Friday 14 May 2010

දෙන්නා දෙපොලේ සිට කියු කවි




දෙන්නා දෙපොලේ සිට කියු කවි

ලං වෙලා නුඹට, සසරේ ඇවිදින්න
පිං කලා මදිව අත්වැල බි‍ඳෙමින්න
රං රුවේ ,එකම සිහිනය දැක ගන්න
මං මෙහේ,... නුඹත් එතනමදෝ ඉන්න
 


වංගියේ නුඹට , මගෙ හදවත දුන්න
මංගියේ මසිත නුඹ ළඟ තබමින්න
සංදියේ ඉදන් කාලෙක සිට දන්න
නංගියේ කියූ කෙනෙකුත් මෙහි ඉන්න
 


රං ගිරේ ඉදන් මම මකනා පාළු
ගිං ග‍ඟෙන් එහාටත් ඇසිනිද යාළු
දැං ඉතින් නුඹත් ගංතෙරටම ඒලු
මං තොටක් නැතිව උඩුගං පාවේලු
 


කං කරච්චලේ නෑයින් සෝලි තියන්
මං පලච්ච වෙයි සිතමින් කියන කියුන්
මං හැදිච්ච විදිහත් ගැන වපර ඇසින්
දැං පැහිච්ච කම් යැයි, හැම සතුරු වෙසින්


වං දනාවක්ය  සසරම ඇවිද යන
මං බලා වුන්නේ නුඹෙ අත ලැබෙන දින
ගං තුලානටම සේසත් බඳින මෙන
වං හුනා රාහු හඳ හංගවා ගෙන
 


දැං ඉතින් කදුළ, දුක සිත තුල සඟවා
මං හිතින් හිතපු දේටම කැපවෙනවා
රං හුයෙන් මෙදා නොබැ‍ඳෙන  හිත හඬවා
මං හිතින්  සදා හිත ළඟ වැළපෙනවා


මං වගේම නුඹ අසරණ වූ කලට
රං රසේ උනත් අපුලයි හුරු කටට
මං  වගේ නුඹත්, නුඹේ තනිවුන හිතට
සං තොසක් වෙතොත් මම කැප වෙමි එයට

22 comments:

ගල්මල්-Coral said...

සයිබරේ දෙන්නා දෙපලේ කවි
අඹරේ දිදුලුනා තරු
ඉවුරේ නැවතිලා එනතුරු ගං
කුඹුරේ මුට්ටි රාළලාත් කරයි විපරං

නිල්වලා කුමරිය
ගිං තලාවේ සුභ පැතුම් මැද
බෙන්තරේ තොරන් යටින්
කළු ගඟ පසුකර බොධියත් වැඳ
කැළණියෙන් එතරවී තටුත් ලබා

පියඹා එන්න වේවා වාසනා!

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

ඇවිත් මේ පෙදෙසට
විහඟ ගී හඬ ඇසුමට
හා සිතැති දේ ලියුවට
ස්තූතියි ඔබහට..

බෙන්තරින් එතරව
කළුතර බෝදියත් වැද
යන දිනක් ඒවිද
ඒතොත්..අප හා යන්න එනවද?

Srimanjula said...

බෙන්තර ගඟින් එතෙරට පැද ගොස් පාරූ
පෙම් සිතුවම් මවා හද දොරගුලු ඇවිරූ
පෙම් වත රැගෙන වන්නට මෙදෙසට මාරූ
වෙන්නට මමත් කැමතියි ඔබ හට වාරූ

විහඟ ගීතය said...

@ ශ්‍රි මංජුල

කවදත් හොඳ හිතින් කවි සිත බෙදා ගෙන
හිතවත් කම් පාන කවි රස බෙදා දෙන
නොමවිත් ඉන්නෙපා ඒ හොඳ දිනේ එන
ඔබටත් ඉඩක් තබනෙමි පාරුවේ යන

චේජනා said...

පාරුව මතින් ඇය කැඳවා එන හීනේ
නෙත් අබිමුවේ එය සැබවක් වෙච්චි දිනේ
බෙන්තර ගං කොමලි හිනහෙයි පා සෙනෙහේ
ගං දිය වුනත් හඳුනයි බැඳුමක අරුමේ

විහඟ ගීතය said...

බෙන්තර ගඟ නොවේ ගංඟා හතක් පැන
දිගු ගමනක්ය එය, ඇගේ අත ගන්න යන
පාරුව පදවගෙන ගමනට වාරු දෙන
නඩයට චේජනා, ඔබවත් එකතුවෙන

යෝගී... said...

සෝයුරු පෙමින් හදවත් සැම වෙලාගෙන
ලොකු නඩයක් හැඩයි දැනටම සැදීගෙන
පාරුව නිසා ‍බර වැඩිදැයි බලාගෙන
මටත් කියාපං යන එන වෙලාවන...

ගල්මල්-Coral said...

බෙන්තරින් එපිට ගමේය
සිත සතුටින් පිරේය
එන්නට ඇත්නම් අගේය
නැතත් අඩුවක් නොවේය

සමනොල පාලමා තටු සලාවි
කොටුපවුරේ ඝටියා ආසිරි ගී ගයාවි
ගිංගං කුමරිය සුරඟන රැගුම් පාවි
ගාළු පාර සිරි ගනීවි

Anonymous said...

මාටත් එන්න ආසයි ඔය පාරුවට
දෙනවද ඉඩක් එහි මට ගොඩ වදින්නට
හිත ගැස්සෙයි ගඟ දිය රැලි දකින විට
මා තර නිසා පාරුව වැඩි වෙයිද බර

විහඟ ගීතය said...

@යෝගී

පනිවිඩ කියන්නට ආවත් ඔය පෙදෙස
දෙමාසයක් දොර ඇරලා නැති විලස
මාලිගේ ලියමනේන් පසු සටහනේ කොටස
ලියලා දමන්නේනම් යහපති විඟස

අතුරු මිතුරු කැළ වේලාසනින් එන
සොඳුරු බස් නිවයි ගමනෙහි විඩා වන
නුදුරු දිනක ඒ ගමනට ඒකතු වෙන
පාරු පෙරහැරක් යමු අපි හදාගෙන

Anonymous said...

නඩය එක්ක කොයි යන්නද සැර සෙන්නේ
කල්ප ගනන් මම මඟ බලමින් උන්නේ
බෙන්තර ගඟින් එගොඩහ හිත් කපටියි නේ
එය නොදැනදෝ එහි යාමට සැරසෙන්නේ.

Anonymous said...

හිතක් ඇතේ ඔබ එනතුරු බලාගෙන
දුකක් නොවී එනු විගසින් සොයා ගෙන
බතක් උයා කවනා දින බෙදාගෙන
පමා නොවී එනු මැන ඈය සොයා ගෙන

විහඟ ගීතය said...

@ ගල් මල්- Coral

ඔබ නැති මේ ගමන
මහා අඩුවක් ගෙන එන
එබැවින්, නොවරදින
ලෙසින් ගමනට එකතු වෙනු මැන.

සමනළ පාලමින්
අපහා ඒකතුවෙන මෙන්
තු‍ටු සිත් පෙර‍ටුවෙන්
මගේ ආරාධනය පිළිගන්

විහඟ ගීතය said...

@ වත්

වෙයිදෝ පලක් නුඹ නොමැතිව මේ ගමන
ඇයිදො හිතේ සංකා මම වෙමි එතන
මාතර වුනත් මා තර නොවුනත් කුමන
නැංගොත් පාරුවට යලි ඉඩ නැහැ බසින

විහඟ ගීතය said...

@ වත්

නිල්වලා ගඟට බෙන්තර ග‍ඟෙන් ඇවිත්
මං මුලා ව ගිය විහ‍ඟෙක් පාර අසත්
බෙන්තරින් එගොඩ සිත් බෝ කපටි වෙතත්
මං මුලා නොකොට, නුඹ මට පාර කියත්

විහඟ ගීතය said...

@ වත්

දෙපයට වාරු ගෙන බර හිස දරාගෙන
කොපමන දුරක් ආවෙද නුඹ පතාගෙන
ලිප උඩ ඉදෙන බත රොස් වනු නොදී ගෙන
ඉනු මැන,මම ළඟය පෙන නොපෙනෙනා මෙන

තිස්ස දොඩන්ගොඩ said...

coxswain කෙනෙක් විදිහට මාත් පුරුදු වෙලා තියනවා...උදව්වක් දෙතහැකි...!

චේජනා said...

පාරු පෙරහැරක නැග ගංකොමලි මතින්
එතෙරව ගාලුපුර සිරියත් විඳින් ඉතින්
ගං දෑලවර බැඳි පෙම් දම් එකතු කරන්
එන්න සොඳුරු සිත් බැඳිලා සෙනේහයෙන්

ගල්මල්-Coral said...

පාරුව දැන් පිරෙයි
හිතවතුන් ද ගොඩයි
කෲස්ලයිනරයක් හොඳයි
තටාකයේ ඉඩ ගොඩයි

විහඟ ගීතය said...

@ චේජනා

පාරු පෙරහැරට සූදානම බොහොමයි
සීරුවට පාරු පැද ගෙන යායුතුවෙයි
වාරු දෙන දෑත් වල් වෙහෙසත් නිමවයි
පාරු කවි දන්න අය හිටියොත් කදිමයි

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

ගං ඉවුරක ‍රැදෙන සෝබා පරිසරය
නැව් වල හෝ තටාකයෙ කොහොමත් නැතිය
කොපමන වුනත් ගමනට එක් වන නඩය
බඳිමින් පාරු පෙරහැර දික් කළ හැකිය

විහඟ ගීතය said...

@ තිස්ස

පාරුව පදින්නට අත හිත දෙන ගොල්ලයි
පාරුවෙ නගින්නට තව බෝ දෙන එල්ලෙයි
ආරක්ෂාව යන එන හැමටම දෙන්නයි
ඒ රස්සාව දන්නා කෙනකුත් එන්නයි