Tuesday 12 October 2010

අළුත් ජනකවි. 6 ඉදිකඩ වැලිකඩෙත් ලෙහෙසියි ඇරගන්න


අළුත් ජනකවි 5 මෙතනින් කියවන්න


ඉර වරවර ඉර වරවර වලල්ලා
හඳ වරවර හඳ වරවර වලල්ලා
පෑදී දියට බොර දිය එක් නොවෙල්ලා
ජේවීපෙයට මොළයක් ගෙන දියල්ලා...


සාර සියක් සතුරන්  ඔද බිඳ හෙලපු
වීර පුරුෂයෙක් මුලු ලනුවම ගිලපු
නෑර දුක, එගොඩ වෙන මඟකට පැනපු
සූරයා ඇතුලේ, හරකුන් හා ලැගපු


වීර විකුම් පෑවත් දුර නොදු‍ටු බැවින්
මාර සෙනඟකට ‍රැවටී කරපු පවින්
බේර ගන්න තවමත් ඉඩ තිබෙන හෙයින්
පාර හොයව්! නවතව්! මඟ, නැහෙන විහින්


කෑ කෝ ගසන එක, පිකටිං කරණ එක
ගිලිහෙන කොඩි ඇරන් පෙරහැර කරණ එක
යුග යුග ගනන් සිට නිරතුරු පුරුදු දැක
රණ විරුවෙකු ඇතුලේ හිරවෙන එකයි දුක


යුද්දෙදි නිකමෙකුට පාවාදී කිපුනු
සද්දය සමඟ ඔච්චම් කරමින් ‍රැඳුනු
ඔක්කොම වීරයොයි, එක විරුවෙකි මැඬෙනු
සජ්ජායනාවක පැටලී ඇති ලකුණු


බස්සෙක් ලකුණු ගයි, ගෙයි ක ගිණි ගොන්න
පිස්සෙක් අඬගසයි හිරගේ බිඳලන්න
නිස්සෙක් නොමැති කල හරි මඟ පෙන්වන්න
එස් එෆ්  හැමෝගේම කට ගැස්මකි ඔන්න


තිහකටත් එහා උම්බෑ ‍රැළ දිලිනු
පහකටත් මෙහා නුඹේ දිනුමෙහි ලකුණු
වියගහක් ඇරන් හරි දෙන්නව බඳිනු
පිය බසක් ලෙසින්, හා!! ජක්...! මක්...! කියනු


රුදු ගුණ අයහපත්, යුතුකම් දැනගන්න
මුදු ගති නිතර හොදමයි හිත් ඇරගන්න
සුදු කොඩි කතාවට නව අරුතක් දෙන්න
ඉදිකඩ වැලිකඩෙත් ලෙහෙසියි ඇරගන්න....





12 comments:

Anonymous said...

සුදු කොඩි කතාවක් ඇදගෙන දගලන්නේ
සුදු රෙදි අදින මහතුයි බොරු පවසන්නේ
සුදු හිත් කොහිද කොහෙවත් නැහැ හමුවන්නේ
කළු සුදු රටට කවදද පාටක් එන්නේ....

෴ විහඟ දේශපාලනය ගැන ලංකාවේ නැතිවත් හරියටම ලියන එක තමයි පුදුම වැඩේ... නරකද දේශපාලනයට බැස්සොත්... විපක්ෂෙන් ..෴

විහඟ ගීතය said...

@ වත්

යුද්ධය දිනා රජ ගෙදරට එන කලට
අඟු පිල් වල ලඟින්නට විය පෙර පවට
යන මඟ, නොයන මඟ දෙක පැටළුන කලට
අරඹමු සටන , මහජනයා මහ මඟට.

පළමුව යටත් කරගන්නට මාන බලා
එය වැරදුනොත් මිලදී ගයි ගාන බලා
සිය සට කපට කම් මඟ හැරියොතින් හලා
අනිතිම තුරුම්පුව, උළුගෙට ගාල් කලා

෴ හසියා ෴ said...

කොහෙමත් සිංහල ජාතිය මොඩයි නේ...මැරෙනකම් ඡන්ද කාලෙට කඩේ යනවා.හොරු ටික ඔක්කොම දියවන්නාවට පැනගන්නවා.අපේ මෝඩ හරක් ඉතං ඉස්සෙල්ල වුනදේවල් අමතක කරලා ආයේ ඡන්ද කාලෙට පුරුදු එකාටම කඩේ ගිහින් හොරෙක්ව දියවන්නාවට යවනවා.මෙච්චර කල් වුනේ ඕකනේ.
ආණුඩුවත් එකයි විපක්සෙත් එකයි ඔක්කොම එකයි.කාටවත් රට හදන්න උවමනාවක් නෑ.බොරුවට මිඩියාස් වලට පේන්න ගිරිය පුප්පන් කෑගහනවා.
එස් එෆ් වෙනුවෙන් කීයෙන් කීදෙනාද බොක්කෙන් කෑ ගහන්නේ?කතාකරන්නේ? එකෙක්වත් නෑ.ආණුඩුවකරපු ඔය වැඩේ දැන් විපක්ෂය බලයේ ඉදලා කරානම්...අද කෑ ගහන්නේ දැන් ආණුඩුවේ ඉන්න උන්මයි ඒ කරපුදේ වැරදියි කියලා...මොකටද මේ...?ආදරේටද? කැක්කුමටද? නෑ බලයට තියෙන ආශාවට.....
මොනදේ වුනත් අන්තිමට තැලෙන්නේ පොඩි අහිංසක මිනිහා.
(ඕකනේ මම මට ඡන්දය තිබ්බ දෙපාරම කටු ගෑවේ....තේරුමක් නෑ....)

Unknown said...

අනේ මන්දා මම නම් හරියට ඔය ගැන කියන්න දන්නේ නැහැ.මම තාම ඡන්දෙවත් දාලා නැති පොඩි එකෙක්නේ.ඒත් මාලුවා නහින්නෙත් කට නිසානේ

Abeetha Edirisinghe said...

http://tikakhinawenna.blogspot.com/2010/10/blog-post.html

http://tikakhinawenna.blogspot.com/2010/05/blog-post_31.html

රෙහාන් said...

ඇත්ත ඇති සැටියෙන් :)

විහඟ ගීතය said...

@ ෴ හසියා ෴

සෙවනේ හදාගෙන පෙන්ෂන් නොයවාම
කළණේ ලෙසින් එක පත හිඳ වළදාම
සුගුණේ මීට වැඩිවිය යුතු හින්දාම
දැනුනේ දැන්ද? බත් දුන් අත හැපුවාම

ගොඩක් ලගින් හිද භාෂනය පාසෙනේ
ඔඩොක්කුවේ ලගින පින පවා පෑදුනේ
කුමක් කරත් කීවත් පලක් නැහැදුනේ
ටිකක් වත් කෙළෙහි ගුණ, කොහිද සැඟවුනේ

අමතක වීම නොව ගුණ මකු කුහක නියා
විරසක වුවත් කළ හොදකම් හිතෙහි තියා
කිවහැකි කතාමද කීවේ දෙකොන අයා
කරුමෙක මහත වැලිකඩ සින්නේටම ගියා

විහඟ ගීතය said...

@ පුබුදුවා

බන්දා ජය කොඩිය වික්මැති සෙනවි හට
කැන්දා වියන්, පාවඩ අතුරමින් ගෙට
රන්දා ගත නොවින පූරුවෙ කළ පවට
නින්දා අපහාස ගැන කියනුයේ කුමට

විහඟ ගීතය said...

@ අභීත

මටත් කලින් එස් එෆ් ගැන ලියමින්නේ
නුඹත් දුක්වුනා වග මම මයි දන්නේ
ඇවිත් දුක කියනු මිස මොනවද දෙන්නේ
ඇබිත්තියොයි කුඩු කෑ හැටි ගැන දන්නේ

විහඟ ගීතය said...

@ රෙහාන්

උතුම් අරමුනෙන් රට මුදවා ගන්න
සටන් මෙහෙයවපු හැටි කදිමයි දන්න
කටින් බතල හි‍ටුවා ගිනි ගෙන දුන්න
ඉතින් අපි කොහොම මැඩලන්නද ගින්න

දුකා said...

කවුරු මොනා කිව්වත් මගේ නම් හැඟීම මේක ලනු කෑමක් නිසා වූනු දෙයක් නෙමේ පවතින ආන්ඩුවට එරෙහි වුනු එකේ වාඩුව ගැනිල්ලක් කියලා . . .අපේ මාධ්‍ය විසින් මවපු (අපි ඔලුව උඩ තියාගෙන විස්වාස කරන ) මායාවක් නෙමේද මේ ලනු කාපු කතාව. . . ? ඔබ තුමා වගේ උගතුන්ටත් පේන්නේ ඒ විදිහටම නම් අනිත් අවශෝෂ ජහමනය ගැන කවර කතාද . . ?

Anonymous said...

කවි පොත පිරිල ද?
වැඩ ගොඩ ගැහිලද ?
නැතිනම් හිත නුඹෙ
දුකකින් බරවද?

ඇය එයි විගහින් පියඹෘ නුඹ වෙත
එතකම් හිමිහිට කවි පොත ලියමු ද?