Friday 17 September 2010

මලක.. මෙලෙක.


සිනිඳු පෙතිද විඳහලා
දිනිදු විලස සලකලා
සුමුඳු යහන හැඩකලා
පුබුදු හදට ලංවෙලා


කුමුඳු පිපෙන යාමයේ
පිබිදුන මල් හීනයේ
ඔකඳ වෙමින් ගීගැයේ
සුවඳ තවත් පාව යේ


නොඉඳුල් පෙම යාවුනා
නිකළැල් හදටම මනා
හස‍රැළ්ලක සුව ගෙනා
මුතුළැල් හස වාසනා


නො‍රැදී පෙම් සිහිනයේ
ගෙවදී රෑ යාමයේ
සුව දී සිත් රාගයේ
සමුදීමක් නෑ අයේ


උතුම් ගුණෙනි පෑහුන
සිතුම් පැතුම් ඈඳුන
දැකුම් පිළිවෙලෙහි මන
විඳිම් සෙනෙහසෙහි පින


ඉඩෝරයක් වී නැහී
මහෝගයක් වූ වැහී
විරාමයක් දී එහී
විරාගයක් නෑ මෙහී


පරම පිවිතුරුවු පෙමින්
ලොවම හැඳිනගත් බැවින්
පෙරුම පාරමී පුරන්
උරුම වෙන තුරා බලන්


කරුණු කාරණා නොවින්
හැරුණු විගස මෙහෙ ‍රැදෙන්
පිරුණු සෙනෙහසක බැමින්
සරණු හුදකලා සිතින්

3 comments:

Anonymous said...

විරාමයක හමුවුන
දෙසිතම එක් තැන් වුන
විලාශයම අරුමය
හදවත නෑ සෝදුක

ඉඩෝරයට වැසි ගෙනා
පිපාසයට දිය ගෙනා
හදවතකට පණ පොවා
සිතට ගතක් ලං වුනා

විහඟ ගීතය said...

@ Anonymous
මහෝඝයක් වීමෙන
ඉඩෝරයට නෑ තැන
පිපාසයට දිය දෝතත්
වටී පිපාසිතකට

Unknown said...

උරුම වෙලා නුබෙ නමින්
තවත් මලක් වේ ලගින්
ලොවට වහන් වූ බැවින්
තලා දමනු මැන රිසින්