Thursday, 27 May 2010

පින් මඳ බිසව්


සඳක් මෙන් නිබඳ සොමි ගුණ ගති ආර
මලක් සදිසි නුඹ වත සුවදයි තාම
මදක් හෝ නිනව්වකි සැනසෙන හීන
මෙතෙක් කල් කොහිද එදවස මිණිපාන

ඇස් රතුවෙලා නිදි නැතිවද නොනිදාද?
ගස් යට හෙවනේ ඇයි කවුරුත් එනවාද?
පස්යම මෙලෙස තනි මඟ තනි නැතිවාද?
තිස්සෙම මහ මඟදි නුඹ හමුවෙනවාද?

නෙත්සර හිනාවක හෝ කෝල බැල්මක
විස්තර බොහෝ විය නුඹ දු‍ටු දිනේ සිට
ඉස්සර වගේ නොවේ ඒ පිරි සිනා කට
විස්සෝපයෙන් ඇයි? හඳුනන නිසාවද?

ලකල පතල ගම් පියසට වුන් දේවී
කිකල නුඹ මෙහෙට කුමකටදෝ ආවේ
දුබල නැකතකද? නුහුරට පය තීවේ
කොමළ බැල්ම ඇයිදෝ නුඹ සැඟවූවේ.




5 comments:

isimbuwa said...

පුරඟනක් ගැන නේද මේ කියන්නෙ.

indi said...

සොයුර ඔබට ප්‍රීති වෙසක්......

මාතලන් said...

oyaa maaraine...
kohenda wachana hoyaa gatte

wath said...

මා පණ වගේ සිටි මා ප්‍රිය මගෙ සැමියා
වෙන අඟනක් සමඟ රහසේ සුව වින්ඳා
මා ළදරුවන් සමඟින් මහගෙට පිය මැන්නා
ඒ දරුවන් රකිනු රිසින් මෙහි ආවා.......

මගෙ සහතික ගොන්න මෙහි නැත වටින්නේ
ඈඟ මස පමණි නුවරුන්හට පෙනෙන්නේ
දරුවන් තමයි නිතරම සිහි කරන්නේ
වුන්ගේ බඩත් මුන්ගෙ මසත් පුරවන්නේ

නුඹ මහතෙකි එහිදී මට මුණ ගැසුනු
අතීතයේදි මා නෙතු දැක පුරුදු
දීමට නොහැකි විය මා මුව කිලිටි වුනු
එනිසයි හැසරැල්ල මාගෙන් මඟ හැරුණු

අහිකත් නොසිතන්න මහතුනි වෙන්න කමා
හසරැල් ඈත ගොස් ඈත මෙහි මාව දමා
දරුවන් දෙදෙන නැති නම් මා මෙලොව දමා
ගොස් බොහො කල්ය මිනිසත් ලොව වරද කිමා

විහඟ ගීතය said...

@ isimbuwa
@ indi
@ මාතලන්
@ වත්

ඉසිඹුව,ඉන්දි , වත් හා මාතලන් ඇවිත්
නොසිතුව වෙලාවක සටහන තබා ගියත්
හිතැතිව ලියන දැ සවියකී හිතට මහත්
පතනුව සුභාසිරි සමඟින් වෙසඟ සුවත්