Monday 11 October 2010

සඳ සැඟව ගිය සද....




සීත සඳට හාදවී
සීතලේම ගුලි ගැහී
ඈත අහස දෙස බලා
සඳ පායන තුරු හිදී


කලා සොලොස පුරමිනේ
කොහේද සඳ හිනැහුනේ
අමාවකට බැඳිසෙනේ
සඳේ අවර පස පෙනේ


තරු නෙතකින් මඟ කියා
සිකුරු තරුව හිනැහුනා
වළා පෙලක සැඟවිලා
ඇයිද? කැළුම් සඟවලා


තරුත් පිපී හිනැහුනා
හිරුත් ඊට දී සිනා
වරුත් ගෙවී මම තනියම
අරුත් පසිදමිය මනා.


10 comments:

Unknown said...

බොහොම අගෙයි,දිගටම ලියමු

ගල්මල්-Coral said...

අපූරුයි පදපෙල, ගොඩාක් රසවින්ඳා.
කවි පේලිය පන්හිඳත් අරන්ගියා වගේ; අතරමං, ඇත්තයි.

Anonymous said...

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

Anonymous said...

හිරු එළියයි සඳ කිරණයි
පෑයු නුඹ විජිතයේ
අහසේ කොණක තනි තරුවට
ඇයිදෝ නුඹ පෙම් කළේ

නුඹේ සීත හදමඩලට
උණුසුම දීමට නිතී
කවුරුත් නැති අමාවකට
පැමිණ යන්නෙමී ඉතින්

priyantha said...

ආවත් නිතර මෙහි කවි අසන්නට...
අමතක උනා යැයි නොම සිතන්නට..
කියවා බලා කොමෙන්ටුව දමන්නට..
සැනසුම තිබුනේ නෑ නොව මගෙ සිතට...

විහඟ ගීතය said...

@ පුබුදුවා

පිබිදුනි හිතත් අලුතින් මෙහි ආවාම
සතුටිනි ලියූ දේවල් කියවූවාම
ඉඩ ඇති වෙලාවක ආයෙමත් ලඟදීම
ආවොත් කියවන්න දේවල් ඇත බෝම

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

සඳටත් හොරෙන් සඳ කැල්මක සිසිල ඇරන්
පිබිදෙත් නම් සිතක සෙනෙහස තුරුළු කරන්
නිරුදක කතර ඔබ මෙන් මම හරින ගිමන්
සඳවත් නොමැති කල දුක් ගී කාට කියන්

විහඟ ගීතය said...

@ Anonymous

නොමිලේ විහිළු හැමදාමත් හැමතැනම
විස්මිත සත්‍යය යයි අත විඳිනුව්යේ තාම
ස්තුති කරමි ඇරයුම සතුටින් බෝම
මට නැහ ෆේස් බුක් ගිණුමක් නම් තාම

විහඟ ගීතය said...

@ වත්

හිරුත් තරුත් එළිය
ගෙනෙයි...
සඳ සිසිළක අඩුව
දැනෙයි
ඈත ඉදන් හෝ
නිරතුරු
පාන සිනා හිතට
දැනෙයි

විහඟ ගීතය said...

@ priyantha.ඒබී
දු‍ටුවෙමි ගෙවුන දිනවල අවුලක බැඳුනූ
ඉ‍ටු නොවුනා කියා ඇයි මොකටද හඬනූ
පි‍ටු දැකුමට දෙයක් හෝ පිළිගනු නොහෙනු
සි‍ටු කුමරියක් හමුවෙයි හිත ‍රැඳි කුළුනු