Friday 9 July 2010

නොනැවතී ඉදිරියට......

නොනැවතී ඉදිරියට......

වරක් දෙකක් නොව  සිය සිය දහස් වර
කරක් ගසා බැළුවත් නොදු‍ටුයෙන් හර
හරක් ‍රැල කියූවෙන් කොඩි කතන්දර
කුමක් කරන්නද උපවාසයක් හැර

විනේ කොටන්නට කල් යල් බැලුවාය
වනේ ගිජිදගේ පරපුර ගිනිලෑය
වුනේ මොකක් දැයි  නොමදත් ජවිපේය
අනේ සෑමදාමත් ඇස් බැඳි සේය

ඇහක් කනක් ඇරලා නොබලන සත්තූ
වගක් නැති තැනක සීණුව ලා ගත්තු
ගොඩක් කල්ම අග මුල පටලාගත්තු
වලක්වයි අදත් රට, ඉන් ගොඩගත්තු

මුලු ලෝකයෙම මානව හිමිකම් නසන
කලු පැල්ලම් තබා එහි  කලු පැහැ මකන
පුළුවන් එකා ළඟ දන ගසමින් වඳින
කුළු ගැන් වුයේ ඇයි ? යූ එන් එක අමන

නොගොසින් ගොඩක් ඈතට ඉතිහාස පොතේ
ලෙබනන් වලට කල දේවල් මතක ඇතේ
බළලුන් ලවා වැඩ කරගෙන හතර අතේ
කොමිසන් ගෙනාවද ? පහදා දෙවනු පුතේ

ප‍ටු අරමුණු පිණිස බළ ඇණි පෙළ ගන්නා
හි‍ටු කියමින් ඉරාකෙට සවුදිය දුන්නා
හො‍ටු පෙර පෙරා  මානව හිමිකම් පෙන්නා
ක‍ටු කන එවුන් දක්කමු එහෙටත් පන්නා

දන්නා කලක සිට එකකින් එකක් හැර
පෙන්නා යුද්දයම නිසි පිළියමෙන් තොර
ඉන්නා දහදුකින් ඊශ්‍රාලයෙන්, කොර
වෙන්නා පළස්තීනයේ ‍රැකෙනවද හර

වටකොට ගැසූ මුත් නොබිඳුන අභිමාන
රටකට උතුම් දරුවන් මයි මිණිපාන
සතුරට දුවන්නට යන මං සලසාන
හිටියට "ගුරත්" දු‍ටු විට සුදු කොඩි හීන

ඉව අල්ලමින් බොරදිය  තව කළඹමින
හිවලුන් වගේ  යටි අරමුණු පොළබවන
හැව දා ගියපසුව සර්පයා හදුනගෙන
ඉවරක් කර යුතුය අක්මුල් උදුරගෙන

සිංහල, දෙමළ, හෝ මුස්ලිම් නොව බාදා   
වෙන්කල නොහැකි ලෙස එක්විය යුතුය මෙදා
දුංකල නැට්ට යාපනයෙන් යළි එනදා
මංගල නැකත එයමයි රටකට සුවදා

ඇරගෙන ඉලව් කොමිසම පිටවෙනු කියමූ
‍රැකගෙන අපිම, අපි කවුදැයි පහදදෙමු
නවතන අපේ මඟ,... කවුදයි හඳුනගමු
නොනිමෙන ගමනකට මුලු රට එකතුවෙමු.