Tuesday, 16 November 2010

දිග සුසුමකට.....




දිග සුසුමකට බර දී නිදි නැති යාමේ
වඟතුග සොයයි සිතුවිළි විපරිත වීමේ
නැඟ එන කඳුළකට උහුලන දුක දීමේ
මඟ, බැඳි ඉවුරු බිඳගෙන යයි ඉවසීමේ


රතුවෙන දෙනෙත් නැත, හිත නම් අඬන්නේ
මතුවෙන කඳුළු නොව සුසුමයි ඇහෙන්නේ
ඉතිරුණ සතුට හොරු ඇරගත් ලෙසින්නේ
විසිරුණ සිනාමල් සඟවා සිටින්නේ


ඉරගල වැටෙන ගොම්මන් අඳුරක් ලෙසිනේ
විරසක වුනාවෙන් හිත දුකකිනි ඉතිනේ
කරදර කම්කටොළු එකපිට එක ලෙසිනේ
වැරදුන කළට තම අත හෙවනත් නොදැනේ


නාවත් ඉදහිටලා කටහඩ ඇසුවාම
පෑසිත් සෙනෙහෙ යළි අත්වින්දා සේම
ආයෙත් කථා නොකරණ බව කීවාම
නෑ තෙත් වුනේ නෙත,හිත අඬනව තාම....

6 comments:

wath said...

බොළඳ නුඹේ සිත පෑරුන කරුණ කිම
ඇයද ඉතින් දිවිගමනක අතර මැද
කරුණු සොයා වෙහෙසෙන නුඹ විටින් විට
බෙහෙත ළඟම ඇත නොබොනා කරුණු කිම

ගිය දේ ගියා දුක් වීලා පලක් වෙද
ගිය දේ නැති නමුත් සුන්දර හිතක් ඇත
නැතිදේ නොවෙයි ළඟ ඇති දේ බලනු වට
අහසට දුර වුවත් වැහි පොද වැටෙනු ඇත

Lakeeya Blog Reader said...

Kaviya hodai

ගල්මල්-Coral said...

ඇති හැකි තුරා උපයා දන් දුන්න
නැති කල කවුද ලඟ ඉන්නේ අතදෙන්න
තම අතමැය තම හිසට සෙවනැල්ල
අතැඟිලි වැහැරෙන තුරු වලංගුය ඒ කියවිල්ල

විහඟ ගීතය said...

@වත්,

සිත ඉකිබිදී නම් රහසින් බැඳි පෙමට
නෙතකට කඳුළු නොනැගෙන ඒ පෙම කුමට
කෝදුරු තෙල් සොයා නොකෙරෙන වෙදකමට
පෑරුණු සිත් තවත් පාරන්නේ කුමට

විහඟ ගීතය said...

@ Lakeeya Blog Reader

කොතැනක කොහේ හෝ හැමදාමත් පෙමට
කවුරුන් හෝ අඬයි එය නොලැබුන පවට
සතුටින් කොහේ හෝ කල් ගෙව්වත් සැපට
සිතුවිළි රළ බි‍ඳෙයි , හිත හැඬවෙයි දුකට

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

ඇති කල වගේ නොව නැති කාලෙදි අවට
සිත පීඩා විඳියි නෙත කඳුළයි සුමට
කොතරම් දුක වුවත් උහුලා ගත් නමට
තමනුත් තමන් හට නැති වෙයි එම කලට