Friday, 13 August 2010

මතක සුවඳ




හාන්කවිසියක් නුඹ ගැන නොදැනීම
වහන් විය මතක නුඹටද මට මෙන්ම
කාන්සියට කියු ගී සීපද සේම
හීන් හිනාහඬ මට ඇහෙනවා තාම


වාන් ඇළ දෙගොඩ තැළුවා සේ උතුරා
පහන් සිත් පිපුණි සෝ ළතැවුල් නොපුරා
රුවින් නුඹෙ, මහද පිරි තිබුනත් සපුරා
එවන් දිනක් එද! යළි දිවි තිබෙන තුරා


පුන්සඳ නැගී නුඹේ වත සිහියට නංවා
බැන්නැග්ගම උඩින් ඉද හිට හිනැහෙනවා
පින් මදි අතීතයේ සිතුවිළි තනි කරවා
පුන්සඳ ලෙසම නුඹ සැඟවිනි මා හඬවා


මනකල් රුව වගේ සිත රුව නැති වීද
හැමකල්  ලඟ ඉන්න නොහැකියි හිතුනාද
මුතුලැල් කඳුළු කැට සීතල වැඩි නේද
නොකැලැල් සෙනෙහස අරුමය සිහිවේද?...

8 comments:

Shadow/හේමලයා said...

මතකය......

wath said...

ලැබීම නොලැබීමම වී ලැබුන විට
කොතෙක් හැඩූවත් පල නැහැ කිසිම විට
මතකය අමතක කරන්නට බැරි සෑම විට
මතකයෙ ගිලී දුක් වන්නේ ඇයිද නුඹ

ඉලංදාරියා said...

ලසනම ලස්සනයි කියන්න් අවචන නෑ....

ජය ඔබට..

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා
කවදාවත්ම සැමරුම් තුල තනිතනිව
නොහඬන හදවතක් වේ නම් කිව මැනව
යාවුන සොඳුරු මතකය කලකදි පැතුව
ගෑවුන සුවඳ ඇත තවමත් හිත සතුව

විහඟ ගීතය said...

@ වත්

කාලයෙ වැලිතලා මත වැළලුනු මියුරු
ප්‍රේමයේ මතකයන් නොම වේ රුදුරු
ගීතයේ බැඳුනු මුල් තනුවෙහි මහරු
තාලයේ තවම මම සිහිනෙක නුහුරු

විහඟ ගීතය said...

@ ඉලංදාරියා

බැඳුනයි ප්‍රේමයෙන් දෙසිතක මිහිරේ මවා
පිඳුනයි සෙනෙහසක අරුමය උදය හවා
නොදැනෙයි, තවම ඈගිය වග මාව දවා
සුවඳයි ඒ දෙසින් හමනා සුළඟ පවා

මැණික්(සුළඟ) said...

සිත රුව ගුණ සුවඳ ඔබ නුදු‍ටුව හින්දා
හැමකල් ඉන්න බැරි බව මට සිතුනි සදා
මුතුලැල් කඳුළු කැට දෝතින් ගෙන පිසදා
සමුදෙමි ඉතින් බුදු සරණයි ඔබට සදා
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)
තතුදත් අපිට නවතා ගත නොහෙනු හබේ
පිළිවෙත් ඉවත ලන්නට සිදුවිනිය ඉබේ
කවදත් සෙනෙහෙ ගඟ නුඹ වෙනුවෙන්ම තිබේ
තවමත් සුළඟ ගෙන එන්නේ සුවඳ නුඹේ