Friday, 17 September 2010

මලක.. මෙලෙක.


සිනිඳු පෙතිද විඳහලා
දිනිදු විලස සලකලා
සුමුඳු යහන හැඩකලා
පුබුදු හදට ලංවෙලා


කුමුඳු පිපෙන යාමයේ
පිබිදුන මල් හීනයේ
ඔකඳ වෙමින් ගීගැයේ
සුවඳ තවත් පාව යේ


නොඉඳුල් පෙම යාවුනා
නිකළැල් හදටම මනා
හස‍රැළ්ලක සුව ගෙනා
මුතුළැල් හස වාසනා


නො‍රැදී පෙම් සිහිනයේ
ගෙවදී රෑ යාමයේ
සුව දී සිත් රාගයේ
සමුදීමක් නෑ අයේ


උතුම් ගුණෙනි පෑහුන
සිතුම් පැතුම් ඈඳුන
දැකුම් පිළිවෙලෙහි මන
විඳිම් සෙනෙහසෙහි පින


ඉඩෝරයක් වී නැහී
මහෝගයක් වූ වැහී
විරාමයක් දී එහී
විරාගයක් නෑ මෙහී


පරම පිවිතුරුවු පෙමින්
ලොවම හැඳිනගත් බැවින්
පෙරුම පාරමී පුරන්
උරුම වෙන තුරා බලන්


කරුණු කාරණා නොවින්
හැරුණු විගස මෙහෙ ‍රැදෙන්
පිරුණු සෙනෙහසක බැමින්
සරණු හුදකලා සිතින්

Wednesday, 15 September 2010

සොර බොර වැවට බැස්සයි නාඹර ඇත්තූ


අළුත් ජනකවි   04, 03, 02, 01,  මෙතනින් කියවන්න


ඒ දන්ඩේ මට තනියම යන්න බැරී
දහ අටවැනි විසදුම ඉවසන්න බැරී
මගේ ගෙදරවත් හුස්මක් ගන්න බැරී
පිලේ පැදුර සිහිවෙන කොට ඉන්න බැරී


එක පුන්සඳම ගුරු කරගෙන ‍රැදෙන තුරු
නෙක තරු ‍රැසට අරුමය නම් සඳය ගරු
නිකරුනේ කල්ගෙවා ගොඩයන මඟ ඇහිරු
සැකයෙනි! ඇවිත් "කරු යළි පායයිද හිරු"


දාහත් දෙනෙක් ඇරගෙන "කරු" ගිහිල්ලා
දහසය දෙනෙක්  අතහැර යළි ඇවිල්ලා
දාහත් දෙනෙක් ආයෙත් ගොස් ඉගිල්ලා
නෑ දුක් මෙහෙ ඇවිත් මංගල කුරුල්ලා


"පබා" හට "කරූටත්" වැඩියෙන් ලැබුන
කෝප නොවුන කල රජු පාමුල ‍රැඳුන
එසැඬ "මනාය" ගව් සිය ගව් දුරින
රජුට හිනා..... වුව තව කෙනෙකුට ඇඬුන


දිය බොර කලදි කවුරුත් වල ඉහගත්තූ
ගියවර වගේ නොවේ දෙකොනම ගිනිගත්තූ
පියවර ඉදිරියෙහි මඟ පාදා ගත්තූ
සොරබොර වැවට බැස්සයි නාඹර ඇත්තූ


ලස්සන හිමවතේ අසිරිය වැඩෙන්නේ
දුක්දෙන අලින් කර, සීනුව බඳින්නේ
‍රැක්මෙන රටත් රටවැසියත් තමන්නේ
ඉක්මන හොදයි.. රජ්ජුරුවොයි වඩින්නේ....

Monday, 13 September 2010

මලට බඹරු..




පිපුන කුසුම මම වෙමි
බැඳුන දෙනෙත සනසමි
රුවින ගුණෙන සැරසෙමි
පැමිනෙන තුරු මම ඉමි


නුඹට උරුම බව දනී
මලට බඹරු පෙනි පෙනී
කුමට ළතවෙනුද තනී
මෙහෙට පාර ඔහු දනී


දකින දකින මල් සොයා
යනෙන කෙනෙකු නොව එයා
පෙනෙන ඉසව්වක දයා
ගුණෙන මහද ඔප තියා


අපිට බඹර සර දැනේ
දුකට සැපට එනවනේ
නොරට පෙරලුනද සෙනේ
එපිට නොයා සැනහුනේ


ඉඳින ඉසවවක ඔහේ
‍රැ‍ඳෙන හිතක් හෙම නොහේ
විඳින අසිරි පෙම ‍රැහේ
නිතින මගෙනි! වෙන කොහේ


නොකොට යුතුය නොසිතමි
සැපට බඹර තුඩු දැවි
සුමට මගත සැනසවි
රසට බඹර හිත නැවී


නොවන කරුණු කාරණා
කුමන ලෙසද සාදනා
දුකිනි මසිත පාදනා
දැනෙනවාද වේදනා


ඇසට කඳුළු ගෙන එමින්
දුකට හේතුවක් වෙමින්
නොකොට යුතුය  දැන නොමින්
මතට බඹරු මෙහි එමින්


පෙමින හිතෙහි පෑහෙනා
දකින සොඳුරු මල් හිනා
පිපෙන ඉසව්වෙම මනා
බි‍ඳෙන සිහිනයක් වෙනා


ඇහට කනට පෙනි පෙනී
හැඩට රුවට ඇල්මෙනී
කවට කමට බැල්මෙනී
මලට බඹරු ලංවුනී


Tuesday, 7 September 2010

සංශෝධිත කවිය




සියළු දොස් නැසේවා 
නව අරුණළු පිපේවා
මෙත් සිත් සැදේවා 
සැමට මින් යහපතක් වේවා


හතලිස් අටේ සිට
හැත්තෑ දෙකන් පසුවට
ව්‍යවස්ථා පි‍ටුවට
පැලැස්තරනම්  මතක නෑ මට


බලය ලත් කවුරුත්
බලය දා යනු නොමවෙත්
බලය පිළිබඳ සිත්
සැදී බලයෙන්, බලය ලැබගත්


කවුරු රට කෙරුවත්
කියු ලෙසම නැත පිළිවෙත්
එගැන විමසීමත්
මොළේ කඳුළක් වෙතොත් නොමවෙත්


මිදි ඇඹුල දැනිලත්
දැත් ඔසවා මුදුනත්
වින කළ අය ඇවිත්
මිදි ඇඹුල් බව අපිට පවසත්


එදා මුන් අනුදත්
මෙදා හොද නැහ කීවත්
කළු කෝට් ඇදලත්
නිරුවතින් බව තොමෝ නොදනිත්


කළ කිසිත් නොමදත්
නැතොත් දැනගෙන නොකරත්
අප වැනි අය තවත්
උනු නිසා කිරි  නොබී ලතවෙත්


රටත් ජනතාවත්
මිරිකෙන දුකින් බලවත්
මුදාගෙන සුවපත්
කලොත්, ඔබමය රජුනි යහපත්....




Monday, 6 September 2010

"කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත"


බලේ බලේ තුන් හෙළයම ‍රැකුන බලේ
කොලේ වහන් ඉදගෙන අයේ මොටද බොලේ
පිලෙ පැඳුරු දාගෙන ඇති හිටියා මලේ
කුලෙ අලි පවා දහ අට රකින කලේ


හයෙන් පහක බල හැත්තැ හතේ ගෙන
ගනන් නොගෙන මහජනතාවගේ අන
තමන් වෙනුවෙන්ම මේ වියවුලේ ඇන
විහින් නැහුනේ අලි මිස කවුරුදෝ වෙන


ගෙනත් අවනීති අතපය බැඳ දැමුනී
නැවැත්වුයේ විරෝධය කුළු පොලු වලිනී
මහත්වරුනි ,අපි නම් ඒලෙස නොවිනී
මහත්තයාට වෙඩි නොවදින බෙන්ස් දුනී


ඇවිත් විටින් විට අරලිය වලව්වට
රොටිත් සමග කෑ හැලපත් මතක් කොට
වෙඩිත් නොවදිනා තු‍ටු පඩුරු ලත්විට
රටත් ඔහුටමයි, මේ ටික ඇතිය මට


බලව් දෙනත් හැර හැත්තෑ හතේ පවේ
බොලව් ලා නේද අත් දෙකම ඉස්සුවේ
ඉලව්වක් නොවේ ඒ නුඹලාගේ පවේ
හිලව්වට අතක් උස්සමු පවක් නොවේ


කුමක්  කවුරු  කීවත් නොසිතමුය සැකේ
යමක් කමක් කළ හැකි අයටමයි ලකේ
වරක් දෙකක් නොව දිවි ඇති තුරුම ‍රැකේ
පොරක් නොවෙද රජ! රට ලතවුනත් දුකේ


"කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිදුන් මිස අන් කවෙත"
පිසාචර යකුන් බැඳ වුව වැඩගනිත
මහාරජ නුඹම හැර  කවුරුත් නොමැත!