Thursday 24 June 2010

ඉරිදා දහම් පාසල්




ඉරිදා දහම් පාසල්


හෙටින් අමාවක එළැබී  වසන තුරු
ගෙයින් පිටට  ඉරිදා යනව නම් බොරු
සුපින්වත් ළමෝ වෙමු දහමටම හුරු
ඉතින් ආයුබෝවන් සියලුම මිතුරු


කඩක් පිලක් මුල්ලක් හෝ අත නෑර
ඉඩක් ලදත් හමුවනු බොරු මේපාර
කුමක් හෝ කියා ගෙදරට වී සූර
පවක්  කරණු බැහ ඉරිදට මේ පාර


සතර අගතියෙන් මිදෙනට මග සොයන
නිතර දහමටම නැණ ඇස මෙහෙයවන
හතර පෝයටම  සිල් ගත්තා නොවන
විතර මුත් දහම් පාසැලටම ඇදෙන


මාර සෙනඟ අවි ඔසවා බැන වදින
වීරයින් වෙන්න ලාබෙට පැන නටන
සූරයිනි නිතර බොරදිය මත යැපෙන
කාරණාව නුඹලගෙ අතටම පැමින


ලියන්නට  පාර පිරෙනා තුරු යසට
යැපෙන්නට තවත් කලකට ලෙස නිවට
අඬන්නට  හිටපු නුඹලාගෙම ඇහට
අඬන්නට ඉතිං දැන් අනිනුයෙ කුමට


සිතුම් පැතුම් රටකට නිවහල් කරණු
උතුම් පරපුරක් මතුවට බිහි කරණු
පැතුම් මල් පිපෙන හෙට දවසෙදි තුරුණු
දහම් දිවයිනට මං පෙත එළි කරණු




4 comments:

Anonymous said...

දහම් දිවයිනයි පෙරදා නම් දරපු
උතුම් ගුණ දහම් කොයිබද එක් කරපු
පැතුම් මල් දිලෙයි සුදිලෙයි සිත් සදපු
දහම් දිවයිනක් නැවතත් අපි සදමු

විහඟ ගීතය said...

@ වත්

ඉල්ලුම මත ‍රැදන සැපයුම් තුලාවේ
පල්ලම නරක නැහ ටියුෂන් කලාවේ
අන්තිම ඇනය නොගසා දම් අමාවේ
දන්මම පටන් ගත්තොත් වාසනාවේ

ගල්මල්-Coral said...

දරුවන් ටියුෂන් ලබාගෙන
එනතුරු හිස්තැන් පුරෝගෙන
බැරි බර කර තියාගෙන
මව් පියවරු මග බලාගෙන

ඉන්නේ කිමද දන්නව රොත්ත
ඕඩු දුවපු තුවාලයකි ඇත්ත
පැලස්තර පලක් නොවේ සත්ත
අවැසි බෙහෙත කරපිය හැත්ත

ටියුෂන් බරකි කෙළි සෙල්ලම් පොඩි සිතට
නැණ බල බෙදයි නම් ජාතික පාසැල රස යසට
තැලෙන්නේ නැහැ නොවෙද මල් පොඩි පොත බරට
දහම් සිසිල පමණක් නොව අනේක කාලා රැකේවි රටට

විහඟ ගීතය said...

@ ගල්මල්- Coral

එදත් අදත් උගතුන් බිහිඋනෙන් නිති
වියත් සභා හෝ අඩුවක් නොවිය මති
කියත් ගිරා පෝතක දැනුමක් නොමැති
නමුත් මල්පිපේ සුවදත් ගුණත් ඇති