Saturday 30 October 2010

අළුයම හීනයේ ඇහැ පියවෙන්නේය....



රුව ඇඳි සිහිනයේ පැටලී අකුරු සරින්
කිම මංමුලා වූවේ අපි ළදරු වෙසින්
දිව ගිය කාලයම නපුරට එකතු වෙමින්
මම මහ ලොකු වරදක් කර ඇතිය නොමින්


වතු සුදු මලෙක මුඳු බව හදවතෙහි තියා
මතුයම් දිනෙක විඳිනට හැකි වෙතිය කියා
සිතුවෙමි, සියළු බැඳි බැමි අමතකව ගියා
රතුවුන ඇහැක කඳුළක් උරුමයට තියා--


සිතිවිල්ළක එබඳු බැඳුමට වුන කරුණූ
ළතවිල්ලක මුලකි දින දින වේ දරුණූ
මැසිවිල්ලක ලියා දිය කර දා හරිණූ
හස‍රැල්ළක ‍‍රැ‍ඳෙන ලකුණක් නැහ පෙනෙනූ


ගැයුවත් විහඟ හද බැඳ තබන ලෙසින්
ලියුවත් බොහෝ දෑ  කිසිදා නොවන හෙයින්
පදරුත් විමසමින් කළ කී දෙයහි හෙමින්
සුනරුත් වීය ගී කෝකිල, කපු‍ටු සරින්


සැමරුම හෑමදාමත් පවතින්නේය
විසදුම සමාවක් නම් නොලැබෙන්නේය
අළුයම  හීනයේ ඇහැ පියවෙන්නේය
විමසුම කුරුල්ලන්ටත් වරදින්නේය....

10 comments:

Anonymous said...

නුඹ මං මුලාවී ඇත සිතුවිලි අතර
කිම නොපෙනෙන්නේ නුඹ ළඟ ඇති ජීවිතය
කඩතුරු හැර බලා තතු සුපුරුදු විලස
හරි මඟ යන්න දිරි ගනු මා ප්‍රිය සබඳ

වුන දේ වුනා දුක් වී දැන් පලක් නැතී
ගිය දේ ගියා නුඹටයි ඒ දේද හිමී
එක් සිත් ළං කරන් පෙර මං බලනු නිතී
ඇය එයි දරුවනුත් කැඳවන් නුඹය සකී

විහඟුන් කවද කෙදිනකවත් තනි වෙන්නෑ
ගැයු ගී මිහිරි මතකය අමතක වෙන්නෑ
හිමි දේ හිමි තැනට මිස වෙනතක යන්නෑ‍
ඇය එයි ඉතින් නොහඩන් නුඹ සිතගොළු වෙන්නෑ

Ravi said...

සිතුවිලි හැඟුම් වර බිඳගත් අසුන් වගේ,
දස අත සරනු නොම දෙන් සබඳිනි මාගේ,
මංපෙත පහන් වැට එළියෙන් ඇත දැල්වී,
පියවර තබනු පසුපස නොබලනු ආයේ,

Anonymous said...

ෂා..... මරු කවි සැට් එක :)
අද තමා මේ පැත්තට ආවෙ :) ( ආව කිව්වට අක්කියෙක් මාව එක්කන් ආවාzzzz )

අයි ලයික් දිස් බ්ලොග් :) කීප් ඉට් අප් ;)

අපි දිගටම කියවනවා :)..............

sahan ළියනගෙරත්ගමයා said...

නියමයි...වත් අක්කට ස්තූති මාව දැනුවත් කරාට..කවි ලියන්න නම් බෑ...කියවන්න නම් පුලුවන්..විදින්න ඊට වඩා පුලුවන්

විහඟ ගීතය said...

@ වත්

තරු නෙත් දෙකක් වී බ්ලොග් මඟ පහදාන
කරුනක් දෙකක් නොව බොහොදේ හඳුනාන
හැරුනත් මඟ, නොවරදා යන මඟ පාන
ගුරු වු නුඹ සිනාසේ වී හඳපාන

විහඟ ගීතය said...

@ Ravi

හිත නම් වල් අසෙකි අල්ලා බැඳ තබනූ
මිත ඒ වුනත් නොහැකිය ‍රැකවල් හදනු
විතරම් නොවුව මුත් සිතිවිළි හා බැඳුනු
ගත මෙහේ තියා සිත යන එකමයි කරුණු

විහඟ ගීතය said...

@ ජේ.ඩී

සිත්තම සොඳුරු සිතකට හැංගී අඳින
අත්කර දුනිය ඇය මට මේ බ්ලොග් ගමන
ඇත්තම කියනවානම් ජේ ඩී හැඳින
වත් නම් පහන් ටැඹ කිය නිති මඟ කියන

විහඟ ගීතය said...

@ ර ත් ග ම යා

ගැයූ ගී පිළිනු
නොමවී රසෙහි ‍රැඳුනූ
හෙයින් රස විඳිනූ
ඇවිත් යන එක සතු‍ටු කරුණූ

ගල්මල්-Coral said...

ඇස් දකින සිත් බඳින හැම දෝතට ලැබේ නම්
රුදුරු කතරක අපි බැට කන්නේ නැතිව ඇති
ඉති අග මල් කැකුළු නැගී සුවඳින් පූදන්න පිපී
අතු පල බර වෙන්න වැඩී හිරු රැස් අවැසි සකි
කලු වළා ඉරා ඈතට පා කර යවා බලන් දෑස් විදා

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

නොනිදත් සිහිනයේ පැටලී අත් විඳපු
ඉඩලත් හැම විටම ගෙයි දොර කඩ ලැඟපු
හිතවත් වුන සිතම අයේ හරහට හිටපු
මැදිහත් සිතෙනි මේ ඇස් මායම දැකපු