Wednesday 3 November 2010

අරගලය




දිසාපාමොක් ලාට බැට දෙමු
ඇමතිවරුනට හූ කියා
තක්ෂලා දොරවල්  බිඳන්  යමු
හරක් ‍රැළ සේ කැළඹිලා
උගත් ගුණදම් පාසැලේදී
සරසවියේ දොර ළඟ තියා
හිනස්සමු මුළුරටම, හඬවමු,
දෙමව්පියවරු ඇනතියා


ඉගෙන ගන්නැති, ඉගෙනගන්නට
කැමැත්තක් නැති දෙ‍ටු දයා
වලක්වා සිසු කැළක හෙට දින
පෝස්ටරයක් අත තියා
ගනන් යුග යුග කියූ දෙබසම
සටන් පාඨයකට ගයා
බලන් පෙරහැර වසාගෙන දොර
අතගාමු අං හොය හොයා.....

16 comments:

sahan ළියනගෙරත්ගමයා said...

ඉගෙන ගන්න පහසුකමක් තියෙනවද
පුද්ගලිකරනය අනුමත කරනවද
අන්තරයට බැන බැන ඔබ ඉන්නවද
අනිත් අංහින්සක සිසුවෝ නොපෙනේද

රට හදනා උන් අද රට හදනවද
යුද්දෙ පිට දමා බදු වැඩි කරනවද
මෙගා තරුවකට චන්දය දෙනවාද
ගොන් පානා පාලකයෝ නොපෙනේද

Anonymous said...

රත්ගමයෝ මේකයි හරි කතන්දරේ

ගත්ත රතු කොඩිය දොර පාමුල හෙලලා
කිව්ව කතා ටික වල හාරල දොඩලා
ආපු අං දෙකත් දොරකඩ රදවාලා
අවසන් වසරෙ අවසන එළියට වුන් පැමිණෙනවා


දොරකඩ තිබෙන දෑ සේරම අරගන්නා
අලුතින් කට්ටියක් ඇතුලට පැමිණෙනවා
ආපසු පෙර අතීතෙම රග දක්වනවා
ඕකයි චක්කරේ ඇතුලෙම කැකෙනවා

මේවා දන්න වුන් ටික නම් ගොඩ යනවා
දන්නෙ නැති එවුන් සැමදා රැවටෙනවා
මට දුක අහිංසක අම්මා දුක් වෙනවා
දැන්වත් දරුවනේ හැදියන් පිං දෙනවා

මම හිතන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ගෙන ඒමේ වැඩසටහනට මේ දේවල් වක්‍රාකාරයෙන් සම්බන්ධයි...

Randika Sedara said...

ඉපදුනෙ ඔබ රෝහලකිනි රජයේ
ඉගෙනුම ලැබුවෙ පාසලකිනි රජයේ
යන්නේ යුනිවසිටි මුදලිනි ඒ රජයේ
ඇයි දැන් කියන්නේ වැරදිම මේ රජයේ

මට මේ විශ්වවිදයාල ගැන තියෙන්නෙ පුදුම කනගාටුවක් ... ඇත්තටම විදයාල ගැන නෙමෙයි .. ඉගන ගන්නා සිසුවන් ගැන ... උගත් යැයි කියන මොවුන් හුදෙක් තමා ගැන පමනක් සිතන ආත්මාර්ථකාමී පොතේ දැනුම පමනක් හෙබි පුද්ගලයන්යැයි සිතේ(සියලුම දෙනා නොවේ) ඉපදුනු දිනයේ සිට හැමදේම නිකන් ලබාගෙන ඒ ලැබෙන දේත් වැරදි අඩුපාඩු සොයමින් පමනක් නොව අනෙක් මිනිසුන්ටත් කරදරයක් ලෙස හැසිරෙන මොවුන් මීලගට පාරට බසින්නේ රජයෙන් රැකියාවන් නිවසට ගෙනත් නොදුන් විටයි ... ඇයි අපිට මින් ඔබ්බට යන්නට බැරි ... රටේ විශාල මුදල් ප්රමානයක් ඉවතට යෑම වලක්විය හැකි පවුද්ගලික වි.විදයාල ඇති කිරීමේ ඇති වැරැද්ද කුමක්ද ... ඒ අනෙකක් නිසා නොව රට ගැන නොව තමා ගැන සිතන නිසයි ... අනේ මන්ද ... හරිම දුකයි රට ගැන ...

(රන්දික සේදර)මම තමයි කලින් 'දැලිපිහියා'

Sujeewa Kokawala said...
This comment has been removed by the author.
Sujeewa Kokawala said...

Excellent work.

menna magenuth:

සිසු පැණය

රතු කමිසය

Incidentally I wrote the first one just last night. So we both saw their horns... :)

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by the author.
සංකල්ප said...

මෙහෙම දෙයක් තියෙනවා. ඔයා ඇමතිලාට හූ කියන්නේ එයාල කරන වැරදි වලට නේ.අනිත් එක රතු කමිසයක් ඇද ගත්තම තමයි ඔයා සමහර වැරදි සිද්ද වෙන්නේ. නැතුව සාරධර්ම වල අඩුපාඩුවක් නෙමෙයි. මට හිතෙන හැටියි ඔය.

Anonymous said...

බ්ලොග් එකේ අයිතිකාරයා කවුද කියලා හොයා ගන්න බෑනේ දැන්. කොහොම වුනත් මේ බ්ලොග් එක අයිති ඉතින් උඩින් කමෙන්ට් කරපු නෝනාට වගේ තමයි.

Randika Sedara said...

@වත් අක්ක
මේකනෙ වත් අක්ක .... විශ්ව විදයාල සිසුන් කියන්නෙ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි පොඩි ලමයි නෙමෙයි නෙ ... ඉතින් ඒ අයට තේරෙන්න ඕනෙ නේද ඒ අය කරන්නෙ වැරැද්දක් කියල ... මම නම් කියන්නෙ වි.විදයාල තුල මීට වඩා දැඩි නීති තියෙන්න ඕනෙ .... ඒ වගේම පක්ෂ දේශපාලනය වි.විදයාල තුල සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඔනෙ ....

රුහුනු වි.විදයාලෙ ඔය කියන ඇමති නම් මම දන්නව වත් අක්ක ..... එයාට නම් කරපු දේවල් වලට හොදටම දැන් ප්රති විපාක ලැබිලනෙ තියෙන්නෙ ....ඒ ගැන නම් පුදුම සතුටක් තියෙන්නෙ

විහඟ ගීතය said...

@ර ත් ග ම යා

මදිහත් සිතින් බලමින් හැමදෙයක් ගැන
පිළිවෙත් දත යුතුයි රටකට දෙයක් වෙන
අළුගුත්තරු කම් කරමින් විපත් ගෙන
දරුවන් මගෙ රටට නිති නැති බරක් දෙන

රට හදනා එවුන් යුඟ යුඟ ගනන් සිට
දඩුවම් විදින්නෙමු කළ අත් වැරද්දට
මගේ දරු පැටව් අතකොළුවක් නොවෙන්නට
ඇස් කන් අරින්නේ කවදද කියන් මට

විහඟ ගීතය said...

@ වත්

ඉගෙනුම ලබන්නට හැමොටම නිසිසේම
නිදහස් ලෙසින් කල හැකිවෙද හැම දාම
නොලබන ඉඩ කඩක් සරසවියක තාම
අයටත් යන හෙටක් ගැන හිතුනිද කෝම

විහඟ ගීතය said...

@ සහෝදරයා

දැනගත් සතර නව ලොවකට බැළුම් හෙලා
වැදගත් දෙයක් කරණා ඉඩ වලක්වලා
අනුදත් මන්තරෙම හිරකාරයින් වෙලා
තවමත් ඒ සටන් පාටෙම නතර වෙලා

විහඟ ගීතය said...

@ Sujeewa Kokawala

ඇවිත් කාලය අළුත් වෙන්නට ඒත් ඒකට ඉඩ නොදී
චමත්කාරය දකී හැමදාමත්ම වටරවුමෙහි ‍රැදී
පැවැත්මක් ඇති වෙන්න නම් හැමදාම අවුලක ලොබ බදී
නවත්වාලිය යුතුය මේ නාටකය තව දි වෙනු නොදී

විහඟ ගීතය said...

@ මධුරංග

හූවක සරදමක හෝ පොඩි විහිළුවක
ඈඳුන දෙයක් නොව මෙහි අඟ මුල වෙනෙක
හඬනා මඟක් සොයමින් සිටිනා ‍රැලෙක
අඹනා සේ හඬන්නට පෑදුන මගෙක

විහඟ ගීතය said...

@ Anonymous

ලේ රහ දැනෙන තුරු කැගසමින් නටන
මේ වැනි සිසුන් කොහෙවත් දැක නැති බැවින
පේවෙන ලෙසම කටයුතු සිඳුවෙනු හැදින
බෝ වෙන රෝගයට එන්නත වෙයි දෙගුන