Wednesday 9 June 2010

කාලෝ අයංතේ




කාලෝ අයංතේ
සිනා සපිරි  මුව මඬලට එළිය ගෙනා
නුඹේ පෙරමඟට පාවඩ අතුරවනා
නැවුම් අරුනැල්ලකට ඉඩ සලසවනා
දිනක් වේද? හෙට අපගේමයි කියනා


බුදුන් දෙවියනුත් විකුනාගෙන බුදින
දෙමාපියන් වුව රුපියල් සත කරණ
දුවා දරුවනට අඩු ලංසුව තබන
මහා ධර්ම ද්වීපය මේ යැයි කියන


මහා නගර මැද වග වලසුන් පිරුණ
විසල් පුද බිමෙත් නැති විය හව්හරණ
ගෙයින් පිට වෙලා යළි ගෙදරට පැමින
නුඹේ හඬ ඇහෙන තුරු කොහෙදෝ නිවන.

6 comments:

Amila Chathuranga said...

සිතූ දේ ඇති පැතූ දේ ඇති ලොවක් කොහිදැ මා මිතුර..ඇත්නම් ඒ දෙව්ලොවම වෙයි...

විහඟ ගීතය said...

@indi
සිතූ දේ නොමවෙන
නොසිතූ දේම සිදුවෙන
මේ අපේ උරුමය (කරුමය)
කියා වෙන හැමදේම විඳවන

Anonymous said...

ධර්මද්වීපය කියන නාමය විතරයි අපිට අද ඉතුරු වෙලා තියෙන්නෙ.

දැලි පිහිය said...

කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් ....
අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් , සැබෑම සිහිනයක්!! ♫♪

විහඟ ගීතය said...

@ isimbuwa

බණ කිව යුතු ඈයෝ රට කරවනවාය
රට කරවන ඈයෝ වැදි බණ දෙශනාය
හදි විය යුතු සියලු දේ අඩු නැතිවාය
මදි නොකියන්න අපි තරගෙට කනවාය

විහඟ ගීතය said...

@ දැලි පිහිය

හැමදාමත්ම අපි පොට වරදවාගෙන
කවදාවත්ම නැහැ පාඩම් ඉගෙන ගෙන
හැම සිහිනයම සිහිනෙක නොරදවාගෙන
නැගිටිය යුතුයි ! දැන්වත් හිත හදාගෙන