Sunday 29 August 2010

දුරුව ගිය වසන්තය


බැල්මෙනා  මසිත හැඳින බොහො දුරක් ඇවිත්
කල්පනා  ලොවක රඳවමින් කොනක් තවත්
මල්සිනා  නුඹට පමනකිය  කියා ගියත්
හැල්මෙනා  දුවන හිතක් බැඳ තබනු නොවෙත්

පියඹලා  වසන්තයට බොහොම කල් ඇරන්
ගියවෙලාවේ වසන්තයත් මා දමා ගිහින්
නියඟලා  මලෙක රුසිරු දෙනෙත රවටමින්
වියැකිලා සෙනෙහේ  කඳුළු වලට හැරවෙමින්

දිවිතුරා හඬන්නට තරම් නොවේ වුවත්
අවිදරාණ සනුහරේම අපිට එරෙහි වෙත්
කවිකරාණ  කඳුළු බිංඳු නුඹෙ නමට අයත්
පිවිතුරා  වූ පෙම සුමිතුරු නොවී වන වදිත් 

කිමවුනේ! ගියා ඉගිල සියොත් කැළ සොයන්
මම අනේ තවම නපුරු සිහිනයෙම බලන්
විමසුනේ නැතිද  නැවත එන නො එන ගමන්
හැමදිනේ ම පුරුදු පරණ සිහිනයෙම ‍රැදෙන්.

11 comments:

Anonymous said...

ගෙවුන වසන්තයත් අරන් ඇය නැවත ඇවිත්
දොරකඩින් හිදී නෙත් යොමන් අනේ
නුඹ ඉදී පරණ සිහිනයේ ගිලී යලිත්
ඇය හඩයි අනේ බලන් ඇවිත් මෙහේ..

නුඹ සිතන්නේ ඇය දුවන්නේ හැල්මෙ බව වුනත්
ඇය හිදී නුඹයි දුවන්නේ ඇගෙන් මිදී මෙසේ
තව තවත් දුක් නොදෙන්න මේ ලෙසේ
නිම කරන්නදෝ හදන්නේ ආදරේ.........

you run away from her you can turn and stay ...

Abeetha Edirisinghe said...

මල් හිනා ගලන්න වුවද කාලෙකට කලින්...
සිනා බොද වෙලාම යන්න දැන් පටන් අරන්...
වසන්තයට පසුව නැගෙන කාලයත් ඉතින්...
අපේම කරගෙන ගෙන යමු ජීවිතේ තුටින්...

හැම වෙලේම පුරුදු නපුරු සිහිනෙහිම රැදී...
දුක් වෙලාම ඉන්නෙ කිමද කදුලැලින් එතී...
සුවය ගෙනෙන අලුත් සිහින ගැන සිතුම් පොදී..
බලා විහග ගීත ගයමු තුටින් පෙළ සැදී....

විහඟ ගීතය said...

@ Anonymous

හිනැහෙන හැඬෙන සිතුවිළි පොදි බැඳ තබනූ
දිළිහෙන ඇස් දෙකක හිත සෙනෙහස බඳිනූ
යන එන අතර මඟ විපරම් කර බලනූ
හඳුනන කෙනා එයි ටිකකට මඟ ‍රැදෙනු

මැණික්(සුළඟ) said...

කිමවුනේ! ගියා ඉගිල සියොත් කැළ සොයන්
මම අනේ තවම නපුරු සිහිනයෙම බලන්
ඔබ නැතේ යලි එන්නෙ මා සොයන්
දෙවියනේ ඇයිද අමතක ඉතින්
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ අභීත

මල් පූඳින හීන වල් වැදිලා නැද්ද
බැල්මන් හිනාවන් සතුටෙම ඇමිනෙද්ද
ඇල්මෙන් බැඳුනු හිත් කල් ගත වී යුද්ද
කරමින් කල් ගෙවනු අහලාවත් නැද්ද

ඉඳ ඉඳ එක ගෙදර බැදි සිත් පළුඳු වෙලත්
විඳ විඳ සෝ තැවුල් පිටතට ‍රැගෙන ගිනිත්
කොඳ මල් පිපේ නම් සඳ තරු ‍රැදුනු ‍රැයෙත්
බැඳ ගත් හින්දාම නොගැසිය යුතුය බෙරත්

Anonymous said...

හැමදාමත් වගේ ලස්සනයි කියල තමයි කියන්න තියෙන්නෙ.

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)

නුඹමනේ මට ඉගිල යන්න පාර සෑදුවේ
විඳිමිනේ තවත් මිහිර සුසැදි නුඹගේ හාදුවේ
කළ විනේ සොඳුරු සිහිනය ඇයි පයට පැගුවේ
හිඳිමිනේ අතර මඟ නුඹ නැති හෙයින් පාළුවේ

Pasan said...

පියඹලා වසන්තය ලොවටත් හොරා
ගෙවී ගිය අතීතතය සිහිනෙක හෙලා
නුඹ නොමැති මගේ සිත තනි වෙලා
මග බලමි වසන්තය යළි එන තුරා

විහඟ ගීතය said...

@ isimbuwa

වෙනදා වගේ නැති මුත් නිති ඇස ගැටෙන
"සුදු සේලයත් " සුදු පාවඩ මත ‍‍රැඳින
කොහේදෝ කොහේ හිටියාදැයි නොම දැනින
ඉසිඹුව ඉසිඹුලා වත් දැයි මට සිතින

විහඟ ගීතය said...

@ Pasan

ජීවීතේ වසන්තය වසන්තය නොවී නම්
අතීතයෙ විඩාපත් කඳුළෙහිම ‍රැඳේනම්
සොඳුරු සිහිනය පවා හඬවලා ගියේනම්
බිදුනු විජිතයෙහි මං මුලා වී හිදී මම්

Anonymous said...

මුලා වී නැත නමුත් සැගවිලා නුඹ හඩයි
සරා ගී නැත නමුත් හාදු කඳුළින් බරයි
දරා ගත නොහැකි සිත විසි කරන්නට බයයි
හඩන්නට එපා වසන්තය එනු සහතිකයි.....