Saturday 14 August 2010

රුපුන් සෙන් පැදුරු පාටියටත් පැමින


අලුත් ජනකවි 1 මෙතනින් කියවන්න


මං බාලේ ඉදන් දැන සිටි කොළු පැටියා
ලංකාවේ විශ්ව විද්ය්‍යාලෙක හිටියා
උගේ මරුවා ඌ ඇරගෙන ගිය සැටියා
මැරූ එකෙක් හෝ දු‍ටුවෙක් තව නැතියා

රටකට වැඩක් කරණට බැරි පිස්සෝය
පිට පිට දෙපාරක් බොන ළිද ඉස්සෝය
කට මැත දොඬවමින් පාරට බැස්සෝය
වට රවුමටම කො‍ටු වුන මුන් පුස්සෝය

බුදුන් වැඩි බිමට දෙව්දත් දත් නියන
සඟුන් වටවෙලා සෙත් පිරිතුත්  කියන
රුපුන් සෙන් පැදුරු පාටියටත් පැමින
ඉතින් ආයුබෝවන් විරසක කුමන

ඇසූ දු‍ටු කෙනෙක් හෝ ලකුණක් නැතිව
බොහෝ දේ වෙතේ කළියුගයට නතුව
වහා ගිනි ගනී නැතහොත් යයි චුතව
මහා අසිරිමත් ලෙස අපි හැම පැතුව

යුදබිය පහ වුනත් ආයුධ අතට ගමු
වැඩකට නැති එවුන් අල්ලා ගස් බදිමු
කොටියට කළ දේම මදුරුවටත් කරමු
අන්තිම මදුරුවා දක්වා වෙඩි තබමු


8 comments:

priyantha said...

එදා පටන් සිදුවූ දේ මේ රටෙහි
රැඳී ඇතේ නොඅඩුව අප සිත්හි
නොවුනොත් අදම ඒ සැමටම එරෙහි
අකුණු වදිනු ඇත අපටත් නැතිව වැහි

Shadow/හේමලයා said...

වැඩේ කියන්නේ මැසි මදුරුවෝ ගානට මැරෙන්නේ මිනිස්සු නෙව......මැසි මදුරුවො...නියමෙට ඉන්නකොට....

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

සෙව්වත් කරුණු කාරණා සිදුවෙන පුදුම
දෙයියොත් දන්නේ නැහ වැඩ සිදුවෙන තුරුම
කයියත් ගසති,අන්දති හැම දැන දැනම
නියරත් වැටත් කනවද? පූදින ගොයම

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

කුමකින් කුමක් වේදැයි බලමින් ගෙවුන
එමකල් විඳි ගැහට මේ තාමත් ලිහන
විමසිල්ලෙන්! නොදෙනු මැස්සෙකු වත් වහන
හැම අලකලංචියමත් අපටයි නැහෙන

Abeetha Edirisinghe said...

රට තොට මහ පාර අපි නිතර යන එන
බස් එක කෝච්චිය පීලි මත ඇවිදින
රජයේ රෝහලද පාසල සමග පණ යන
දැක දැක නිකන් ඉමු කට බලි අයාගෙන..

Anonymous said...

අර්ධ ශතක බ්ලොග් ලිපියත් පළ කරලා
සද්ද නැතිව ඉන්නේ කොහොමද මන්දා
පැදුරු පාටියට අඩු වැඩි සරිකරලා
දුන්නොත් මොකද ‍සුබ පැතුමට ඉඩ සලසා

විහඟ ගීතය said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
යන මං අගුළු දා රටකට වින කෙ‍ටුව
පන ගැට ගහනවිට අරුනැල්ලක පැතිව
වෙන සිල්ලර වාසි දෙස බලමින් ප‍ටුව
ගෙන එයි ගොම කැබලි කිරි කලයට මුසුව

විහඟ ගීතය said...

@ වත්

ආ දිග ගමන් මඟ ගී අසමින් වහඟ
මෑ අත්වැලක් විය මුල ඉද මා සමඟ
කී කව් සොඳුරු සිත කට වූවත් නොහඟ
නෑවිත් ඉන්නේපා ගී ඇසුමට විහඟ