Wednesday 26 May 2010

තෙමගුල්



තෙමගුල්

මෙතේ  බුදුන් උපදින තුරු නැතේ නිනව් සිතේ
සිතේ  උපන් අකුසල් සිත් නිවන මඟක් නැතේ
නැතේ ය මඟ පෙන්නන්නට කෙනෙකු හෙටක් වෙතේ
වෙතේ එකම මඟ,බුදු හිමි මඟමයි ජීවිතේ

නව අරහාදි බුදු ගුණ  සිහි කරමින් බව
භව  දුක කෙටි කරන මඟක් වෙද දහමක තව
තව මත්  අඟ්ඥාන අඳුරු  දුරු කරමින් පව
පව නක්  මෙන් දසත ඇදේ වෙසක් අසිරි සුව



8 comments:

ගල්මල්-Coral said...

මෙත් මුදිතා කරුණා
උපදී සිත් වල
බැබලේවා ලොව

හරබර වෙසක් පණිවුඩයක්, තුතියි ඔබට

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

වෙසක් සඳ පායා
සඳහම් සිසිලෙ නහවා
බුදු ගුණ ගැයේවා
සියලු සත්වයෝ නිදුක් වේවා.

Anonymous said...

සුබ වෙසක් මංගල්‍යක් වේවා...........!

Anonymous said...

සුබ වෙසක් මංගල්‍යක් වේවා...........!

Anonymous said...

සුබ වෙසක් මංගල්‍යක් වේවා...........!

Ravin Caldera said...

සුපසන් වෙසඟක් වේවා! ස්තූතියි රසෝඝයට පිය තබා තැබූ සටහනට. . .

විහඟ ගීතය said...

@ isimbuwa
කොහේ හිටියත් ලොවේ
වෙසක් සඳ අපෙම වේ
ඒ වෙසක් සිසිලසේ
සැඳැහ සිත් මල් පිපේ

විහඟ ගීතය said...

@ Ravin Caldera
වෙසක් සඳ තෙමඟුල මතක් කර දේ නම්
පසක් කර බුදුගුණ සිතුවිළි නිවේ නම්
නිමක් නැති සසරේ දුකින් එතෙර වේ නම්
පිනක් මය ඔබටත් කියා මම පතන්නම්