Wednesday 1 September 2010

කැකිල්ලෙත් රජෙකි! ඒ රජ කවුරු හරි.




නිමිත්ත: සමෘද්ධි නිලධාරියා රඟපාලා  මර්වින් සිල්වා නිදොස්
ඇමති මෛත්‍රිපාල සිරිසේන පවසයි.. ලංකාදීප වාර්තාවක් 01.09.2010


රටටම පෙනෙන්නට ගස් බඳිමින් රජයේ
නිලධරුවෙකුට කළ කී දේවල් එළියේ
විස්තර කලත් පත්තර ටී වී බළියේ
දොස්තර පුතා නම් නැහ ඔය ජඩ කෙළියේ


සිදුවුන දේ දැකත් පැහැදිලිවම දන්න
විසදුම් දෙන රජෙක් අපි ලැබුවත් ඔන්න
නෙත් අඳවී ගොසින් හයවසරක් වෙන්න
කණවැල අල්ලන්න මර්වින්ටම දෙන්න


කේවටටයන් කවදත් රජු හට යාළු
ලැජ්ජාවක් නැතිව සපයනවා විහිළු
විශ්වාසයක් තිබු නැණවත් කම් පෑලු
මැට්ටන් ගේ රෙදිත් දැන් ගැලවීයාලු


සැමුවෙල්, ඇනස්ලිලා නැති අඩු පුරවන්න
මර්වින් ,සිරිසේනලා අත් බඳිමින්න
විත්තිය නිදොස් කර දඟ ගෙට දක්කන්න
පැමිණිලි කරුත්, විනිසුරුවත් කුඳලන්න


පුස්සන් රජ කරමු රට්‍ටුන් ගස් බදිමු
සෙස්සන් නහට නාහන කම්බස් කරමු
ඉස්සන් වගේ ඉහ මුදුනෙම නාගනිමු
වස්සන් තුනෙන් දෙකකට වැඩියෙන් බඳිමු


තැනකට යන්න හෝ නිවැරදි මඟ දන්න
රටකට එලියදෙන නිලයෙහි බැබලෙන්න
කරුමෙට වත් පැනපු උන් ටික නැතිවෙන්න
රජුටත් වෙන්නේ ගස් බැදගෙන පස් කන්න


බැඳිල්ලත් යෙහෙකි වස්සා අඹනු  බැරි
ඉඳිල්ලත් බොහෝ කල් යැයි සිතනු බැරි
වැ‍රැද්දක් දැකත් ජඩයින් රකින සිරි
කැකිල්ලෙත් රජෙකි! ඒ රජ කවුරු හරි.


කිරිබත්ගොඩට බැස්සා මහ ගොන් වස්සා  මෙතැනින්


17 comments:

Abeetha Edirisinghe said...

මහ ජනතාවගේ යහපත පිණිස අනේ...
ඇති මැතිදුන්ට ඇයි චෝදනා නගන්නේ....
කෙරුවේ රැගුමක්ලු කියලයි කියන්නේ...
එතකොට තමයි දෙකොනින් හිනා නැගෙන්නේ....

රජ කාලෙත් අන්දරේ නිලමේ හිටියා....
ඔහුවත් මෙහෙම විහිළු සැපයුවෙ නැතිවා...
අපටත් තියෙන්නේ දත කට තදින් විකා...
පාඩුවෙ සිටීමයි හම්බෙන දෙයක් කකා...

මැණික්(සුළඟ) said...

වැ‍රැද්දක් දැකත් ජඩයින් රකින සිරි
කැකිල්ලෙත් රජෙකි! ඒ රජ කවුරු හරි
විපරීත කාලේ.
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ අභීත

ජනතාවත් සමඟ රට ඉදිරියට ගෙන
මැද මාවත් වලම මිස අගතියක වෙන
කවදාවත් නොලා බොහොදේ හැදින දැන
හැමදාමත් නැතිද රජකම් කරන පින

කිරි කල දොවා ගෙන ගොමරිති එකතු කරන්
බැරි වැඩ කරන්නාවාගෙයි නැහෙන විහින්
හරි හෝ වැරදි තෙරුම් ගත නොහැකි හෙයින්
ගුරුවරයා දුවයි, ගෝලයෝ හතර පයින්

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)

පොදු ආකල්ප විසිරී ප‍ටුවී දැක්ම
කුදු වේ අපිත් රජුහට දක්වන ඇල්ම
මුදු බව නොවෙත් නම් ජන හද තුල බැල්ම
රුදු වෙයි අයෙත් රජකම දා යන කල්ම

Anonymous said...

ඔයාගෙ කවි පද ටික නම් මාරයි ඈ........ කියල වැඩක් නෑ.
ඔය කවිකාරක තව තවත් ඔප මට්ටම් වේවා.........

Anonymous said...

කවි ටික නම් මැක්සා ඈ...

රවා said...

ලිපියෙහි කොල වල මුහුන යොමන විට
නෙත් දෙක තෙත් වෙනවා....
කෙටියෙන් පවසමි විහඟ ගිතයෙනි
කිමට ඇති සැම දෙ...

වැඩක් නැහැ කතා කරලා. මෙ ගැන, කවිටික එල.

Shadow/හේමලයා said...

දෙවියො රැකදෙන් King කැකිල්ලේ....ඇද්ද අපිට හූ හූ.......හොක්කි හොක්කි හූ....:(((........

Unknown said...

ඔයා ඉතාම ලස්සනට කවි ටික ලියලා තියෙනවා.තව තව ලියන්න ශක්තිය ලැබේවා !

විහඟ ගීතය said...

@ isimbuwa

හිතමින් මුළු රටම බත්කන හරක් කියා
දෙකොනින් කතා අහලා මට හිනත් ගියා
ඇවිදින් දවසකදි දැතින් බුලත් තියා
චන්දය යදින කොට මුන් ගස් බඳිමු මෙයා

විහඟ ගීතය said...

@ sameerausa

ගැම්මක් ඇරන් හොද ගමනක් පිටත්වෙලා
පිම්මක් පැන්න හැටි කොටියට දෙකක් නෙලා
ඇල්මක් තිබුන මුත් කහටක් ඇතත් නොලා
බල්ලෙක් ගානකට රජකම උකස් කලා

විහඟ ගීතය said...

@ රවා

දෙය්යෝ මූණ බලමින් ‍රැක දෙන පාන
ගොයියෝ පොලොන්නරුවේ අම්ඹරු මූන
පෙව්වේ මව්කිරිද? මෙහෙමත් ඇද බාන
අය්යෝ සිරිසේන අයියෝ සිරිසේන

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

සජ්ජායනා ගුණ, බණ වෙලුවත් මදිය
සිත් පෑදෙන කථා, වැඩ නුහුරට බරය
මක්කා කියා හෝ දාගනිමින් කොඩිය
ලැජ්ජා නොමති කම රජකමටත් වැඩිය

විහඟ ගීතය said...

@ dusika

හිනා හිනා අම්බලමට පැනපු පුතු
පිනා කවුද කියලා නම් බැලියයුතූ
මොනාවුනත් නඩු සහ බඩු රජය සතූ
ගොනා උනත් ඌ උම්බෑ නොකිය යුතු

Abeetha Edirisinghe said...

මේ වගෙ වැඩ කරන කැත බලු ජඩ නඩය...
ආතල් එකක් කරගෙන ඇත තම බලය...
අන්තිම පදය කවියක සිහියට නැගෙන...
මතකද කල වැඩේ අංගම්මන සුමන.......

කේන්තියට ලියුවට සමාවෙන්න ඕන විහගෙ...

විහඟ ගීතය said...

@ අභීත

අංගම්මන සුමන අංගම්මන සුමන
චින්තනයටත් සුමනගේ මව් ගුණ ගැයෙන
බලයෙන් හිස උදුම්මා, හෙලුවෙන් දුවන
රජ්ජුරුවොත් පටන් ගෙන අවපස ගමන

Kassapa said...
This comment has been removed by the author.