Friday, 11 February 2011

නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන


හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද
දුකට උණු කදුළු වල පහසම වින්ද
එකට යා නොහැකි උසුලා දුක් කන්ද
දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද

වදන් වල අරුත් පසිඳා ගත හොහිනී
උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී
සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී
පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි

උඩු සිත් අරා නැ බෑ කීවත් අරම
යටි සිත් තු‍ටු වු අරුමය කියනුද කෝම
පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම
මුනිවත් රකින යුරු ඉවසන්නද මේම

කිසිදා එක් නොවෙන එක ළඟම ඈඳුන
නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන
වෙනදා වගේමයි  ඒ සිතම පෑහුන
හැමදා ඉඳින්නද මේ ලෙසින් නෑසුන.......



3 comments:

අභීත said...

සැනදා වගෙම අද දිනයෙත් පෙර ලෙසම...
කී කවි ටික අගෙයි ඒ ගැන නැත වාද....
කවි පල කෙරුමෙ අඩුවක් ඇති බව දැනින...
අපි මඟ බලමු සැමදා කවි රස පිණිස.....

SRI MANJULA said...

කවුදෝ කෙනෙක්!!!! හදවත පතුලේ ඇවිලූ
දයිදො මෙ ගින්නේ මුලු හදවත සෙව්ලූ
ඇයිදෝ??? සවන් මේ ලෙස වැටිලා අගුලූ
බැයිදෝ???? හරින්නට වැසි හද දොර කවුලූ

විහඟ ගීතය said...

@ අභීත
@ SRI MANJULA

@හැමදාමත් ඉතින් ඇවිදින් යන නිතර
ඔබවන් කෙනෙක් වෙද මේ මායිමෙ හතර
කවි රස විඳින්නට කල් බලමින් අතැර
දැමු බෝ වැඩ නිසා අවිවෙකියි මිතුර