
උතුරා ගැලූ සෙනෙහස වියළුනාද?
මතු සසරේ කතාවට මක් වුනාද?
නොතරම් නොවූවත් කල්බැලූ පෙමට අපේ
සැමරුම් අදත් මඟ තොට දැක පොළවේ හැපේ
නුඹ නම් එමඟ හැරදා ගොස් නො එන කපේ
කොතරම් සුන්දරද ඒ මල් තවම පිපේ
නොදනිමි කුමක් දෝ මා දොස තවම නොකී
නොකියමි දොසක් නුඹ ගත් මඟ හරිය සකී
වැළපෙමි කියා කීවත් නුඹ මා නොදකී
සිටිනෙමි මමත් නොමදී හදවතට ඉකී
මලකට දැනෙන දුක බඹරා නොම දන්න
පසෙකට ලා තවත් මල කට පිය මැන්න
බඹරුට මල්ය , මල කට බඹරෙකු වන්න
හිතකට දුකක් නොම දෙන බඹරෙකු එන්න
ගතත් සිතත් වෙහෙසයි පෙම් බස් දොඩලා
ඇසුත් අතුත් අපුලයි බඹරුන් රැකලා
තවත් ඇවිත් යන හිතකින් නොම රැඳිලා
මමත් නුඹත් හඳුනයි දෝ සිත් සැදිලා
සමනළ සිහිනයම හිත අද්දර තබමි
සමකුළ බඹරකුට මුලු හදවත පුදමි
බැමිතල හකුලුවා මඟ බලමින් හිදිමි
හිමිකල මට උරුම ඔහු වෙනුවෙන් තබමි
Thursday, 27 May 2010
පින් මඳ බිසව්
සඳක් මෙන් නිබඳ සොමි ගුණ ගති ආර
මලක් සදිසි නුඹ වත සුවදයි තාම
මදක් හෝ නිනව්වකි සැනසෙන හීන
මෙතෙක් කල් කොහිද එදවස මිණිපාන
ඇස් රතුවෙලා නිදි නැතිවද නොනිදාද?
ගස් යට හෙවනේ ඇයි කවුරුත් එනවාද?
පස්යම මෙලෙස තනි මඟ තනි නැතිවාද?
තිස්සෙම මහ මඟදි නුඹ හමුවෙනවාද?
නෙත්සර හිනාවක හෝ කෝල බැල්මක
විස්තර බොහෝ විය නුඹ දුටු දිනේ සිට
ඉස්සර වගේ නොවේ ඒ පිරි සිනා කට
විස්සෝපයෙන් ඇයි? හඳුනන නිසාවද?
ලකල පතල ගම් පියසට වුන් දේවී
කිකල නුඹ මෙහෙට කුමකටදෝ ආවේ
දුබල නැකතකද? නුහුරට පය තීවේ
කොමළ බැල්ම ඇයිදෝ නුඹ සැඟවූවේ.
Wednesday, 26 May 2010
තෙමගුල්
තෙමගුල්
මෙතේ බුදුන් උපදින තුරු නැතේ නිනව් සිතේ
සිතේ උපන් අකුසල් සිත් නිවන මඟක් නැතේ
නැතේ ය මඟ පෙන්නන්නට කෙනෙකු හෙටක් වෙතේ
වෙතේ එකම මඟ,බුදු හිමි මඟමයි ජීවිතේ
නව අරහාදි බුදු ගුණ සිහි කරමින් බව
භව දුක කෙටි කරන මඟක් වෙද දහමක තව
තව මත් අඟ්ඥාන අඳුරු දුරු කරමින් පව
පව නක් මෙන් දසත ඇදේ වෙසක් අසිරි සුව
Subscribe to:
Posts (Atom)