ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා
සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා
හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා
සියල් සිරිත් හැර උඩුගං බලාගෙන
උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන
විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන
ලකල් නුඹත් උන්නා හිත හදාගෙන
සුපුන් සඳේ තරු පිරිවර හා රැඳුන
ඉතින් නැවත මා එනතුරු මඟ බලන
නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ
පිපෙන්න ඇයිද? මල් අකුලක රැඳෙන
උන්නේ ළඟට වී දුක , සැප හා බැඳුනී
යන්නේ නැත ඉතිං ගත සිත නුඹෙ නමිනී
එන්නේ කවදාද යළි දැකුමට ළඳුනී