Sunday, 18 July 2010

නොරත රත

නොරත රත


සිඳ බිඳ දුක් තැවුල් අත නෑරිය කතර
විඳ විඳ දුකම වූවත් සතුටින් නිතර 
හද බැඳ ගත් පැතුම මල් පූදිනු අතැර
ඉඳ ඉඳ එක වෙහෙර නුඹ නොවිනුද එතෙර


යන්තම් සිනාවට බැඳි පෙම කවුරු දනී
රන්දම් හුයත් නැති බැරිදා සින්න උනී
යන්තම් ත‍ටු ලබා ඉගිලෙන සවිය දුනී
මං නම් ඉතිං හැමදාමත් එලෙස මෙනී


තැවුල් සිත් සතන් හැමදා පෑර විනී
අවුල් වුනේ සිත, ඒ වියවුල්ම දනී
නොකෙරෙන වෙදකමට නොලැබෙන බෙහෙත වැනී
නාහෙන් ඇඬූවත් කිසිදා සුව නොවුනී


යාදෙක නොරත රත පෑහෙනු නැතිවාය
හීනෙක හැමදාම කිමිදෙනු  හරිනෑය
දීගෙක ගිය නමුත් හෙවනැලි ඇදවීය
ප්‍රේමෙක මහත! පෙම්ගඟ  සිඳ බිඳිලාය


ගියත් ගිය නුවණ ආපසු ඇදිය හැකි
එයත් කළ නොහැක නැණ ගුණයෙන් වියැකි
කලත් මෝඩකම් හැදිමිටටත් බරකි
තවත් පමා නැහ ආපහු හැරියහැකි


දුකයි හිතට,එය ඇත්තයි හැමදාමත්
බරයි දෙනෙත්, නැහැ  හැඩුවේ කවදාවත්
පෙමයි, කුලගෙයයි පෙරළා බිම දෑවත්
ඉදියි මම මෙහෙම, නුඹ මෙහෙ...යළි  නාවත්
.

8 comments:

wath said...

සිතූ පැතූ සම්පත් දෙන කප්රුකද
දවසක ඇද වැටෙයි රහසක් නොවෙ මිතුර
ආලෝකය මදි වුනත් ඉන්නා තැන නිතර
දල්වනු පහන අදුරින් වෙන්නේ අවැඩ

ආලය ආදරය සෙනෙහස ලබන්න
කාලය අරන් හරි මඟ පියමනින්න
ඉර හඳ අරන් රතයට නොම යොදන්න
ගැලපෙන යුගල බැහැ නෙව ලොව හොයන්න

සිත හදුනන සිත හැරදා නොයන්න
ගත සිත නිතර එක තැන බව සිතන්න
දවසක් ඒවි ඉර සදු මුණ ගැසෙන්න
එතකම් ටිකක් ඉවසාගෙන සිටින්න

Shadow/හේමලයා said...

අසුන්දර යථාර්තය........:(

malithi said...

සෙනෙහස වුවත් ගලනා සුන්දර ගඟකි
මොහොතින් මොහොත නොසිතු සේ වෙනස් වේවි
හෙට වන දෙයක් දැකුමට අප හට නොහැකි
ඉතින් සිතට සැනසුම පමණක් පතමි

SRI MANJULA said...

සිත් දෙක නොසීහෙන දෙසිතක් එක් වේද
නෙත් දෙක එකම දසුනක් වෙත රැඳවේද
අත් දෙක බැඳන් හිටියත් ගත එක්වේද
යාදෙක නොරත රත කෙලෙසින් පෑහේද????

විහඟ ගීතය said...

@ වත්
ඒදන්ඩේ මට තනියම යන්න බැරි
නුඹගේ හිතට දුක මේ ලෙස දෙන්න බැරි
හැමදා හීනෙකම එල්ලී ඉන්න බැරි
නුඹ සිහිවුනත් කැන්දාගෙන යන්න බැරි

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා
ඇත්ත හොදයි අමිහිරි මුත් අහගන්න
පැත්ත ගියත් විඳවන්නේ නැහ ඔන්න
අත්ත බිඳුන දා පය බුරුලට ගන්න
සත්තකින්ම දුක සතුටින් විඳගන්න

විහඟ ගීතය said...

@Malithi
සෙනෙහස මතු නොවේ ගැහැණියකම ගඟකි
ආදරයේ ඉවුරු ඇය නිරතුරුව රකී
උතුරා දෙගොඩ තැලුවත් ‍රැකවල් නො‍රැකී
සයුරක පහස නොලබා ඉන්නට නොහැකි

විහඟ ගීතය said...

@ SRI MANJULA
යාදෙක නොරත රත වී හිතද පෑරෙත
පෑහිත බිදී නෙත් සිත් සසල වීයත
ලෝහිත, කඳුළු වගුරා පලක් නැහ මිත
ලාකඩ එකක් රත්වී අනෙක පෑහෙත