Sunday 15 August 2010

වෙනත් කවුද ඔබ මෙන් දිරි දෙනු නිබඳ..... පනස් වැනි බ්ලොග් සටහන




විසිරුනු සිතැඟි එක්තැන් කොට බැඳ තබන
සැඟවුනු සිනාවක නිමි මතකය ‍රැගෙන
බොඳවුනු සිතුවමක, නෙතු කඳුළක් දකින
ගතවුනු මාස හතරක දුර, ආ ගමන


ලියවුන යමක් වෙයි නම් කියවා බලන
යන එන ගමන් ගුණ දොස් එහෙමත් ලියන
හමුවෙන නමුත් කිසිදා දැක නැති බැවින
සටහන ඔබට වේ නිති මට දිරි දෙවන


කවදත් සොඳුරු මානෙක නිම් හිම් දන්න
ඔබවිත් සවිය දුනි කවි මඟ ඉගිලෙන්න
නැවතත් ඉඩක් ලද විට මේ දෙස එන්න
අයෙමත් විහඟ කවි, ගී අහලා යන්න......

21 comments:

malithi said...

තවත් සුවහසක් දේ ලියන්නට නිති දිරිය පතනෙමි !!

Shadow/හේමලයා said...

තවත් බොහෝ අරුත්බර කවි පද වලට පණ පොවන්නට අවැසි සවිය හා දිරිය ලැබේවා යැයි පතමි....ස්තුතියි මේ රස පදවැලවලට......

චේජනා said...

බොහෝ දිගු වියුණු සටහනකට...
ජය

Anonymous said...

විහඟුන් ගයන ගීයක ඇති රස මිහිර
හඳුනා ගතිමි මෙහි ආ දින සිට සබඳ

හදවත දුක දරා අප වෙනුවෙන් ගයන
නුඹ වැනි අයවලුන් හිඟ වෙයි ලොව නිබඳ

50ක් නොවේ තව තව ගී ගයන්න
මගෙ ආයුෂත් අරගෙන නුඹ සිටින්න
හදවත අදුරනා අය මුණ ගැසෙන්න
පින් කළ නිසා ආවෙමි මුණ ගැසෙන්න

අත දිග දුර නොවෙයි අපි සැම සිටින්නේ
එනමුදු අපේ හදවත් මුණ ගැහෙන්නේ
රස බර ගීත කවදත් නුඹ ගයන්නේ
කවදද නුඹේ කවි පොත පළ කරන්නේ

ගයනා ගීත මෙන් දිවියත් සරු වේවා
ලියනා පදය මෙන් තාලය ගැලපේවා
අද මෙන් හෙටත් ගීයක රස ඉපදේවා
සැම දින සුබයි නුඹටම ජය ගෙන ඒවා

Unknown said...

ජයවේවා.. ඉදිරියටම යමු!

වැප් said...

ජය ජය ජය හේ ..........

ඉලංදාරියා said...

හදවතින්ම සුබ පැතුම....දිගුගමනකට.....ජය හා සතුට...

Abeetha Edirisinghe said...

ඉඩක් වී නම් හැම වෙලාවෙම අපිත් මෙහි ගොඩ වී ගියා...
තවත් ලද ඉඩකඩක් වී නම් කොමෙන්ටුවකුත් දා ගියා...
මාතලෙන් ජාලයට එක්වන විහග ගීතයෙ හිතවතා...
මේක ලියුවේ ජය, සතුට, යස, ඉසුරු, සුව, කිතුගොස පතා...

෴ හසියා ෴ said...

තව තව ලියන්න
අපි ඉන්නවා කියවන්න
දිගු ගමනක් යන්න
පතනවා සුභාසිරි මුළු හදවතින්ම.‍...

sansarasidu said...

අර්ධ ශතකයට මුළු හිතින්ම සුබ පතන ගමන් නොදැවි දිගු ගමනක් යන්නට ආසිරි ගෙනෙමි...

Sagara said...

හදවත සැලෙන රාවය ඔබ ලියන්නේ
විරහව ආදරය කැටිකොට පද ගොතන්නේ
දිවියට අරුත්බර සවියක් දෙවන්නේ
විහඟෙකු ලෙසයි ඔබ කාලය ගත කරන්නේ

තවත් රසවත් පද ඇමිණීමට ශක්තිය දහිරිය ලැබේවා.

යෝගී... said...

ඇවිදින් ගියත් ඉඩ හසුවෙන දවාලට
නුඹ නිමවනා කවි වියුමේ විලාසෙට
දහසක් කියෙව්වත් මදි මේ පිපාසෙට
නෑවිත් කෝම පුළු පුළුවන් වෙලාවට

තවත් සහසක් කවි ගොතන්නට සිතුවිලි නැ‍ඟේවා!...

Anonymous said...

දිගු ගමනක් යන්න සුබ පතනව


අනේ සමාවෙන්න ඕන,කවියක් නම් ලියවෙන්නෙම නෑ නොවැ :(

චමිදේවා said...

තව තවත් අපිත් එක්ක නිර්මාණ බෙදාගන්න ඔය හිතට කවි සිතුවිලි පහල වෙන්න කියලා පතනවා...

මැණික්(සුළඟ) said...

විහඟ තුඩින් ගැයෙනා කවි රස මියුරු
නිතොර මමත් වින්දෙමි සැක නැහැ මිතුරු
ඉතිරි මගත් යන්නට මග හැර සතුරු
කිසිදු දොසක් නොම වේවා මගෙ මිතුරු
මැණික්(සුළඟ)

priyantha said...

විහග ගීතයක් වී සැමදා එන්න
අප සැම දෙසවන් නිති සනසන්න
සිය දහසක් කව් ගී ලියවෙන්න
ආසිරි මල් මිටක් මාගෙන් පිළිගන්න

දිනක් ප්‍රමාද වී පැමිණ සුභ පතන්න වීම ගැන අහිතක් ඇති නොවේ යැයි සිතමි.

මාරයාගේ හෝරාව said...

විහග තුඩක නංවා රැවු දී නිතර..
ඔබ කී කවි කතා ඇසුවෙමු මා සොයුර..
ගයනට හෙටත් අද මෙන් දී රස මිහිර..
පතනෙමි සුභ ගමන් යන්නට නොව නතර..

Anonymous said...

තව තවත් ලියන්න දිරිය ලැබේවායි පතමි.

ප්‍රියංගි

Anonymous said...

බුදු සරනයි!

ධම්මි

තිස්ස දොඩන්ගොඩ said...

හිතවත...
නැගුනු සතුටු රල මිරිඟු සයුර මෙනි අතීතයේ...
තවත් රසාලිප්ත කව් ගොතන්නට, සිත් නිවන්නට ශක්තිය ලැබේවා....

විහඟ ගීතය said...

වෙනත් කවුද ඔබ මෙන් දිරි දෙන නිබඳ....

@ malithi
@ Shadow/හේමලයා
@ චේජනා
@ වත්
@ වැම්පයර්
@ වැප්
@ ඉලංදාරියා
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
@ හසියා
@ sansarasidu
@ Sagara
@ යෝගී
@ Hasitha ජයසූරිය
@ චමිදේවා
@ මැණික්(සුළඟ)
@ priyantha.ඒබී
@ මාරයාගේ හෝරාව
@ ප්‍රියංගී
@ ධම්මි
@ තිස්ස දොඩන්ගොඩ



කඩ ඉම් පසු කරන් යන ගමනෙදි දිවියේ
ඉඩ කඩ ලදින් නිම් හිම් සොයනා කවියේ
වැඩ කටයුතු අතර සිරවී කඩිමුඩියේ
හැඩ බලනා සහෘදනි කවි තනි තනියේ

ගතවුන මාස හතරක කල හැරෙමි බලා
සුපිපුන ඔබ සැමගේ සිතිවිළි අකුරු වෙලා
පබැඳුන කවිය නව මඟකට එකතුවෙලා
සටහන බොහෝ දේ මා ලඟ ඉතිරි කලා

පදරුත් අසිරිමත් බොහො දේ ගැන දන්න
පැමිනෙත් ලියායත් සිය අදහස් ගොන්න
සියපත් සිනාගත් ලෙස හිත් පිබි‍ඳෙන්න
අයෙමත් ඇවිත් සටහන් තබලා යන්න