නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති....
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනු
කෝප වූ රජුන් ටත් අවනත නොවුනූ
මාව වත් මටත් තෙරුම් ගත නොහෙනු
මාගේ සිත සොරා ගත්තේ ඇයි කියනු!
දේශ දේශයෙන් විත් ගොඩ බසිමින්න
රහස රහස කන් මතුලා කොඳුරන්න
දෑස දෑස සිත්සේ නිති දැක ගන්න
වෙහෙස වෙහෙස විඳි අපේ සිත් මයි දන්න
මංමුලා නොවුන සිහිනයේ කිමිදෙමින
ලංවෙලා නුඹට පෙම් කවි පබඳමින
හැංගිලා බැඳුන සිත් මල් පුබුඳු වන
නිල්වලා ගඟට සඳ පෑවුවා මෙන
මලේ මලේ මල් වරුනේ නිමක් නැති
ඇලේ දොලේ පිපිලත් දුටු කෙනක් නැති
විලේ විල්තෙරට කොක්කුන් දබර වෙති
නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති
සිතූ තැනක නැවතුන හදවත පෙමිනී
පැතූ පැතුම් මල් පූදයි හෙට ඉතිනී
ගෙතූ සිත්තමෙහි පැහයට හිත බෑඳුනී
පැතූ නුඹටමය, මේ මල් මිට නිතිනී.