Wednesday 21 April 2010

ප්‍රේමයේ අවපස













ප්‍රේමයේ  අවපස


දනිමි මම.........
නුඹ,  මා අතහැර
ඉගිල යනු පියඹා....
නොනිමි සෙනෙහස
පෑ.......හදෙහි......
සෝ තැවුල්
සදවා..




පියෙන් පිය නොම
ආ....................
අහඹු පෙම
නිවු දිවි සරතැස්
නුරා ගින්නේ
දැවෙන්නට නම්
කුමටදෝ පෙම් බස්




නොලැබෙනා සඳ තරුම
ඉල්ලා....................
හැඩූ බොළඳ බාලේ
විලසිනා හැමදා
යදින්නද
නොලැබෙනා ආලේ........................




සි.එස් බණ්ඩාරනායක


09.12.1996

6 comments:

Anonymous said...

නොලැබෙනා කල ආලේ
හැඬුම යුතු නැත රාලේ
ළඟම ඈති ආලේ
ඔබට නොපෙනෙ පුදුම කාලේ

රාල කීවට තරහ අවසර ...

විහඟ ගීතය said...

නොහැඬු "වත්" නෙත්
හඬයි වියොවින් හදවත්
දැනී මසිතෙහි තෙත්
අනේ මගෙ ලඟ නැහැනෙ නුඹ "වත්"

සි.එස් බණ්ඩාරනායක

විශ්මි said...

ඒක මිනිස් ගතියනේ..... නොලැබෙන දේමයි හොයන්නේ..... හොඳ නිර්මාණයක්....

LishWish said...

කිසිවක් නොමැති වුවත්
කවුරුන් එපා කීවත්
නොසැලෙන්න සී.එස්
අවසානයේ බොට ඇතිනේ නුඹවත්

ලස්සන කවියක්..!

[ඔබ වැනි ජ්‍යේෂ්ටයෙකුට සී.එස්. නමින් ඇමතීම ගැන සමාව.., එසේ යෙදුවේ කවියේ එලිවැට රකින්නට මිස වෙනැකෙකට නොවේ..!]
කවි අනාගතයට ජයෙන් ජයම පතනවා..!

බිඟූ said...

අදයි මුලින්ම ගොඩ වැදුනේ...
මනරම් එකතුවක්...

විහඟ ගීතය said...

@LishWish
@විශ්වි
@වත්
@බිඟුවා

LishWish,විශ්වි,"වත්" හා සමගින් බිඟුවා
විත් මෙහි බොහෝ රසවත් අදහස් තැබුවා
විස්මිත සයිබර් අහසෙහි දේදුනු සදවා
සත්තයි තව තවත් බෝ ලස්සන කෙරුවා