හිරුට මුවාවී ඉගිලීගෙන යන්න
නුඹට වෙහෙස බව මාගේ සිත දන්න
කුමට දෝ ඉතින් හිඳ තව ළතවන්න
සඳුට හොරන් මම එමි නුඹ ගෙනියන්න
මල වට රැගුම් පෑ බඹරිඳු නෑ ආවේ
ගෙල වට මල් මාල පළඳනවයි කීවේ
කලකට පසුව කීදෙය අමතක වූවේ
මුතු කැට කඳුළු පමනයි තනියට ආවේ
හිතක් ළඟ හිතක් බැඳ දෙවමින් පිළින
රුවක් විය නුඹත් මගේ සිතටම සැදුන
දුකක් නොම දෙමින් ඒ හිතටම බැඳුන
කවක් ලෙස නොකී අලුතෙන් පද බදින
පීදුනු පැතුම් බොල් සුළඟට පා කරලා
හේදූනු සිතුවමෙන් හිත නිදහස් කරලා
ඒ ඳුනු නැවුම් සිතුවිළි එක්තැන් කරලා
දේදුනු ආයෙමත් සිත් අහසෙහි පිපිලා
සිතත් ගතත් සිත් ගත් සිතටම බැඳුන
නුඹත් මමත් වෙත් එක සිහිනෙම දකින
ඇවිත් තවත් කල් යල් බලනුයේ කුමන
හෙටත් අදත් මෙන් විය යුතු නැහැ ඉතින.
මුකුළිත මල්ය, නටු මුකුළිත නූවාය
විකසිත වෙන්න මලකට ඉඩ පෑවාය
නුඹසිත සෙනෙහේ ළඟ පීඳුනු මල සේය
තනිනැත ඉතිං , නුඹටත් තනි නැති වාය