Thursday 26 August 2010

නඩු කාරයන් හට ගල් ගහමුද අයෙමත්..... අළුත් ජනකවි 3.



අනේ දෙවියනේ මට වුන වියෝයා
ගුණේ නැති එවුන් මා හැර ගියෝයා
තැනේ ලෙසට ඇණ ගසමින් ‍රැකේයා
පිනේ මහිම! නායක කම මගේයා


අඩු පාඩු නම් ඇත තව නොකෙරුන හරියෙත්
හඩු දේශපාලන වැඩ පිළිවෙල නොමවෙත්
ගුඩු ගහනා එවුන් බැදගෙන ඉඳ, සිරිකොත්
නඩු කාරයන් හට ගල් ගහමුද අයෙමත්


දර දිය ඇදපු අය වට රවුමට කො‍ටුව
පුරු කිය කියා තවකෙක් අලියට කෙ‍ටුව
දුර දිග දු‍ටු අයට රජමැදුරෙහි පඩිය
කරුමෙක මහත, පලදෙන හැටි සුදු කොඩිය


අතින් වැ‍ටුන කඩුවත් අතටම දීලා
සටන් කරපු දු‍ටුගැමුණුගේ රජ ලීලා
නිකන් මතක් කර නව අරුතක් පාලා
සටන් කරණු තරු, කඩු ආපසු දීලා


සිය සිය දහස් ගනනට මංපෙත් සදමී
ගිය ගිය තැනෙක අඹ පැලයක් හෝ හදමී
පිය පිය සබඳ, දැන්වත් නවතා නොතැවී
කිය කිය නොඉද එනු, රජ ගෙයි දොර අරිමී....

10 comments:

Shadow/හේමලයා said...

එන එන පැත්තට ගහ උලුවස්සා තියරිය හැම දේටම යොදන අපේ උන්දැලාගේ අනාගත ප්ලෑනින් ගැන නම් කවර කතාද?..වෙනස්වීම වලට පහරමින් පූජනීය අතීතයක එල්බගෙන හිඳිමුද බලියාගෙන කට...ගයමින් උපන්ගෙයි පාරට්ටුව තව තව.........

priyantha said...

ආවත් රොද බැඳ පිල් පැන පේලි සැදී..
ඇත තව බොහො ඉඩ නොකියන්න මදී..
තනතුරු පෙනෙන විට කවුරුත් නිතර වඳී..
මේ ලෙස ගලා යයි රට ඉදිරියට ඇදී...

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

නඩුකාරයන් හට ගල් ගහමින් ඒකත්
මානව අයිතියක් බව හඟවා යහපත්
රට කළ උදවියම අද යළි වී නිරුවත්
නඩු ගැන කතා කරනවා ඇහුනද? තාමත්

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

හැමදාමත්ම ඔය ටික ඔය විදිහටම
සිදුවේ යළි යළිත් සුපුරුදු තාලෙටම
කැසපොට ගසන අය ගෙන තබමින් උඩම
මේ ටික කරන්නේ හැමදාමත් අපිම

දුමී said...

ඉඟුරු දීල හැමදාමත් මිරිස් ගනී
කැහි ගෑනිට හොටුගෑනිව මාරු උනී
දුවන මුවන් හට කොළ විසිකර දැමු වෙනී
අපි හැමදා වලිගය නැති ගොනා වැනී

විහඟ ගීතය said...

@ දුමී

ඉසරදයට මාරු කර ගනිමින් කොට්ට
හැමදාමත්ම අඩුවක් නැහ කන කට්ට
උන් හැමදෙනාටම ඉන් වාසිය පොට්ට
තව කාලයක් ළතවෙමු ගසමින් ගොට්ට

Abeetha Edirisinghe said...

ලංකා භූමියේ තිබු ලොකුම පක්ෂය...
ඵල දෙන කරුම දැක හිත පත්තු වෙනවය..
පක්ෂෙට මැරෙන ගම්වල ඉන්න උදවිය...
සාටක ගන්න දුව වර දැකලා ඉදිරිය....

විහඟ ගීතය said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

ඇතිවීමත් වගේ නැතිවීමත් පොදුව
පල දේ කලින් කල දිය දහමට අනුව
අලි, කොටි, නරින් හට ඉතිහාසයේ පි‍ටුව
ගෙනදී තිබේ....දැන් මේ අයගෙයි පු‍ටුව

ඉලංදාරියා said...

රට යන අත ..රට එරෙන සද...

විහඟ ගීතය said...

@ ඉලංදාරියා

ගත්විට බලය එක්වී රජ සැප විඳින
ගන්නට බලය දුක්විඳිනා හැටි පෙනෙන
දෙන්නට බලය ගොස් අපි කෙමනට වැ‍ටුන
මින් ‍රැළ කට වැඩිය, ගොන් ‍රැළකිය අමන