ඇවිත් ගැයූවත් කවි ගී පද සින්දු
තවත් මොන කතාවද කඳුළකි රැන්දූ
ගියත් අතැර නෑසෙන දුරකට කැන්දූ
ගයත් මෙ කවි සීපද නුඹටම ලන්දූ
දැනත් නොවේ නම් නොදනිමි යැයි කියනු
කොහෙත් බැරි දෙයකි දැනවුන් කළ කරුණු
එහෙත් බොහෝ දේ දැන දැනමත් කුළුනු
ගුණෙත්, නුඹෙ පිළිවෙතත්, සොඳුරුය පිරුණු
ඇවිත් යනු නොහේ නෑවිත් යන්න බැරී
තවත් ඒ සිහිනයේ රඳවන්න බැරී
නුඹත් තවත් හිතකට පෑහෙන්න හරී
නැවැත්විය යුතුය වෙදකම නොකර බැරී
නෙතත් කඳුළු උසුලා හදකට සුසුම
ගෙනත් දී කළේ මම වරදකි ලොකුම
තවත් පමා නැතිකල, නොපිරෙන පැතුම
පවත්වා ඇයිද?කිමිදෙනුයේ එහිම
සියත් කුල මියුරු ගීයක රස වියැක
තවත් බොහෝ ගී රස විඳිමින් දොහක
නුඹත් දිවි කඳුළු පිසදාලන කලෙක
මමත් බලා ඉන්නෙමි දකිනට හනික
රුව ඇඳි සිහිනයේ පැටලී අකුරු සරින්
කිම මංමුලා වූවේ අපි ළදරු වෙසින්
දිව ගිය කාලයම නපුරට එකතු වෙමින්
මම මහ ලොකු වරදක් කර ඇතිය නොමින්
වතු සුදු මලෙක මුඳු බව හදවතෙහි තියා
මතුයම් දිනෙක විඳිනට හැකි වෙතිය කියා
සිතුවෙමි, සියළු බැඳි බැමි අමතකව ගියා
රතුවුන ඇහැක කඳුළක් උරුමයට තියා--
සිතිවිල්ළක එබඳු බැඳුමට වුන කරුණූ
ළතවිල්ලක මුලකි දින දින වේ දරුණූ
මැසිවිල්ලක ලියා දිය කර දා හරිණූ
හසරැල්ළක රැඳෙන ලකුණක් නැහ පෙනෙනූ
ගැයුවත් විහඟ හද බැඳ තබන ලෙසින්
ලියුවත් බොහෝ දෑ කිසිදා නොවන හෙයින්
පදරුත් විමසමින් කළ කී දෙයහි හෙමින්
සුනරුත් වීය ගී කෝකිල, කපුටු සරින්
සැමරුම හෑමදාමත් පවතින්නේය
විසදුම සමාවක් නම් නොලැබෙන්නේය
අළුයම හීනයේ ඇහැ පියවෙන්නේය
විමසුම කුරුල්ලන්ටත් වරදින්නේය....
හා පැටව් දෙන්නා මගේ
සඳ මඬලේ තනි කරවා
තරු නෙතින් හෙලමින් බැලුම්
සඳ දියේ හිනැහෙනවා
සීතළට මිහිදුම් සළුත් මදි
තුන් හිතම දනවා
පිණි කඳුළු දුටුවාද?
කඳුළුත් සීතළේම සඟවා
කීරලෙක් හිස් අහස කම්පා
කරවමින් හැඬුවා
ගී ගයන්නට නොදත් කල
වෙන කරන්නද මොනවා
පීරමින් මුඳු වළා කෙහෙරැළි
හොදින් රොද හැදුවා
සීරුවට රඳවනු නොහේ
ළා සුළඟ කිතිකැව්වා
ළා සඳේ සොළොසින් කලා
පුරමින් රුසිරු මැව්වා
වෙහෙස වූවත් සහසකර
නිති දරු සෙනේ හෙව්වා
උදාගිරගින් නැගී අවරින්
ගිලී නෙතු දල්වා
ගව් යොදුන් දුර වුවද පෙනෙනා
මායිම ම හෙව්වා..
පෑසිත් නිතින් තුටුකරන් මේ දිවි තලාවේ
ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ
බෝ දුක් සමඟ සන්තාප නෑ හීන වූයේ
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ
නෑ ගොත් සනුහරෙත් දුක් ගෙන දුන් නිසාවෙන්
නෑ තෙත් වුනේ අපගේ නෙත් වින්දයි සැපක් සේ
දූ පුත් ලදින් පෙර පිනෙන් රූමත් ගුණෙන් යුත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ
ජීවත් වුනත් එක පියස්සක සිත් පෙරැත්තෙන්
කෝපත් ගනිත් රළු බසින් බැන අඬ ගසද්දී
නෑසෙත් ලෙසින් හිත හදන්, මාවත් සනස්වා
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ
නුඹ විත් හදෙහි රැදෙමින් ලක්ෂ්මී වෙලාවත්
බැඳගත් බෙරේ ගසමින් රස්සා කලාවත්
මැදිහත් සිතින් සිතමින්ම දිවිමඟ ගෙවාගත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ
අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
කොල්ලට උගන්වන මඟ වැලකුවයි යකා
මුල්ලට වනු නොදී මතු පරපුරක් මකා
ගොල්ලට එකතු නොමවව් ! ඉදිරි වැඩ තකා
සතර දැන ඉගෙන මං පෙත් හදාගෙන
එතෙර වන තැනෙදි අං පටලවා ගෙන
නිතර කී කතා යළි යළි දෙසාලන
මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන
ඇවිත් පැන කඩුලු අභියෝග ජයගෙන
පුවත් දැන.. නොදත් ලෙස වළං බිඳගෙන
දොහොත් දී පුදන ගුරු පියන් වටලන
තවත් මෙහෙයුමක් දෝ රටක් අවුලන
හඬ නම් තරුණ හඬ සරසවි ජයගත්තෝ
වැඩකට නොමැති අරමුණු වල වී ගැතතෝ
ඉඩ නොතබා විහින් මඟ අහුරා ගත්තෝ
අඩ පණ කරයි සරසවියම වී ඉත්තෝ
කඩ ඉම උසස් පෙළ ලකුණක දෙකක නොමින්
හැඬ වෙන දූ පුතුන් පිටතයි ඇතුලේ නොවින්
ඉඩ ලඳ පිනින් ඇතුලට ආ අසුරු සැනින්
මැඬ වෙන දූ පුතුන් එන මඟ අගුලු නොලන්
රැසක් පුතුන් දූවරුනගේ නෙත් හදන
දොරක් ඇරෙන..හෙට ලොව ජය ගනු ලබන
දිනක් අත ලඟම බව දෙස් දෙන බැවින
එකක් නොව රැසක සරසවි දොර ඇරෙන
යන්තරේ හොදයි නම් වැඩ නිරවුල්ය
මන්තරේ තමයි හැමදාමත් හෙනය
පිංකරේ නැතිදු ලබනට විදු එළිය
අන්තරේ ගෙනෙයි හැමොටම රතු එළිය.
අළුත් ජනකවි 5 මෙතනින් කියවන්න
ඉර වරවර ඉර වරවර වලල්ලා
හඳ වරවර හඳ වරවර වලල්ලා
පෑදී දියට බොර දිය එක් නොවෙල්ලා
ජේවීපෙයට මොළයක් ගෙන දියල්ලා...
සාර සියක් සතුරන් ඔද බිඳ හෙලපු
වීර පුරුෂයෙක් මුලු ලනුවම ගිලපු
නෑර දුක, එගොඩ වෙන මඟකට පැනපු
සූරයා ඇතුලේ, හරකුන් හා ලැගපු
වීර විකුම් පෑවත් දුර නොදුටු බැවින්
මාර සෙනඟකට රැවටී කරපු පවින්
බේර ගන්න තවමත් ඉඩ තිබෙන හෙයින්
පාර හොයව්! නවතව්! මඟ, නැහෙන විහින්
කෑ කෝ ගසන එක, පිකටිං කරණ එක
ගිලිහෙන කොඩි ඇරන් පෙරහැර කරණ එක
යුග යුග ගනන් සිට නිරතුරු පුරුදු දැක
රණ විරුවෙකු ඇතුලේ හිරවෙන එකයි දුක
යුද්දෙදි නිකමෙකුට පාවාදී කිපුනු
සද්දය සමඟ ඔච්චම් කරමින් රැඳුනු
ඔක්කොම වීරයොයි, එක විරුවෙකි මැඬෙනු
සජ්ජායනාවක පැටලී ඇති ලකුණු
බස්සෙක් ලකුණු ගයි, ගෙයි එක ගිණි ගොන්න
පිස්සෙක් අඬගසයි හිරගේ බිඳලන්න
නිස්සෙක් නොමැති කල හරි මඟ පෙන්වන්න
එස් එෆ් හැමෝගේම කට ගැස්මකි ඔන්න
තිහකටත් එහා උම්බෑ රැළ දිලිනු
පහකටත් මෙහා නුඹේ දිනුමෙහි ලකුණු
වියගහක් ඇරන් හරි දෙන්නව බඳිනු
පිය බසක් ලෙසින්, හා!! ජක්...! මක්...! කියනු
රුදු ගුණ අයහපත්, යුතුකම් දැනගන්න
මුදු ගති නිතර හොදමයි හිත් ඇරගන්න
සුදු කොඩි කතාවට නව අරුතක් දෙන්න
ඉදිකඩ වැලිකඩෙත් ලෙහෙසියි ඇරගන්න....
සීත සඳට හාදවී
සීතලේම ගුලි ගැහී
ඈත අහස දෙස බලා
සඳ පායන තුරු හිදී
කලා සොලොස පුරමිනේ
කොහේද සඳ හිනැහුනේ
අමාවකට බැඳිසෙනේ
සඳේ අවර පස පෙනේ
තරු නෙතකින් මඟ කියා
සිකුරු තරුව හිනැහුනා
වළා පෙලක සැඟවිලා
ඇයිද? කැළුම් සඟවලා
තරුත් පිපී හිනැහුනා
හිරුත් ඊට දී සිනා
වරුත් ගෙවී මම තනියම
අරුත් පසිදමිය මනා.
වසන්තය ගෙවුනූ
ගිම්හානෙයේ රැඳුනූ
මතක දිග හැරුණූ
සිතක සීතල සිහින බිඳුනූ
වියෝ ළතැවුල්ලෙන්
ගියෝ ගැන විමසිල්ලෙන්
පියා සිතුවිල්ලෙන්
නියාමය කඳුළකට ඇල්මෙන්
සරණා කැළ සියොත්
පුරණා පෙමක සැනසෙත්
කරුණා දයා තෙත්
උතුරනා නුඹ අද කොහේ වෙත්
විපිළිසර වූවත්
ගැයෙන ගී නො ඇසූවත්
සිහිනයක දී වත්
ඇවිත් හමුවී යතොත් යහපත්
.