Monday 1 November 2010

කැලෑ නීතියට නම් අප නොයා යුත



තලා පෙලා සරසවි කැකුළු විකසිත
පුරා වසර හතළිහ සපිරෙමින් එත
නරා වල ඉහින්නට ඉල් මහේ මිත
කැලෑ නීතියට නම් අප නොයා යුත


යුග යුග ගනන් නෙක නෙක උවදුරු විඳින
දැක දැක එවන් යුගයන් වෙත යළි ඇදෙන
මඟ එළි කරන්නට බල ලෝභෙහි බැඳුන
ඉඟියක් වත් නොදී රට ‍රැකගමු කළණ


ඌරන් කැකුණ තලමින් ඌරන් විලස
හාරන් මඩම උන් ගොඩ ගන්නේ කෙලෙස
තේරෙන්නැති නමුත් ඔ‍ටු ‍රැළකට පවස
බේරන්නේ කෙලෙස දරුවන් එක විලස


අතකින් අන්තරේ,අතකින් සරසවිය
විභාගේ ළඟය ඒකට කඩිමුඩිය
එහෙයියන් නොවීමෙන් ගැලවෙනු බැරිය
මරණ භය තියාගෙන පැණි කනු වැනිය


කවුරුන් රට කළත් හැම විටම දෙස් දෙන
පිස්සන් අතලොසක් ඇති රටක පිස්සෙන
දරුවන් යළිත් ඒ මරු කටට දක්කන
කෙරුමන් හැදින වලකමු ගන දැක්මෙන.

11 comments:

sahan ළියනගෙරත්ගමයා said...

පොලිස් මාමා හරිම සැරයි නිල ඇදුම
ගහනවාලු උස්සනවලු කොලු රැලම
බලන් ඉන්නේ කට ඇරගෙන මුලු රටම
අමුතු දෙයක් වෙන පාටයි අද හෙටම

Anonymous said...

සියළු උගතුන් බුද්ධිමතුන් ‍නොවේ
සියළු බුද්ධිමතුන් ද උගතුන් නොවේ
එතකොට දේශපාලකයන් මේ කොටස් දෙකටම අයිති නොවේ ද?

විශ්ව විද්‍යාලය කියන තරම් සොඳුරු තැනක් නෙමෙයි.ඒත් ඒ දිහා පිටතින් බලන අය හිතන්නේ " හරිම සුන්දර ලෝකෙක ඉන්න තරුණ ළමයි කොට්ඨාශයක්'' කියල.

ඒ අතර තුර මෙහෙම අනුන්ට කඩේ යන එකට වෙලාක් කලාවක් හොයා ගන්න එකනම් හරිම අමාරුයි.

විශ්ව විද්‍යාලයත් හරියට විවාහය වගේ... නොගියපු අය ආසාවෙන් යන්න ඉන්න. ගියපු අය රඟේ දන්න.

අගහිඟ දෙමාපියන්ගේ දරුවන් නම් ඉඩ ලැබුන වෙලාවට කරන්නේ පාට් ටයිම් ජොබ් එකක්. මගේ යාළුවො හිටිය සුදු පොළවල් වල , බාර් වල වැඩ කරපු... හරි දුකින් අමාරුවෙන් ඉගෙන ගත්ත.

අන්තිමට විශ්ව විද්‍යාලයෙන් එළියට ඇවිත් රස්සා පෝලිමේ. ගැහැණු ළමයගෙ ගෙදරින් කෑගහනව කසාද බදින්න කියල. කසාද බදින්නෙ කොහොමද රස්සාවක් ගෙයක් දොරක් නැතිව.

ඔන්න ඕකයි ලංකාවේ තාරුණ්‍ය ........

dingo said...

සරසවි කැකුළුද නැත්තම් කකුලුවද?
තලන් නැතුව මුන් හුරතල් කරන්නද?
එදා හැදුවේ කැලේ නැති නැතුවමද?
රට පස්සට යන්නට තව අපි දෙමුද?

අපිත් varsity ගිහින් තියනව, ඔය එවුන්ට වඩා අපි ඒවායේ කල් ගෙවලත් තියනවා. එත් අපි නම් සරසවි ගියේ පෙළ පාලි යන්ඩවත් රට හදන්දවත් නෙවේ. අපේ අම්මල තාත්තල අමාරුවෙන් හම්බ කරලා අපිට ඉගෙන්නුවේ කවද හරි වසිටියෙන් එලියට ඇවිත් රට හදන්ඩ. මේ 2.50 චු කොල්ලෝ, රට හදන්ඩ යන්නේ අහවල් එකකටද? ඒවාට තමයි විපක්ෂයක් ඉන්නේ. නිදහස් අද්යාපනෙන් කොහොම හරි ඉගෙන ගෙන එලියට එන එකයි කරන්ඩ තියෙන්නේ. ඔහොම ඒවා කරන එකට අපි හැමෝම විරුද්ද වෙනද ඕන, මොකද ඔය වල් බුරුවො වියදම් කරන්නේ අපේ බදු මුදල්. ඕකුන්ට ටිකක් පිට රට තත්වේ පෙන්නන්ඩ ඕනේ, ඇමරිකාවේ ළමයි university යන්ද කොච්චර නම් මුදල් වය කරනවද? එක අවුරුද්දකට විතරක් ලක්ෂ 20 විතර යනවා. අවුරුදු හතරට ලක්ෂ 80!

වත්- දේශපාලකයන් පත් කරන්නේ මහජනතාවනේ, එතකොට මහජනතාව බුද්දිමත් වුනා නම් වැඩේ ඉවරයි. එත් අපි අනර්කලීට චන්දෙ දුන්න ජාතියක්.
ඇත්තටම විශ්වවිද්‍යාල සුන්දර තැනක්. කිසිම බරක් පතලක් නැති, සැහැල්ලු කාලයක්. මම නම් ඒ අතීතයට තවමත් ලෙන්ගතුයි. වැඩ වරදින්නේ චු කොල්ලේ ලොක්කෝ වෙන්ඩ ගියාම, නැතිනම් චු කොල්ලන්ට cardboard වෙසමුණු දාන කොටයි. ඔච්චරම වෙනස්කම් ඕනේ නම් ගිහින් චන්දෙ ඉල්ලපල්ලා. ඇත්ත, අගහිඟ තියනකොට ඉගෙන ගන්න එකත් අමාරුයි තමයි , එත් අපේ රටේ කොච්චර සහන තියනවද? මහපොළ, bursery , සමුර්ධි.... ඔයිට වඩා ඉතින් කොහොම කියල කරන්නද?

විශ්ව විද්‍යාලයේ ඉන්නකන් කෑගහල එලියට ආවමත් කගහනවා, රස්සාවල් නැහැ කියල. එකට රට පලිද? හිත ඇත්තම් පත කුඩා නැහැ වත්. මිනිස්සු දැනගන්ඩ ඕන තමන්ට හරියන දෙයක් ඉගෙන ගන්ඩ . vasity යන පලියට ගිහින් වැඩක් නැහැ නේ. ඉල්ලුමට සැපයුම. අපිට අපේ රටේ තියන පහසුකම් ගැන කිසිම අවබෝදයක් නැහැ.

විහඟ ගීතය said...

@ ර ත් ග ම යා

හැත්තෑ එකේදී සරසවි පිබිදීම
අසූ හත අසූ නමයෙදී බිලිදීම
අයෙත් මොකක් දෝ එකකට සැරසීම
මහා විනාසෙක ඉඟියක්දෝ තාම

විහඟ ගීතය said...

@ වත්

බලනු ! ලොව බලනු ! දස අත නැගී එන
ගැසෙනු ! පෙළ ගැසෙනු ! ඒ ලොව දිනා ගෙන
නසනු ! මත නසනු ! රටටම විනේ දෙන
දිනනු ! මඟ දිනනු ! බැඳි මං වලින් පැන

විහඟ ගීතය said...

@ dingo

මැදිහත් සිතින් හිඳ මේ දෙස බලමින්නේ
කවදත් මම වෙනත් තැනකයි හිඳගන්නේ
දැනුවත් වෙමින් ලොව නව සරසවියන්නේ
දෙව්දත්තයින් මේතරමට නැහ ඉන්නේ

හෙට දිනනා ලොවට නිසි දැනුමින් පිරුණ
රට හදනා බුහුටි කම් නිති දැන හැදින
ගෙට එබෙනා දුවා දරුවන්ගෙන් නිපුන
වැට පනිනා එවුන් ඇයි මෙතරම් අමන

dinesh said...

එක එකා ඔළුවට දාන මනස්ගාත පපුවට අරගෙන පුලුවන් තරම් පිස්සු කෙළපල්ල,පොලීසියෙන් ගුටිකාපල්ල,කැම්පස් වස්සව ගනිල්ල.,අපිට මොකද???උඹලටම කවද හරි තේරෙයි...

Anonymous said...

දිනේෂ්,

අපිට මොකද????

ඇයි බෝල යකෝ...ඔය පාහරයෝ ඉගෙනගන්නේ අපේ බදු මුදල් වලින්.

dinesh said...

මම "අපිට මොකද" කිව්වෙ ඒ ගැනම හිතල නෙමෙයි.බදු මුදල කොහොම උනත් හැම දේම නිකන් හම්බ වෙන හින්ද අපේ බුවාලට මේකෙ අගයක් නෑ.කිව්වත් වාගෙ දකුනු ආසියාවෙන් එහාට මේ සෙට් එක ගිහින් අත ඇරියනම් තමා ලංකාවෙ අධ්‍යාපනේ අගේ තේරෙන්නෙ.දැන් කියයි "ඒක ‍රැක ගන්නනෙ මේ හදන්නෙ" කියල.මොන දේ කලත් වෙන දේ වෙනව කියන එක අපේ බුවාලට තේරෙන්නෙ නැති හැටි.

විහඟ ගීතය said...

@ dinesh

නොදත් කමද ලොව සරසවි තිබෙන බවත්
එහෙත් මෙහ වගේ හැමදා නොවිනි පුවත්
උගත් කමක් ලැබ මිස නොහැරිලා බලත්
නමුත් අපේ උන් පිකටිං වලම ගිලෙත්

විහඟ ගීතය said...

@ Anonymous

නොමිලේ ලැබෙන දේවත් ගන්නේ නැතිවා
හවුලේ හැමදාම වටරවුමෙම කෙ‍ටුවා
තොයිලේ නැ‍ටුමකුත් බෙර පළුවත් නැතිවා
පවුලේ සිහිනයේ කණ කොක් සුද දු‍ටුවා