Thursday 29 April 2010

සඳවත.....

.
Moon 58 Lovely Face Images


සඳවත......


පුන්සඳ ඈත අහසේ එක කොනක සිට
නුඹෙගේ සොඳුරු වත සිහි ගන්නවයි මට
එන්නද තව පමා නොමවී නුඹෙ පැලට
යනුවෙන් කියනවද කියලා සිතුනි මට


සැන්දෑ අහස සිල් ඇරගත් වතු සුද්ද
මල් යායක්ය නුඹ එහි නොකරම සද්ද
මා දෙස බල බලා හැංගී ගෙන වත්ද
ලංවනු නොහේ ඇයි, මං බෝ දුර වත්ද


පාවී නිරිත දිග මෝසම් සුළගක්ව
ආවා අගෙයි නිවමින් ගිනි, වැස්සක්ව
ගාවා සියොලගම, නුඹ මුඳු සුවඳක්ව
පෑවා මෙන්ය සෙනෙහස  පෙම් ගඟුලක්ව


සැදී පැහැදෙමින් නුඹ වෙත බැ‍ඳෙමින්නේ
හිඳී කෙනෙක් සඳවත දෙස බලමින්නේ
දිදී නෙත් කැළුම් හඳවත බඳිමින්නේ
නොදී බහක් ඉනු! මම මේ ළඟ එන්නේ

10 comments:

Anonymous said...

සඳක් වගේ පායා එම් හැම දිනක
දුකක් නොදෙමි කවදාවත් කිසි දිනෙක
අත් පැටළුනේ නැතිවත් නුඹ හා තාම
සිතුවිලි වලින් නුඹ ළගමයි මා නිතර

දැලි පිහිය said...

දුටුවෙමි ඔබව සිහිනෙන් මා හැමදාම
එනමුත් නොලැබුනෙමි ඔබ මා හට තාම
නොදී බහක් සිටිනෙමි මම, ඔබ තාම
නාවෙ ඇයිද සිත විමසයි නින්දක් නෙලබාම

විහඟ ගීතය said...

@ wath
වත්සුනු සුවඳ මුසු වූ සුසුමක අරුම
විත් තනි රකී ඔත්පල හඳකට උරුම
නෙත් හී සර වැදී ගෙවෙනා තුරු කරුම
සිත් බැද මෙසේ යමු අත් පටලෙන තුරුම

30 April 2010 10:57

විහඟ ගීතය said...

@දැලි පිහිය
නිදි නැති තනි යහනේ තාමත් නුඹ මෙන්ම
මදි නැතිවෙන්න දකිනා එක සිහිනෙන්ම
පොදි බැඳ සෙනෙහෙ සිර කොට දෙ හදෙහි ඇල්ම
විඳිනට මම ඉදිමි, නුඹ මෙහි එනකන්ම

යෝගී... said...

සඳ නිදි වරන කළුවර රෑ පුරාවට
නෙතු යුග රිදෙයි මග බලනා විලාසෙට
බහ දෙනු කෙළෙස නුඹ නැති ඒ විරාමෙට
පෙර මඟ බලමි මා දිවි ඇති තුරාවට

විහඟ ගීතය said...

@යෝගී
කීගී එදා තව අමතක නොවේ මට
මේගී ලියන්නෙත් ඒ හුදකලාවට
සෝගීයක් නොවී සිත සතපවන්නට
යෝගී ඇවිත් යනවද හිත පහන් කොට

යෝගී... said...

සිත ලොබ බැ‍‍ඳෙන කවි සිත්තම් දකින විට
නෑවිත් කෙළෙස නුඹ ඉන්නා ඉසව්වට
කව් මුතු පබළු ඈඳා දෙන විලාසෙට
ආයෙත් නෑවිදින් ඉනු බැරි උනා මට

විහඟ ගීතය said...

@යෝගී

ආ ගිය කතා වල රස තැන් අන්දාන
කාගැන කියූවත් බෝ මිහිරක් ගේන
වෙහෙසුන තරම දැක ගන්නට ඔය මූන
දෑසින් නොදැක්කත් හිත පත්ලෙන් පේන

මම said...

විහග ගීතය...
වත් අක්කාගේ පිටුවෙදි ඔබ හමු වූවා...
ඒ පිටුවෙදි ඔබ ලියු කවි රසවින්දා...
මගෙ පිටුවට ඔබ ආ බව අද දුටුවා...
"සදවත"මෙහිදි හොදටම මගෙ සිත් බැන්දා...

නොදනිමි ගොතන්නට පදවැල් ඔබ ලෙසම...
එනමුදු ප්‍රථම උත්සහයයි මේ කරන..
වරදක් ඇතොත් මේ පද වැල් වල නිබද..
පෙන්වා දෙන්න නෑ තරහක් ඔබ සමඟ...

විහඟ ගීතය said...

@ මම
වත් ගේ පි‍ටුවෙදී නුඹ දු‍ටුවා සේම
විත් මේ දෙසත් සැප දුක බැලුවා සේම
නෙත් හැර නොදු‍ටු වත් නුඹ කවුරුද.කෝම
සිත් ඇත්තියක් බව තේරෙනවා මේම.

හැම වදනක් ම සීරුවටම ගලපන්නී
මම දන්නෑ කියූවත් බෝ දේ දන්නී
විමසිලි ඇසින් ලියු දෙවල් කියවන්නී
සමනළියක් වෙලා "සඳවත" සිපගන්නී