Tuesday, 1 November 2011

මගේම ආදරනීය..................





ගන දුර හැලෙන රෑ පින්නේ පැලට                         වෙලා
අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා                     වෙලා
පැදුරට වැටෙන කදුලක බර එකතු                          වෙලා
සීතල සුලග ඇයි මේ හැටි නපුරු                            වෙලා


කඳු යායට උඩින් අඬ සද බැස                            ගොසිනී
මූසල රෑහි හඩ නැග එයි තුරු                                  මතිනී
ලග සිටි නුඹත් මා ලග අද නැති                             බැවිනී
එක සද නොවේ සියයක් බැස ගියා                          වැනී


පැල තුල වැතිර සීපද කිව්වා                                    එකට
යායක ඉරිගු මල් පිපුනා නොවැ                               අපට
කොයි? ඒ ගී සින්දු අද නැහැ                              අහලකට
හීනෙන් මිසක නොපෙනේ දැන් නුඹව                       මට


වැව් දිය පතර මල් නෙලලා මා                                අතට
දුන් නුඹ නිසා මල් පිපුනා මා                                   හිතට
මා තනි වූවත් අද පැල තුල කල                                පවට
මේ මල් තවම පූදින්නේ නුඹේ                               නමට


සුලගේ සුසුම් හඬ නුඹටත්                           ඇහෙනවද ?
අහසින් වැටෙන කදුලක් හෙම                පෙනෙනෙවද ?
සීතල ඇවිත් ගේ දොරකඩ                              සිටිනවද ?
මට මෙන් නුඹට එතකොට දුක                    හිතෙනවද ?


අඳුරත් පාළුවත් උහුලනු බැහැ                              මෙමට
නුඹ දැල්වූ පහණ අද නැහැ පැල                             තුලට
දහසක් හැගුම් උපදිනවා                                    කළුවරට
නුඹ නැති හෙටට හිරු පායන්නේ                           කුමට



14.06.1998 වෙනි දින ලියන ලද කවි පංතියක් 

6 comments:

සොඳුරු සිත said...

දහසක් තරු නෙලන් මල් වට්ටියට මගේ
දහසක් හැඟුම් ඉසලා මල් වලට අඟේ
දහසක් පැතුම් මතුරා දහසකුත් අතේ
මා තව මෙතන නුඹ නැත්තේ ඇයි ද අනේ

ලස්සනයි අක්කා.... අක්කාට විහඟ ලියපු කවියක් වගේ... හරිම ලස්සනයි .....

Chandi said...

ස්වාමියෙකු තුල ඇති සෙනෙහස අපූරුවට මතුවෙන කවි පෙළක් සොයුරිය. ස්තූතියි මෙය දිගටම පවත්වාගෙන යාම ගැන. ඔහු කොහෝ සිට සතුටුවෙනු ඇති. ඔබට දිවිය ජය ගන්නට දිරිය ශක්තිය ලැබේවා! කියා සෙනෙහසින් පතනවා.

``` Outsider``` said...

හතර පද කවි මේ තරම් ලස්සනට ගලපන්න දැන් ගොඩක් අයට හැකියාවක් නෑ.

Muthu Paba said...

Vihanga geethaye Kavi thawamath kiyawanna labenawata godak santhosayi!! :) ..

isimbuwa said...

ලස්සන කවි පන්තිය....
වියෝ දුක ඉස්මතු කරපු ආකාරය අපූරුයි.......

විහඟ ගීතය said...

Isthuthi oba samata