වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
මුදල් කියන දේ අපේ බැඳීම් වලට මොන තරම් බලපෑමක් කරනවද ?පියා එතෙරට ගියේ මුදල් නිසානෙ....හරිම හැගීම්බව....පද ටිකක්
සල්ලි දෙයියන්ගේ අයියා :)
@ දිල්, හසිතනැති බැරි කම් ඇවිත් ගේ දොර ජනෙල් අරීදරු වන් නිසා පියවරුනට එරෙයි කිරීඒ කිරි කදුළ සරි කරනා මඟ ඇහැරීඇතියෙන් පවුල් කොපමන නම් වෙද විසිරී
පවුලක් නම් එක්ව ඉදිමයි සැපතසල්ලි නිසා දුර ඈතින් වෙයි නපුරසල්ලි නොවෙයි ආදරයයි දිවිමතුරපියඹා එන්න නුඹ නැවතත් අපෙ ළගට
@ වත්නැති බැරි කම් පැලට ඇවිත් කෙදිරි ගාපු විටනුඹම තමා පාර කීවේ කහවනු පොරයටදිනෙන් දිනම හතිවැටුනෙන් ආ කාරිය කොටපාර තවම මතකයි, මම එන්නේමි විඟහට
හරිම සංවේදී පදපෙලක්.මෙ කර්කෂ ජීවිතයේ අනන්තවත් මොවුන් මුණ ගැසේ.
අගහිගකම් ගෙපිලට විත් තට්ටු කරන කොටමුහුදු හතෙන් එහා ගියා කහවනු සොයනටදොස් කියනුයෙ ඇයි මාහට පාර කියු විටකිරි සිහිනෙන් මිදී නොයා එනු මැන හනිකටමදනල ගේන කිරි සුව ගත දැවටෙවාරලපෙල ගේන නැලවිලි දෙසවන රැව්දේවාදුගේ මුවමඩල සදමඩලෙන් දිස්වේවාවෙන සිහිනයක සිත වල්මත් නොමවේවාප්රියංගි
ඔහු යා යුතුව ඇත..සුවබර හෙටක් තනනට..පැමිණෙන තෙක් නැවත..අනුකම්පං උපාදාය.. බොහෝ ඇත..දොර නාරින් අමල්බිසෝ...
@ ගල්මල්-coralදකී සහසක් පියවරුන් මෙහේනොකී දුක් කඳ දරන්එකී උනුනගේ හිතේ සොම්නස්මැකෙන්නට ඉඩ නොදෙන්හිතෙ සවියට ඈත කොනකින්ලියුම් කොලයක් පතන්ඊමේල් නැති තවත් පිරිසක්කල් යවති මේ ලෙසින්
@ප්රියංගිදුකය කියා හිත් තැවුලක් නොගනින්නයිතනිය කියා සංකාවන් නොහැගෙන්නයිදිරිය දෙමින් පොඩි වුන් සිත් සනසන්නයිඑමිය මම දුවන් පොඩ්ඩක් ඉවසන්නයිමදනළ කොහෙද මෙහෙ අව්වට රත්වෙනවාරළ පෙළ නම් ගෙදර විස්තර පවසනවාසඳ මඬලත් තරුත් තනියට විත් යනවාදුටු සිහිනයේම මම මෙහ වල්මත් වෙනවා
කවිය පොඩියි අදහස ලොකුයි....
@ indiමහ මුහුද හැදෙන්නේ පුංචි ගඟා ගලාලයිගඟහි උපත වන්නේ උල්පතයි කන්ද පල්ලේහිතෙහි නැඟන අදහස් පුංචි වූවත් ඉතින්නේඑයින් හැඟවෙන අරුත් නම් මහා කවියක් වගෙයි නේ
@ මාතලන්ගෙවා ගැනුමට ණයහෝ හදා ගැනුමට ගේදොර..බොහෝ කලකට පෙරමෙහේ විත් අවුරුදු දෙකකට.........කාලය ගෙවුනි බොහෝ දුරහිරු සඳුත් දන් මහලුයඒත් .. තවමත් නොරටය
අනේ මේ පද ටික මාව ඇඩෙව්ව විහඟ ගීතය ඇයි දන්නවද මගේ අක්කගෙයි අයියගෙයි පුතාල දෙන්නගෙයි කතාවත් මේ වගේ නිසා.
@ isimbuwaදෙතැනක ඉදන් එකදෙස බලමින් ඉන්නකොතැනක වුනත් එක සිහිනෙම දකිමින්නකතරක ඇවිත් ගෙවනා අවුරුදු ගොන්නදැරු දුක ඉමහත්ය දරුවන් රැකගන්න
Post a Comment
15 comments:
මුදල් කියන දේ අපේ බැඳීම් වලට මොන තරම් බලපෑමක් කරනවද ?
පියා එතෙරට ගියේ මුදල් නිසානෙ....
හරිම හැගීම්බව....පද ටිකක්
සල්ලි දෙයියන්ගේ අයියා :)
@ දිල්, හසිත
නැති බැරි කම් ඇවිත් ගේ දොර ජනෙල් අරී
දරු වන් නිසා පියවරුනට එරෙයි කිරී
ඒ කිරි කදුළ සරි කරනා මඟ ඇහැරී
ඇතියෙන් පවුල් කොපමන නම් වෙද විසිරී
පවුලක් නම් එක්ව ඉදිමයි සැපත
සල්ලි නිසා දුර ඈතින් වෙයි නපුර
සල්ලි නොවෙයි ආදරයයි දිවිමතුර
පියඹා එන්න නුඹ නැවතත් අපෙ ළගට
@ වත්
නැති බැරි කම් පැලට ඇවිත් කෙදිරි ගාපු විට
නුඹම තමා පාර කීවේ කහවනු පොරයට
දිනෙන් දිනම හතිවැටුනෙන් ආ කාරිය කොට
පාර තවම මතකයි, මම එන්නේමි විඟහට
හරිම සංවේදී පදපෙලක්.
මෙ කර්කෂ ජීවිතයේ අනන්තවත් මොවුන් මුණ ගැසේ.
අගහිගකම් ගෙපිලට විත් තට්ටු කරන කොට
මුහුදු හතෙන් එහා ගියා කහවනු සොයනට
දොස් කියනුයෙ ඇයි මාහට පාර කියු විට
කිරි සිහිනෙන් මිදී නොයා එනු මැන හනිකට
මදනල ගේන කිරි සුව ගත දැවටෙවා
රලපෙල ගේන නැලවිලි දෙසවන රැව්දේවා
දුගේ මුවමඩල සදමඩලෙන් දිස්වේවා
වෙන සිහිනයක සිත වල්මත් නොමවේවා
ප්‍රියංගි
ඔහු යා යුතුව ඇත..
සුවබර හෙටක් තනනට..
පැමිණෙන තෙක් නැවත..
අනුකම්පං උපාදාය.. බොහෝ ඇත..
දොර නාරින් අමල්බිසෝ...
@ ගල්මල්-coral
දකී සහසක් පියවරුන් මෙහේ
නොකී දුක් කඳ දරන්
එකී උනුනගේ හිතේ සොම්නස්
මැකෙන්නට ඉඩ නොදෙන්
හිතෙ සවියට ඈත කොනකින්
ලියුම් කොලයක් පතන්
ඊමේල් නැති තවත් පිරිසක්
කල් යවති මේ ලෙසින්
@ප්‍රියංගි
දුකය කියා හිත් තැවුලක් නොගනින්නයි
තනිය කියා සංකාවන් නොහැගෙන්නයි
දිරිය දෙමින් පොඩි වුන් සිත් සනසන්නයි
එමිය මම දුවන් පොඩ්ඩක් ඉවසන්නයි
මදනළ කොහෙද මෙහෙ අව්වට රත්වෙනවා
රළ පෙළ නම් ගෙදර විස්තර පවසනවා
සඳ මඬලත් තරුත් තනියට විත් යනවා
දුටු සිහිනයේම මම මෙහ වල්මත් වෙනවා
කවිය පොඩියි අදහස ලොකුයි....
@ indi
මහ මුහුද හැදෙන්නේ පුංචි ගඟා ගලාලයි
ගඟහි උපත වන්නේ උල්පතයි කන්ද පල්ලේ
හිතෙහි නැඟන අදහස් පුංචි වූවත් ඉතින්නේ
එයින් හැඟවෙන අරුත් නම් මහා කවියක් වගෙයි නේ
@ මාතලන්
ගෙවා ගැනුමට ණය
හෝ
හදා ගැනුමට ගේදොර..
බොහෝ කලකට පෙර
මෙහේ විත්
අවුරුදු දෙකකට.........
කාලය ගෙවුනි බොහෝ දුර
හිරු සඳුත් දන් මහලුය
ඒත් ..
තවමත් නොරටය
අනේ මේ පද ටික මාව ඇඩෙව්ව විහඟ ගීතය ඇයි දන්නවද මගේ අක්කගෙයි අයියගෙයි පුතාල දෙන්නගෙයි කතාවත් මේ වගේ නිසා.
@ isimbuwa
දෙතැනක ඉදන් එකදෙස බලමින් ඉන්න
කොතැනක වුනත් එක සිහිනෙම දකිමින්න
කතරක ඇවිත් ගෙවනා අවුරුදු ගොන්න
දැරු දුක ඉමහත්ය දරුවන් රැකගන්න
Post a Comment