Friday 9 July 2010

නොනැවතී ඉදිරියට......

නොනැවතී ඉදිරියට......

වරක් දෙකක් නොව  සිය සිය දහස් වර
කරක් ගසා බැළුවත් නොදු‍ටුයෙන් හර
හරක් ‍රැල කියූවෙන් කොඩි කතන්දර
කුමක් කරන්නද උපවාසයක් හැර

විනේ කොටන්නට කල් යල් බැලුවාය
වනේ ගිජිදගේ පරපුර ගිනිලෑය
වුනේ මොකක් දැයි  නොමදත් ජවිපේය
අනේ සෑමදාමත් ඇස් බැඳි සේය

ඇහක් කනක් ඇරලා නොබලන සත්තූ
වගක් නැති තැනක සීණුව ලා ගත්තු
ගොඩක් කල්ම අග මුල පටලාගත්තු
වලක්වයි අදත් රට, ඉන් ගොඩගත්තු

මුලු ලෝකයෙම මානව හිමිකම් නසන
කලු පැල්ලම් තබා එහි  කලු පැහැ මකන
පුළුවන් එකා ළඟ දන ගසමින් වඳින
කුළු ගැන් වුයේ ඇයි ? යූ එන් එක අමන

නොගොසින් ගොඩක් ඈතට ඉතිහාස පොතේ
ලෙබනන් වලට කල දේවල් මතක ඇතේ
බළලුන් ලවා වැඩ කරගෙන හතර අතේ
කොමිසන් ගෙනාවද ? පහදා දෙවනු පුතේ

ප‍ටු අරමුණු පිණිස බළ ඇණි පෙළ ගන්නා
හි‍ටු කියමින් ඉරාකෙට සවුදිය දුන්නා
හො‍ටු පෙර පෙරා  මානව හිමිකම් පෙන්නා
ක‍ටු කන එවුන් දක්කමු එහෙටත් පන්නා

දන්නා කලක සිට එකකින් එකක් හැර
පෙන්නා යුද්දයම නිසි පිළියමෙන් තොර
ඉන්නා දහදුකින් ඊශ්‍රාලයෙන්, කොර
වෙන්නා පළස්තීනයේ ‍රැකෙනවද හර

වටකොට ගැසූ මුත් නොබිඳුන අභිමාන
රටකට උතුම් දරුවන් මයි මිණිපාන
සතුරට දුවන්නට යන මං සලසාන
හිටියට "ගුරත්" දු‍ටු විට සුදු කොඩි හීන

ඉව අල්ලමින් බොරදිය  තව කළඹමින
හිවලුන් වගේ  යටි අරමුණු පොළබවන
හැව දා ගියපසුව සර්පයා හදුනගෙන
ඉවරක් කර යුතුය අක්මුල් උදුරගෙන

සිංහල, දෙමළ, හෝ මුස්ලිම් නොව බාදා   
වෙන්කල නොහැකි ලෙස එක්විය යුතුය මෙදා
දුංකල නැට්ට යාපනයෙන් යළි එනදා
මංගල නැකත එයමයි රටකට සුවදා

ඇරගෙන ඉලව් කොමිසම පිටවෙනු කියමූ
‍රැකගෙන අපිම, අපි කවුදැයි පහදදෙමු
නවතන අපේ මඟ,... කවුදයි හඳුනගමු
නොනිමෙන ගමනකට මුලු රට එකතුවෙමු.


8 comments:

ඉලංදාරියා said...

හැමොම මේ දිහා බලන්නේ දෙශපාලන ඇහැකින් ...සමහරවෙලාවට එහෙම බල්ලන්න අපිව පෙලබවන්න හදනවා......

ඇත්තටම ඔය එක එක කතාකිය උන්ට එකදවසක් කන්නේ නැතිව ඉන්න් පුලුවන්ද....

මොනවා උනත් විමල් කියන්නේ පොරක්.....

විහඟ ගීතය said...

@ඉලංදාරියා

උගුල්ලා දමන්නට සිංහල උරුම
රනිල්ලා පිඹුරුපත් හැදුවත් අරුම
ඇවිල්ලා වගෙයි පසු පස කළ කරුම
විමල්ලා නොඉන්නට බැලියැකි කෙරුම

ගල්මල්-Coral said...

මූනා පැටලිලා නූලේ කරකවන බිලී පිත්ත
මානා බා ගන්නට නොවැ ගමරට පැත්ත
පානා කැරටය දැක අදිනව දර දිය රොත්ත
නානා පාට කොරනව නොවැ රටජාතිය නැත්ත

Anonymous said...

කැමතිම කෙනෙත් අකමැති දෙය කතා කොට
ඇති බව පෙනේ මේ කවි කියවනා විට‍
අකමැති වුනත් දේශේපාලු ඇත්තන්ට
කොමෙන්ටුවක් දමනෙමි ලියු ඇත්තාට

විහඟ ගීතය said...

@ ගල් මල්-Coral

නානා විලස බැද ගනිමින් වෙස් මූණූ
වීනා වැයූවෙන් රට තුල ගිනි වැදුනූ
වානා කියා යුද්දෙන් රට ගොඩ ගැනුනු
පානා විරිය තව මදි, ලද ජය රකිනු!

විහඟ ගීතය said...

@ වත්

මගේ රට මගේ ජාතිය හා සමය
අගේය මට ඉන් පිට සරණක් නැතිය
හැඟේ රටක උරුමය , වළලනු නොදිය
නැඟේ කඳුළු බිඳුවක් උහුලනු බැරිය

Anonymous said...

budu saranai

Dammi

Anonymous said...

හොඟ දවසකින් මොනවත් ලියලා නැතිය
පුරුදු පරිදි ආවත් ගෙමිදුල හිස්ය
කොහෙවත් ගිහින්දෝ නැතිනම් කරදර ද
විගහින් ඇවිත් ගීයක් ගැයුවොත් මොකද

දයාබර විහඟ ගී මිතුරේ... කාලෙකින් සටහනක් නැත්තේ මොකද ...