Thursday, 30 December 2010

යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය





මල් උයන් මැදින් අත බැඳ ගිය තාලේ
විල් තෙරේ පිපුන මල් දැක බැඳි ආලේ
වල් වැදී මතක පොත අකුලන ලීලේ
කල් බලන් හිටිය හොදටම ඇති රාලේ


පින්නේ පිපුන බිම් මල වාසනාවන්
උන්නේ කොහිද මෙතුවක් වී මුලාවන්
දන්නේ නැති නමුත් සිතිවිළි මනාවන්
එන්නේ ඇයිද මේ ලෙස වැහි වළාවන්


රං මලේ වරුණ රන් මල නොදැක ගයා
ලං වෙලා හිතට,  හිත ගිය කරුණ සොයා
තුං යමේ සිහිනයේ  නිදි නැතිව පියා 
මං මෙහේ අවදියෙනි නුඹෙ නැතිව දයා


දුකින් දුක නසා පේවෙන සැපතකිය
හිතින්  නෙතින්  වැලපීමද අපුලකිය
කොහෙන් කෙලවරද, ඒ  මඟ නොවැලකිය
යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය




3 comments:

මැණික්(සුළඟ) said...

යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය.
ලස්සන කවි පෙලක්.
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)

පුවත් දැන නොදැන හෝ නෙත් පියාගෙන
ගෙවත් බොහෝ කල් අපි දුක දරාගෙන
කැමැත්තක් ඇතත් සිතිවිළි දවාලන
විපත් වියෝගය අනුදත් විලාසෙන

Muthu Paba said...

Lassanama Lassanayi !!