වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Sunday, 2 May 2010
ලියුම....
ලියුම....
පොකුරක් ඊමේල් ලැබුනත් ඇතිවෙන්න
සුවඳක් නෑ ගෙනාවේ මගෙ හිත දන්න
අකුරක් නෑර ඒ හැඩරුව බලමින්න
ලිපියක් එනතුරා. මඟ බලමින් ඉන්න
ලස්සන මුතු අකුරු එකිනෙක බඳිමින්න
විස්තර ලියා ගෙන හෙමිහිට පියමැන්න
කොච්චර කල් ගියත්, කල් බලමින් ඉන්න
ඉස්සර තැපල් මාමේ,මෙහි විත් යන්න
විද්‍යුත් අකුරු බැඳ පනිවිඩ කෙටි කරමින්
සිත්ගත් නුඹට කියු දේ දැනුනිද යහමින්
සිත්පිත් නැති අනේ, නුඹ කියනා දහමින්
වත් පිලිවෙත් වුනත්, සිත තාමත් ගිලනින්
සෙනෙහස රැදෙන්නේ කාලය සමඟින්ය
මඳහස ගෙනෙන්නේ හද බැඳි වදනින්ය
පියබස දකින්නේ මුතුවැල් අකුරින්ය
එමබස ලියන්නේ නුඹ, හද පතුලින්ය
විඩා නිවා පරිඝණකය නිව මින්නේ
දොඩා ළඟින් හිඳ හිස අත ගාමින්නේ
වඩා හොදින් හිත කියවන සැනසිල්ලේ
විඩා නිවෙන ලියුමක් එවපන් කෙල්ලේ.....
.
Subscribe to:
Posts (Atom)