Wednesday, 19 January 2011

මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර






නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ
කියන්නට නොහැකි තරමට හිත හඬන
දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන
බලන්නට අනේ... මම අහලක නොවින


හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී
දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී
බොරු නොවේ මටම අදහා ගන්න බැරි
ගුරු වුනා අපිට, නුඹ  කී දෑ සපිරී


පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී
හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී
පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී
උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී


පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර
ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර
පියවර තබා නෙත් දල්වා දැන සතර
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....

5 comments:

ගල්මල්-Coral said...

පද පෙල ගොඩාක් සිතට දැනුනා.

හැම දෙයම කරන්නේ රැකිය යුතු ඔවුන් වෙනුවෙන්. ඉදිරියට ගෙන ආ යුතු ඔවුන් වෙනුවෙන්. හිතට දිරිගෙන ඉදිරියට යමු මිතුර. ජය.

isimbuwa said...

ලස්සන පද පෙල

සොඳුරු සිත said...

පුන් සඳ අහසින් පොළවට බැහැලා
වාගෙයි ඈ දුටුවම මට සිතුනා
ඒ සද ඇයි නුඹ අහසෙම රැඳිලා
අහසින් පොළවට එනු මැන ඉතිනා

කැකුළි මලක් සුපිපෙන ඒ කාලය
වැඩි ඈතක නොව අත ළඟ ගානය
අප්පච්චිගේ රැකවරණ ඕනා
කාලය මේ නොවෙදෝ මට සිතුනා

අම්මා මෙන් ඇය රුවිනුත් අගනා
අප්පච්චී මෙන් පැහැයෙන් දිලෙනා
සඳ තුල වුන් සා පැටවුන් දෙදෙනා
පණ මෙන් රකිනුය දිවි දී පෙමිනා

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral
@ isimbuwa
@ සොඳුරු සිත
@ Anonymous


ඇවිදින් විහඟ ගී නිරතුරු අසනු රිසින්
විඟහින් ඇවිත් ගිය මුත් මම නොමැති හෙයින්
සටහනකට පවා ඉඩ කඩ නැතිව යමින්
සති දෙකකට පසුව අයෙමත් කුරුළු සරින්

හැමදාමත් වගේ ආගිය ලකුණු තියන්
පෙරළා එන වගත් මම දැන සිටිමි හොදින්
ගල්මල් වත්සලා ඉසිබුව දකින ඇහින්
බලනට අනෝටත් දැසක් ලැබෙනු යෙහෙන්

Chandi said...

රුවින් ගුණෙන් නිබඳව බැබලෙන දියණී
අප්පච්චිගේ සෙනෙහස උපරිම් ලද්දී
වේවා වාසනා හැමදා ඔබහට කුමරී
දිදුලනු මැන හෙළ බිම මැණිකක් ලෙසිනී

හිතේ නැගුනු කවි මුතුවැල් අමුනා
සෙනෙහස පෙරා පදවැල එකලු කලා
වැලි කතරේ හිඳ දහදිය හෙලනා
නුඹයි ඇගේ දිවියට මිණි පහන සදා