නෙතු පියාගෙන හිත ගොළු වෙලා
නුඹ හිතෙ පතුලෙම සඟවලා
සිතුවිළි කලලේ කල් සපිරිලා
කල් බලන් ඉඳලම ඇතිවෙලා
මුව සිප බදා තුරුලට වෙලා
නුඹ කියු කතා නැත ගොළුවෙලා
මුළු රැයම නෙතු පියවෙනු නොලා
ඒ සිහිනයම සිතුවම් කලා
නුපුරුදු නුහුරු සුවඳක ගලා
ආ මිහිරි මතකය පුරවලා
හිරු නැගෙන සඳ, හඳ බැස පලා
යන ලෙසින් කොහෙදෝ සැඟවිලා
රණ මොනර නැටුමක පැටළිලා
යන ගමන ගැන අමතක වෙලා
නුඹේ මඟත් මම අවහිර කලා
ඒ නිමිත්තම තවමත් බලා
කොයි කවුරු වෙද මෙය හිස සලා
අනුමත කරන්නට සැරසිලා
නුඹ වගෙ හිතට කීකරුවෙලා
ඇයි ?යන්න බැරි මට නැවතිලා
දින දවස් ගෙවෙමින් පසුවෙලා
අපි අළුත් වී වියපත් වෙලා
නුඹ අතැර යන මතකය හලා
යනු නොහැක, ඇත මා සිත වෙලා
වස් දොස් සියළු දුක් අකුලලා
නුඹ අළුත් ඇසකින් ලොව බලා
යන ගමන ඈතින් ඉඳ බලා
සිත හදා ගමි ඈතට වෙලා
6 comments:
ගිය දේ ගියා කිය කිය අඩ අඬා
තව ඉන්නෙපා මට දුක් දිදී
හරි දේ කරන් නුඹ සිත හදන්
තව කල් නැතේ ලොව නැවතිලා
ඇය එක්කරන් විත් නිවසට ඔබේ
පෙර මෙන් ඉඳින් තුරුලට අරන්
වෙන කා නැතත් මතකය නුඹේ
සිත පතුල බරු ලෙස බදු අරන්
හිත එක තැනක ගත කොහො ගියත්
එක් අයකු නමටම වෙන් කරන්
ලොව එකම දේ මියෙනා තුරා
සෙනෙහස තමයි සිත උතුරනා
෴ නුඹට ජය ෴
කල් බල බලා සිටියා එදා
දුක් සිත තැවී ඔඩු දුව ගියා
තව කල් බලා හිඳිනේ කිමා
පෙර මග බලා යනු මැන නොබා
ඈ යන මාවත ඈතින් බලා
මෙත් පතුරමින් ආසිරි පතා
තුන් කල් බලා නුඹ මග සොයා
අරඹනු සොඳා ජය පතනෙමා
h m mm m mm
dukai . . .
eth monawa kiyannada kiyalaa hitaa ganna baha wage . . .
@ සොඳුරු සිත
දොඩා පලක් නැතියෙන් වුන ළතැවිල්ල
විඩා නොදෙමු හිත රැඳි වූ මැසිවිල්ල
වඩා දුක මටද නුඹටද විමසිල්ල
හඬා මක් කරන්නද මේ පැටලිල්ල
ගෙව් මඟ දුර ගෙවා අරුනළු දකින පැයේ
කව් රුන් නැතත් මඟ පාවඩ අතුරලියේ
සව් සිරි සපිරි නව වසරක ලකුණු තියේ
ගව් දුර ගෙවාගෙන එමි දැන්වුවොත් ප්‍රියේ
@ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
කල් බලන් හිටිය කීවත් පලක් වෙද
මල් සිනා දකින්නට පින් වුයෙන් මද
විල් තෙරේ බඹරු කල් යල් බලන් හිද
පුල් උපුල් මලට පිටුපා සරන්නෙද ?
@ දුකා
දුකින් දුක නසා පේවෙන සැපතකිය
හිතින් නෙතින් වැලපීමද අපුලකිය
කොහෙන් කෙලවරද, ඒ මඟ නොවැලකිය
යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය
Post a Comment