Monday 7 June 2010

පියා නුඹේ කිරට ගියා


15 comments:

දිල් said...

මුදල් කියන දේ අපේ බැඳීම් වලට මොන තරම් බලපෑමක් කරනවද ?

පියා එතෙරට ගියේ මුදල් නිසානෙ....
හරිම හැගීම්බව....පද ටිකක්

Hasitha Gunasinghe said...

සල්ලි දෙයියන්ගේ අයියා :)

විහඟ ගීතය said...

@ දිල්, හසිත

නැති බැරි කම් ඇවිත් ගේ දොර ජනෙල් අරී
දරු වන් නිසා පියවරුනට එරෙයි කිරී
ඒ කිරි කදුළ සරි කරනා මඟ ඇහැරී
ඇතියෙන් පවුල් කොපමන නම් වෙද විසිරී

Anonymous said...

පවුලක් නම් එක්ව ඉදිමයි සැපත
සල්ලි නිසා දුර ඈතින් වෙයි නපුර
සල්ලි නොවෙයි ආදරයයි දිවිමතුර
පියඹා එන්න නුඹ නැවතත් අපෙ ළගට

විහඟ ගීතය said...

@ වත්

නැති බැරි කම් පැලට ඇවිත් කෙදිරි ගාපු විට
නුඹම තමා පාර කීවේ කහවනු පොරයට
දිනෙන් දිනම හතිවැ‍ටුනෙන් ආ කාරිය කොට
පාර තවම මතකයි, මම එන්නේමි විඟහට

ගල්මල්-Coral said...

හරිම සංවේදී පදපෙලක්.
මෙ කර්කෂ ජීවිතයේ අනන්තවත් මොවුන් මුණ ගැසේ.

Anonymous said...

අගහිගකම් ගෙපිලට විත් තට්‍ටු කරන කොට
මුහුදු හතෙන් එහා ගියා කහවනු සොයනට
දොස් කියනුයෙ ඇයි මාහට පාර කියු විට
කිරි සිහිනෙන් මිදී නොයා එනු මැන හනිකට

මදනල ගේන කිරි සුව ගත දැවටෙවා
රලපෙල ගේන නැලවිලි දෙසවන ‍රැව්දේවා
දුගේ මුවමඩල සදමඩලෙන් දිස්වේවා
වෙන සිහිනයක සිත වල්මත් නොමවේවා

ප්‍රියංගි

මාතලන් said...

ඔහු යා යුතුව ඇත..
සුවබර හෙටක් තනනට..
පැමිණෙන තෙක් නැවත..
අනුකම්පං උපාදාය.. බොහෝ ඇත..
දොර නාරින් අමල්බිසෝ...

විහඟ ගීතය said...

@ ගල්මල්-coral
දකී සහසක් පියවරුන් මෙහේ
නොකී දුක් කඳ දරන්
එකී උනුනගේ හිතේ සොම්නස්
මැකෙන්නට ඉඩ නොදෙන්
හිතෙ සවියට ඈත කොනකින්
ලියුම් කොලයක් පතන්
ඊමේල් නැති තවත් පිරිසක්
කල් යවති මේ ලෙසින්

විහඟ ගීතය said...

@ප්‍රියංගි

දුකය කියා හිත් තැවුලක් නොගනින්නයි
තනිය කියා සංකාවන් නොහැගෙන්නයි
දිරිය දෙමින් පොඩි වුන් සිත් සනසන්නයි
එමිය මම දුවන් පොඩ්ඩක් ඉවසන්නයි

මදනළ කොහෙද මෙහෙ අව්වට රත්වෙනවා
රළ පෙළ නම් ගෙදර විස්තර පවසනවා
සඳ මඬලත් තරුත් තනියට විත් යනවා
දු‍ටු සිහිනයේම මම මෙහ වල්මත් වෙනවා

Amila Chathuranga said...

කවිය පොඩියි අදහස ලොකුයි....

විහඟ ගීතය said...

@ indi
මහ මුහුද හැදෙන්නේ පුංචි ගඟා ගලාලයි
ගඟහි උපත වන්නේ උල්පතයි කන්ද පල්ලේ
හිතෙහි නැඟන අදහස් පුංචි වූවත් ඉතින්නේ
එයින් හැඟවෙන අරුත් නම් මහා කවියක් වගෙයි නේ

විහඟ ගීතය said...

@ මාතලන්

ගෙවා ගැනුමට ණය
හෝ
හදා ගැනුමට ගේදොර..
බොහෝ කලකට පෙර
මෙහේ විත්
අවුරුදු දෙකකට.........
කාලය ගෙවුනි බොහෝ දුර
හිරු සඳුත් දන් මහලුය
ඒත් ..
තවමත් නොරටය

Anonymous said...

අනේ මේ පද ටික මාව ඇඩෙව්ව විහඟ ගීතය ඇයි දන්නවද මගේ අක්කගෙයි අයියගෙයි පුතාල දෙන්නගෙයි කතාවත් මේ වගේ නිසා.

විහඟ ගීතය said...

@ isimbuwa
දෙතැනක ඉදන් එකදෙස බලමින් ඉන්න
කොතැනක වුනත් එක සිහිනෙම දකිමින්න
කතරක ඇවිත් ගෙවනා අවුරුදු ගොන්න
දැරු දුක ඉමහත්ය දරුවන් ‍රැකගන්න