Sunday 23 May 2010

මලේ වරුණ


මලේ වරුණ

පිපුන මල් යායේ
සුපිපුනු මලකි වූයේ
හිතට පි‍ටු පෑයේ
නොමැති හින්දයි නැවත ආයේ

බඹර ගුමු ගුමුවේ
ඉඟි බිඟි අඩු නොවූවේ
නමුදු සිත් පෑවේ
ඇවිත් ගිය අය නොමැත ආවේ

පෙලක් මල් සුවඳය
තවත් නම් නිති හැඩමය
ගුණ සුවඳ දෙකමය
‍රැඳුනු මල්  හැම වෙලේ නොපිපිය

දකිමින් නිරතුරුව
මල්වලම අඩු පාඩුව
බඹරුන් ලහි ලහිව
ඇයිද? ආයෙත් එන්න හේතුව

‍රැදුන මල් යායේ
මිමුනුව බමර ගීයේ
සවනත ‍රැදීයේ 
නුඹට පමනයි මිහිරි වූයේ

මසිත වීනා වී
නුඹෙ  ගීය හා යාවී
නොදත් ස්වර  බිහිවී                            
මටත් නොදැනිම තනුව මතුවී

ගැයූ මුත් රඟදී
මල් ලඟ සැඳී පැහැදී
නුඹ මෙන් නොවැරදි
විඳී, සිත දා නොයා සමුදී

හැඟුනි ආ කරුණේ
පෙමිනි හදවත  දිලුණේ
තුටිනි වත පිරුණේ
දනී මම ඔය බඹර වරුණේ

කෝප නොම ගන්නයි
නුඹේ හිත මට දෙන්නයි
නුඹට කැප වෙන්නයි
කනට කොඳුරා ගී ගයන්නයි

සිතේ කැළබිල්ලයි
මල් යාය හැර යන්නයි
කොහෙ හෝ ‍රැදෙන්නයි
නුඹේ ගීයට තනුව වෙන්නයි.



13 comments:

Anonymous said...

මේ කවි ටිකත් ඔක්කොම ලස්සනයි. මම අයියටත් පෙන්නුව එයත් කිව්ව ඔයා හරිම දක්ෂයි කියල.

විහඟ ගීතය said...

@ isimbuwa

විහඟ ගී ඇසුමට
ඇවිත් එය රස විඳුමට
ඔබ මෙහි යනෙන විට
එයත් මහ ඉසුබුවකි මාහට

කවි රස විඳින්නයි
විඳි දෑ ගැන ලියන්නයි
ලියන මට සවියයි
අයෙත් මේ දෙස ඇවිත් යන්නයි

මැණික්(සුළඟ) said...

මලක සිත හඳුනන
සමනල සිහිනයක් මිස
මලින් මල පියඹන
බමරෙකුව නම් නොපතමි
මැණික්(සුළඟ)

දිල් said...

හරිම ලස්සන පද ටිකක්...
word verification අයින් කලොත් කාටත් පහසු වෙයි

විහඟ ගීතය said...

@ මැණික් (සුළඟ)

සමනළ සිහිනයයි
බඹර ගනු දෙනුවයි
මලකගේ උරුමයයි
එයින් මිදෙනා මඟක් නොමවෙයි

විහඟ ගීතය said...

@ දිල්

මලේ මල් වරුණේ
දැක බලා ගත් පිනෙනී
මේ වෙසක් සුළඟේ
විඳිනු මැන අසිරිමත් සිසිළේ

කමෙන්ට්ස් වලදී නම් (comments)
තබා නැත වෙරි‍ෆිකේෂන් (verification)
ඒත් වෙන අවුලක්
තිබේදයි මම බලා එන්නම්.

විහඟ ගීතය said...

@ දිල්

වැරද්දක් තිබුනී (word verification)
එය අයින් කර දැමුනී
හොද සිතින් නිතිනී
තබූ උපදෙස් යෙහෙකි නැඟනී (දුවනී)

රවා said...

ඔයාගෙ කවියක් මට දකින්න හම්බ වෙන්නෙ වත් අක්කාගෙ බ්ලොග් එකෙන් ආවොත් විතරයි, සින්ඩියෙ නැද්ද, අපුරු කවිකාරයා, ඔබට ස්තුති , කවි ලිවිම අතින් මට වඩා ඔබ දක්ෂ නිසාත් මම අයියෙ කියලා කියන්නම, ව්‍යාපාරික ක්ෂ්ත්‍රයෙ ඉන්න මනුස්සයෙක් මෙ වගෙ කවි ලියන එක හිතාගන්න අමාරුයි, එක්කො එ විෂයෙ අදක්ෂයෙක්, හො අසාර්ථක මනුස්සයෙක් වෙන්න ඔනා, කොහොම වුනත් අද තමයි මම හිතන්නෙ මෙ පැත්තට හරියට ආවෙ.. හරිම ලස්සන අත්දැකිම් ටිකක් අයියෙ...

( එකෙක් හිටියා මුචලින්ද කියලා, කවි කියවපු හාම හිතුනෙ මුට නම් අවුරුදු 35 ක් විතර ඇති කියලා, එත් 22, මටත් වැඩිය බාලයි.)

Anonymous said...

මලක පෙති මෙලෙකයි
මලේ සුවඳත් මිහිරියි
බඹරු නිති පැමිණෙයි
සුවද රස බී ඉගිලිලා යයි

විහඟ ගීතය said...

@රවා

මසකට ඉහත ගත් බ්ලොග් වියමනේ එල්ලී
කැසපට ගසා ආ මඟ සුවදම ගැල්ලී
කැටි කොට කියන්නෙමි ඇසු කරුණෙහි එල්ලී
පනහට අඩුයි නම් ඔබ තවමත් මල්ලී

ආගිය මූන මතකයි මුල් දවස් වල
නෑගිය අතක්, පසු මතකය අළුත් කල
පෑහිය නිරතුරුව එක පෙඳ කුරුලු කැල
ගීතය විහඟ ඔබ වෙනුවෙනි අළුත් කල

විහඟ ගීතය said...

@ වත්

මලේ සුවඳ දන්නෙත් බඹරුයි නිතින
මලේ සුවඳ දුන්නෙත් ඔහුටයි සිතින
මලේ නුඹ නොතලමින් පැනි තුඩ ‍රැඳුන
මලේ ඔහොම නොකරන් බඹරට ඉතින

ඇලේ විලේ පිපුනත් දී ‍රැකවරණ
කැලේ කුලේ වුව නුඹ අසලම ‍රැඳුන
මලේ මල් කැකුළු හිනැහෙන විට දැනෙන
පෙනේ බඹර සලකුන මල තුල ‍රැදුන

ගල්මල්-Coral said...

ලස්සනයි පද වැල, ගොඩාක් රස විඳා. පසුගිය දිනවල වැඩි යමක් සටහන් කරන්න බැරිවුනත් ගුමු ගුමුව විඳා, සිතින් තුති කර.

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral
ඇවිත් නිරතුරුව කාලය ලැබෙන විට
තබත් සටහනක් හොදහිත පෙර‍ටු කොට
නිමිත්තකි සතු‍ටු මෙදෙසෙහි දකින විට
තවත් ලියන්නට ශක්තිය දේ ඔබට