Thursday 7 October 2010

බිඳුනූ සීතල සිහින





වසන්තය ගෙවුනූ
ගිම්හානෙයේ ‍රැඳුනූ
මතක දිග හැරුණූ
සිතක සීතල සිහින බිඳුනූ


වියෝ ළතැවුල්ලෙන්
ගියෝ ගැන විමසිල්ලෙන්
පියා සිතුවිල්ලෙන්
නියාමය කඳුළකට ඇල්මෙන්


සරණා කැළ සියොත්
පුරණා පෙමක සැනසෙත්
කරුණා දයා තෙත්
උතුරනා නුඹ අද කොහේ වෙත්


විපිළිසර වූවත්
ගැයෙන ගී නො ඇසූවත්
සිහිනයක දී වත්
ඇවිත් හමුවී යතොත් යහපත්
.

7 comments:

Shadow/හේමලයා said...

හීන......
කොයි කවදත් හැබැ නොවෙන.......
මොනව වුනත් අතැර නොයන
හීන......

Anonymous said...

මේ සිහිනෙන් අවදි වන්න
ලග ඇති දේ දෙස බලන්න
ගල් කැටය‍ට රැවටීලා එපා මැණික් විසි කරන්න

නිතර දකින නිතර සිතන හීනෙම ඇස් රවටනවා
හීනෙට එපිටින් නුඹගේ ලොව කඳුළැලි පවසනවා

ළඟ ඉන්නා දුක බලනා
අය අමතක වී යනවා
සිහින ඉතින් එහෙම තමයි
දවසක බොද වී යනවා

෴ සිහිනයේ නොරැදෙන්න.සත්‍ය ප්‍රබන්ධයට වඩා ලස්සනයි ෴

රවා said...

විහඟය ලොවේ සැප දුක දෙක නිති පවති.
බිදෙන සිහින තුල නොගීලි ගලා යති.
ගැලපෙනෙ නොගැලපෙන දේ යැයි සිත සිත රැවටී.
ගින්දර එපා හදකට දුක් කදුලු පිරි.

සරල බව, චාම් බව , තමයි උතුන්ම. මම නම් සිහින දකින එක අතහැරියා. මොකද මම සිහින සැබැ කරගන්න උත්සහා කරන හැම තැනකදිම තවත් කෙනෙක්ගෙ හිනයක් බිඳෙන හින්දා...

විහඟය කාලෙකින් මෙ පැත්තෙ ආවෙ... මාස 4 කින් විතර

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

දිනකදි හැබෑ වෙන
තව දිනෙකදි බි‍ඳෙන
එනමුත් සිත් බැඳුන
සිහිනයම නිති දකින සිහිනෙම

විහඟ ගීතය said...

@වත්

සිහිනයෙන් මුදවා
දෑස් එළි සදවා
උපැස් යුඟ ගලවා
ලොවක තතු පහදවා සොඳවා

සීතල සිහිනයක
නො‍රැදී පියවි දිවියක
දෑස් ඇර අරුමෙක
නුඹත් ඒ සිහිනයම දැක දැක

විහඟ ගීතය said...

@රවා

කලකින් හෝ ඇවිත් යන හිතවත පිරුණු
කවකින් කිවිය යුතුදේ කියවනු නොහෙනු
හිතකින් සබැඳි, හීනෙන් එපිටට ඇදුනු
සුපසන් වුවත් සෙනෙහස බැහ අත් විඳිනු

Unknown said...

ගැයෙනා ගී ඇසෙන්නයි
සිහිනය සැබෑ වෙන්නයි
බිදුනු සිත් ‍රැකෙන්නයි
ඇවිත් ඈ විත් මුනගැසෙන්නයි