Monday 5 July 2010

තිරෙන් එහා.....


තිරෙන් එහා.....

නෙතක් හමුවෙලා කල් බලමින් නතුව
කොතෙක් කල්වුවද  එක සෙවනම  පැතුව
හදක් සනසමින් දෙහදම එකමුතුව
එතෙක් හිටපු ඈ  තුල  අද ඈ නැතිව


පින්නේ පිපුණු බිම්මල වාසනාවන්
දුන්නේ නැවුම් සුමිහිරි කල්පනාවන්
උන්නේ දිවා රෑ පෙම්බර සිනාවෙන්
දන්නේ කවුද කෝ දැන් ඒ සිනාවන්?


ගමනක, නැවතුමක ඉඟි, මන බැදීමෙන්
සෙවනක සුවය නිරතුරු හිත සැදීමෙන්
දිවියක උරුම පොදි බැන්දත් මනාවෙන්
පුදුමෙක මහත ඒ හැම යට ගියාවන්


සඳුත් තරුත් ඉල්ලුවේ නම් නැහ සත්තයි
හිරුත් ඇවිත් දුක සැප බැලුවා ඇත්තයි
පුවත් ත‍ටුත් දළුලා පුපුරා යත්දැයි
පිපෙත් තවත් මල්, දෙහදක් ගිනිගත්තයි


කලකදි වහ වැටීගෙන සිටියත් යාළු
ළඟකදි ඉදන් එ මලේ පැණි රහ නෑලු
විලකදි එකට එකමුතු වූවත් මාළු
විටකදි එවන් දසුනත් වැඩකට නෑලු


වැරෙන් විරීයෙන් වර පොට අදිමින්න
හිමින් සීරුවන් කාටත් නොදැනෙන්න
පියෙන් පිය සිරිත් කුල දම් රකිමින්න
තිරෙන් එහා රඟ කොයි කවුරුත් දන්න



11 comments:

Anonymous said...

වරද කොයිබ කොතනක සිදුවුනාද
ප්‍රේමය විවාහෙන් අවසන් වුනාද
මල් ද බඹරිදු ද සිත් රිදවුනාද
නොපෑ හෙන්න දෙන්නෙක් එක් වුනාද

------------------------------

ආසයි මමත් ති‍රෙන් එහා බලන්න
කාටත් නැතත් දුක හිත දුරු කරන්න
කවුරුත් මෙලෙස සිතුවොත් දිවි ගෙවන්න
තනිකඩ සංඟමය වෙයි ලොකු කරන්න

-----------------------------

සඳයි තරුයි දෙනවා කීවත් ඔන්න
මිනිස් හිතක් බැහැ එක ලෙස තියන්න
තේරුම් ගන්න ආලය නොම කරන්න
සෙනෙහස ගගේ වත් පා කර හරින්න

------------------------------

මා නම් නැතේ තිරයෙන් පිට රඟන්නේ
ආලය කරන මුත් මම නැහැ බඳින්නේ
මිනිසුන් නොබැඳ සිටියොත් ආලය රැකෙන්නේ
බැඳලා කුමට අපි සිත් මල බිඳින්නේ

විහඟ ගීතය said...

@ වත්,

හඬන්නට බැරුව හෝ හඬවනු බැරිව
කියන්නට ඇතත් මුව හකුලා ගොළුව
පනින්නට කලින් නොසිතා පැන බැළුව
ගිලෙන්නට නොයා වතුරෙම පොර බැදුව

සිහින් සිනා මල් වැස්සේ තෙමුනාට
සුපුන් මල් කැකුළ සුරතෙහි ‍රැඳුනාට
ගිමන් නිවාලන සිහිනය දු‍ටුවාට
හිතන්නේ නොමැති ඉම් අඩු නැහ ඊට

සුභ වාදී නොවී අසුභම ගෙනපෑව
අබ කෑ එකා වාගේ හිටියත් ගොලුව
පිඹ සක් නළා,හා වයමින් බෙර මැදිව
නුඹ අත ගන්න කෙනෙකුන් එයි යුහුසුලුව

ලංකා වන් ට පිළිතුරු said...

good blog, keep it up

lets answer those who tarnish Buddhism

බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න

http://lanka1-answers.blogspot.com/

මැණික්(සුළඟ) said...

පින්නේ පිපුණු බිම්මල වාසනාවන්
දුන්නේ නැවුම් සුමිහිරි කල්පනාවන්
ඉන්නේ තවම ඔබ ලඟ ඇය සිනාවෙන්
අමතක වුනත් ඒ හැම යට ගියාවන්

නාමල් උඩලමත්ත said...

මග බලා සිටිමි ගෙවුයන කොනට වෙලා
හම හමා ගියයි සුසුමන් සුළඟ වෙලා
ගල ගලා කඳළු දෙකොපොල් ඉවුරු තලා
වහ වහා එන්න මා දුක් ගඟෙහි නොලා

Jay said...

අපූරුයි..

විහඟ ගීතය said...

@ලංකා වන් ට පිළිතුරු

නිසි තැන නැගිට නිසි ලෙස පිළිතුරු බඳිමු
කිසිවෙකුටවත් නොඉබියව ඉදිරියටයමු
දෙස බස ‍රැසට කළයුතු මෙහෙවර කරමු
සිහලුන් වෙස් ගත්ත හිවලුන් හඳුනගමු

විහඟ ගීතය said...

@මැණික්(සුළඟ)

සැනසිල්ලක් ම වූ කලකදි දෙදෙනාගේ
ළතැවිල්ලක් වුනොත් නම් වරදද කාගේ
පිළිසරණක් නොවේ නොමැතිව සහයෝගේ
හෙවනැල්ලත් ඇදලු පෑහෙන්නැති දීගේ

විහඟ ගීතය said...

@නාමල් උඩලමත්ත

ඉහවහා ගියපු සතුටට තුරුළු වෙලා
මම වහා ආපු ගිය හැටි ඔකද වෙලා
හිත හිතා ඉන්න සැමරුම් එකතුවෙලා
හිතවතා මමද තවමත් කියනු බලා

විහඟ ගීතය said...

@ Ansh Lucky Sri Jay

ඇවිත් අසා යන්නට විහඟ ගීතය
තවත් කෙනෙක් එක් වීමමද ප්‍රීතිය
කොතෙක් කල්ද මේ හිත මිතුරු නෑසිය
අයෙත් ඇවිත් යයි නම් මටයි වාසිය

Anonymous said...

A good marriage is made of equal respect
And the ability to communicate
You have to be able to talk to each other
You have to be able to relate

You have to show each other every day
How much in love you are
It takes two people to make it work
Together, not from afar

Some say you don't have to work on a marriage
Marriages work out on their own
Those are the people who live in denial
And usually end up alone

And don't forget we all have our faults
stay strong and feed off each others strength

Dammi