Monday 3 May 2010

රැදී ඉන්න මා මෙන් එකම සිහිනෙක













රැදී ඉන්න මා මෙන් එකම සිහිනෙක....


දිදී මුඳු සුවඳ මල් පිපුන යායක
විඳී වසන්තය ලද බොහෝ කාලෙක
නොදී සිත් තැවුල් සඳ බසින යාමෙක
‍රැඳී ඉන්න මා මෙන් එකම සිහිනෙක


හිතන්නට පවා හුරු නොවුන සිහිනෙක
ගිලෙන්නට කියා දුනි  අතැර බිය සැක
විඳින්නට ඉඩක් නොතබාම සෝ දුක
ලබන්නට හෙටක්, දැන් ඇතිය නෑ සැක


හැංගී හැමෝගෙම ඇස් වැහුව ප්‍රේමෙක
ලංවී හුදකලා වී නොයන දීගෙක
එක්වී ඉඟිලෙනා ලෙස එකම රෑනක
සිත් සන්තොසින් ඉමු ඇස් පෙනෙන මානෙක.

18 comments:

දුකා said...

ඔබේ මේ කවි අඩවිය ඉතාම අලංකාර සුන්දර අඩවියක් . .

වත් තමයි මට පාර කිව්වේ මේ ඉසව්වට එන්න . . .

පසුගිය දින කීපයේ වැඩ අදික කම නිසාම නිදහසේ මේ වගේ ලස්සන කවි බ්ලොග් එකක් රසවිඳින්න බැරි වුනා . .. .

ලබන සතියේ ඉඳන් පටන් ගන්න ඕන ඔක්කෝම එක හුස්මට කියවන්න . ..

චමිදේවා said...

පෙරුම් පුරා බලාන උන්නේ
ඈ නුඹේ උණූහුම ලැබෙන තුරා...
ඉතිං ඇවිත් අරන් යන්න
නුඹේ කැදැල්ලේ ඉඩක් තනා...

Anonymous said...

නියමයි,...

Anonymous said...

බොළඳ පෙම් ලොවට
අර්ථ ගෙන දුන්න
ඔබ නේද බඹරු
මලට තනි රකින

කුටුම්භය අපට සිහිනයක් වේද
අද මෙන්ම හෙටද හින හෙන්න අපට
සිත් වලින් ලංව උණුසුම්ව ඉන්න
කවුරුනම් මෙලොව අපට ඉඩ දෙයිද

ගවු ගණන් දුරද ,අත පොවන ළඟද
මේ බලන් දැන්ම මා ළඟින් නුඹය
මා මියෙන තුරුම තනිකඩව ඉන්න
එවිට හැකි වේය නුඹ ළඟින් ඉන්න

තනිකඩව සිටිමි නුඹට පෙම් කරමි
ජීවිතය නුඹගෙ සිහිනයෙන් විදිමි
පෙර මගම බලමි නුඹ නැතිව තැවෙමි
සුවඳ ආදරය සිහිනයෙන් විදිමි

Anonymous said...
This comment has been removed by the author.
වෙරංගා said...

sonduru aadara andarayak.
eth ithin.....
kohedo podi parahakuth thiyanawa wage danenawa.
kohoma unath dennatama suba pathum

දුකා said...

හරිම ලස්සනයි ඒ සිහිනේ මමත් ගිලුනා කියලා මට හිතුනා . .. !

විහඟ ගීතය said...

@ දුකා,

වත් ගෙන් අසාගෙන මේ පෙදෙසට පාර
විත් කියවන්න ලියු දෑ අකුරක් නෑර
සිත් ගත් එකත් මට නම් සතුටකී මාර
මිත්තරවරුනී මම නොවසන්නෙමි පාර

විහඟ ගීතය said...

@ චමිදේවා.

කැඳලි තනාගෙන පියවිළි අතුරා
දෑස් පියන් පත් කෙවෙන තුරා
පාර බලන් ඉමි,දොරගුලු ඇරගෙන
මගේ ළගින් ඈ ‍රැදෙන තුරා..

විහඟ ගීතය said...

@ .::පිස්සා::.

සතු‍ටුයි, නුඹත්
මේ කවි රස විදින එක
ආයෙත් මෙහි එන්න
ඉඩ ඇති වෙලාවක

විහඟ ගීතය said...

@ වත්

අඳුරු මගේ ලොවට
සොඳුරුවත ‍රැගෙන
දෙමින් රැකවරණ
නුඹය මල පිපුන

සිහිනයක් නොවේ මය
සිහින යැයි සිතූ දෑ
සිහිනයෙන් පුබුදුවා
එයට අරුතක් හදා
දෙමින් රැකවරණ
නුඹය මල පිපුන

ගව් ගනන් දුර නොවේ
හිත තුලම ‍රැඳුන
සීතලට ගුලිවෙලා
උණුසුමෙම ‍රැදෙන
දෙමින් රැකවරණ
නුඹය මල පිපුන

නුඹෙ නමට බැඳුන
ප්‍රේමයෙන් විපුල
විසල් නුඟ රුකක් මෙන්
දෙමිය සුව සෙවන
දෙමින් රැකවරණ
නුඹය මල පිපුන

විහඟ ගීතය said...

@ වේරංග

කියන දෑ හැඟුනී
මෙය ආදරය නමිනී
නොම වනා පැරණී
ආදරය ගීතයකි නොනිමී

දැලි පිහිය said...

ආදරය නම් රමනී
නමුත් තවමත් නොලැබුනී
ඔබේ ආදර කවි බලා තුටිනී
ඉන්නෙමි ලැබෙනතුරු අදරක් එවැනී !

මම said...

අනේ මං දාපු comment එක පල වෙලා නෑනේ

විහඟ ගීතය said...

@ දැලි පිහිය

ආදරය රමනී
මම නම් හඟිමි විඳිමී
ඔබට නොම ලැබුනී
ලැබෙන්නට යැයි තුටින් පතමී

විහඟ ගීතය said...

@ මම

නොපළවූ අදහස්
නොදැකීම නොම වේ තොස්
නැවතත් යොමා ඇස්
ලියනු මැන ඇති වෙනා අදහස්

Eranga Perera (Muthu Paba) said...

ලස්සනයි.. ලස්සනයි.. ලස්සනයි

විහඟ ගීතය said...

@ මුතු පබා

කොහේ ගියේද ඔබ
පසුගිය දෙතුන් දවසෙම...
නොදිටිමි සළකුණක්
මේදෙස ඇවිත් ගිය.

ඉතිං ඉදහිට හෝ
මේලෙස ඇවිත් යනු මැන
විහඟ ගී තුඩගින් '
ගැයෙන කවියක් අසමින්...