Sunday, 25 April 2010

වියෝගී............

















වියෝගී............
පියාදර තෙපුල් උණුසුම ‍රැකවරණ
දයාබර නුඹේ සෙනෙහස මත ‍රැදුන
ගියාවද කොහේ, මම තනියම මෙතන
සුවාමිනේ පාළුයි මුළු හද විමන


සිත් සන්තොසින් කළ කී දෑ වී පිළුනු
නෙත් කදුලක් වුනේ ඇයි ? නොදැනී කරුණු
පත් වී අඟතියක හෝ නපුරක දැවුනු
මත් සළලෙක් වුනාවද, හිමියනි කියනු ?


සැමරුම් සපිරි යුඟ සුනරුත් වී නපුරු
සරදම් සිනාමය , කෝ ? සිනහව සොඳුරු
ගුණදම් සෙනෙහෙ දම් බිඳ , බැඳ රුඳු පවුරු
මනරම් විජිතයට වින කෙ‍ටුවෙද කවුරු


දිය පිට ඇඳුන රේඛා සේ පැතුම් පොදී
වියැකේ දිනෙන් දින මතකය රිදුම් දිදී
ගිය දේ ගියාවේ යනුවෙන් නුඹෙන් මිදී
මිය යනු හැරපියා හසරක් නොහේ සැදී


සියපත් සේ සුසිදු නුඹ වෙත බැඳි පෙමිනේ
මා ලත් වියෝ දුක් කඳ උහුලමි ඉතිනේ
ආවත් නො ආවත් සුපුරුදු ලෙස තුටිනේ
කවදත් හද විමන නුඹටයි හිමි සදුනේ!


සී,එස් බණ්ඩාරනායක

3 comments:

wath said...

නුබ හැරදමා මා වෙනතක ගියා නොවේ
නුබගෙන් කිසිම වරදක් සිදු වුනා නොවේ
වරදින් බැඳුන මා ​සිරවිය ඈඟේ ලොවේ
නොහඩන් ලඳුනි මා දුගියෙකි ඔබේ ලොවේ

wath said...

අනේ අන්තිම පේළිය ගැලපෙන්නෙ නැහැ නෙ...

විහඟ ගීතය said...

මල වට බඹරු මල්වට කොට නැ‍ටුවාට
ගෙට එන බව දනිමි හති වැටෙනා දාට
හෙට ටත් නුඹ මගේ, අද හිමි නැතුවාට
වට කොට වැට බඳිමි යළි නුඹ ආ දාට