Saturday 28 August 2010

කඳුළු සීතළ වැඩියි......



පොබයනා නෙතු සිතු ද පෑහුනේ
නුඹ මෙනා ඈ නොවෙද හිනැහුනේ
සිඹිමිනා සඳ තරුද පෑ සෙනේ
නුබ ගැබේ කොයි දෙසද සැඟවුනේ


දුක කියාගෙන මෙදස ආ දිනේ
දුක නුඹටමයි මගේ තේරුනේ
දුක නිවා දැමුවත් පා සෙනේ
ඒ දුකම ඇයි නුඹට පෑහුනේ


දු‍ටුව සිහිනයෙම නිරතුරු බැඳී
කො‍ටුවෙලා ඉන්න සිතුවත්  මිදී
පි‍ටුපපා යන්න කරුණුත් යෙදී
දු‍ටු සිහිනයම යළිත් ඉකිබිඳී


හඬනු බැහ කඳුළු සීතළ වැඩියි
‍රැ‍ඳෙනු කෙලෙසකද සිහිනය බි‍ඳෙයි
මි‍ඳෙනු නොහැකිය නමුත් යායුතුයි
බිඳුනු හදවත් පවා පෑහෙතෙයි........

11 comments:

Shadow/හේමලයා said...

මුලදී උණුහුම් වුනාට කඳුලුත් පහුවෙනකොට හීතලයි....

Abeetha Edirisinghe said...

සද තරුත් එක්කරන් සැගවිලා..
සෙව්වමුත් නැත ලැබුනෙ නුඹෙ සිනා..
හදවතේ පොඩි තැනක සැගවිලා..
තිබු සිනාවන් දසත විසිරිලා...

සිතුවමින් දෙකොපුලම හැඩ කරන්....
ගලන කදුලැලි මසිත තෙත් කලා...
හිනාවෙන්නම් මසිත තද කරන්
ගලන සීතල කදුළු එක්කලා....

මැණික්(සුළඟ) said...

දුක නුඹටමයි මගේ තේරුනේ
දුක නිවන්නට ඇයිද ලංවුනේ
දු‍ටුව සිහිනයෙම නිරතුරු බැඳී
හඬනු මිස සිනාවක් ලඟ නැතී
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

සතු‍ටු කඳුළු උණුසුමයි
ඇසට පවා සුව දැනෙයි
දුකට හඬන කොට තමයි
හිතටත් ඒ තෙත ගෙනෙයි

විහඟ ගීතය said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

එකම සිහිනය දු‍ටුවත්
නිතර හිත කර සුවපත්
බිදුණු කළ එක් වූ සිත්
උරුමයයි කඳුළක තෙත්

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)

දුක කියමින්ම නුඹවෙත දුක තුරුළු කරන්
ඇවිඳින් ඒ දුකම නුඹටත් උරුම කරන්
පි‍ටුපා යන්න සිදුවුන අරුමයක මෙවන්
කරුමය..අනේ දවසක මට කියා දියන්

Anonymous said...

බිදුනු හදවත් යාකරන්නට
නොහැකි හින්දයි ලං වුනේ අපි
හදවතේ නුබේ දුක නිවන්නයි
දු‍ටුවේ සිහිනය එක් වෙලා අපි


priyangie

විහඟ ගීතය said...

@ ප්‍රියංගී

සිහින උපදියි සිහින මියැදෙයි
ඒත් එක සිහිනයෙම තනිවෙයි
සිතපුරා විඳගන්න සුවඳයි
නෙතු පුරා ‍රැක ගන්න රුව කොයි?

Anonymous said...

නෙතු පුරා ඇගේ රුව පෙනෙන්නයි
සිත පුරා ඇගේ සුව ‍රැදෙන්නයි
මියෙන සිහිනයේ තනි නොවෙන්නයි
බිදුනු හදවත් යා කරන්නයි


priyangie

Anonymous said...

බිදුනු සිතුම් මියදුනු හැඟුම් ඔබේ
කාහට නැතත් ඇය වෙනුවෙන් පිපී දිලේ
නුඹෙ හිත ගන්න නුඹෙ අත ගන්න ලොවේ
වෙන කිසිවකුත් නැහැ මට එය ඉවෙන් දැනේ

මියදුනු සිතුම් පණ දී රැක ගන්න ඉතින්
ඇය හා එක්ව නුඹ සතුටින් ඉන්න ඉතින්
නුඹෙ දුක ගන්න මා නාවත් තවත් ඉතින්
නුඹෙ සිත සතුට හැර කිසිවක් කොහිද ඉතින්

Anonymous said...

නුඹෙ රුව නොවී සිතකට ආලය කරන
නුඹෙ හඩ නොවී ගොළු සිතකට පෙම් බදින
නුඹෙ නෙත නොවී මනසින් නුඹ සිත දකින
නුඹෙ ගෙම නොවී නුඹටම කැපවී සිටින

කරනා කියන දේ එලෙසින් ඉටු වෙන්නයි
පතනා සියළු දේ සැබැවින් දැක ගන්නයි
කියනා ගීය රසවත් සුවයක් දෙන්නයි
සැමදා නැතත් ඉදහිට මා සිහිවෙන්නයි

පමා වෙලා මා ඉපදී නුඹට පසු
අහඹුව හමුවෙලා සිතකින් පෙමක් පැතූ
නොලබෙන දෙයට මා හැඩුවත් නුවන් රතූ
මතුහැම සසරදීම නුඹ මගෙ නොවෙද සිතූ