Wednesday 13 April 2011

සුභ අළුත් අවුරුද්දක් වේවා





පිස  එන මඳ සුළඟ එක් වූ දෙසක ‍          රැස
‍රැස  කට අළුත් අවුරුදු පැතුමකිය        තොස
තොස  දෝරේ ගලා බ්ලොග් වියමනෙහි  යස
යස  සිරි උදාවේ සැම දුක කඳුළ              පිස

   ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා


12 comments:

ගල්මල්-Coral said...

ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

නදී said...

ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

Anonymous said...

කලකින් ඇවිත් බැලුවෙමි ගීතයක රස
රසකින් රසක් දුටුවෙමි සුබ පැතුමෙ යස
යසසින් පිරුණ හෙට දින නුඹ සපිරිවර
පැතුමින් මගේ වේවා නුඹසැමට සෙත

ලස්සන කවිය... මුල් පදය ඉවර වෙන වචනයෙන් ඊළඟ පදය පටන් අරන්... හරිම අගෙයි.

විහඟ ගීතය ලියන විහඟටත්, ඒ ගීත අසන කැඳැල්ලේ කිරිල්ලිය සහ පුංචි කුරුළු පැටවුන්ටත් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,
සිත සතුට රජ වෙන ,
එක කැඳැල්ලක ගුලි වෙන
ගීතවත් වසරක් වේවා කියල ඉත සිතින්ම පතන
මම
෴ සොඳුරු සිත ෴

විහඟ ගීතය said...

@ගල්මල්-Coral

සිත් මල් පිපේවා
මෙත් ගුණ බෝ වැඩේවා
බ්ලොග් පි‍ටු පිරේවා
ඔබට නිති සැප සතුට වේවා

විහඟ ගීතය said...

@ නදී...

ඇවිත් විහඟ ගී ඇසෙනා මායිමෙම
නදිත් දු‍ටුවාම හිත සතුටකි බෝම
අළුත් අවුරුද්ද නිති සරුවෙන සේම
නිමිත්තකි මෙලෙස මෙහි ඇවිදින් යාම

විහඟ ගීතය said...

@ සොඳුරු සිත

ලැබුන වසරේ නොපිරුන පැතුමක එතුන
එතුන ලෙසම මල් පල ගැන්වෙන ලෙසින
ලෙසින සියළු දේ කුළු ගැන්වෙයි පතන
පතන පතන දේ ඉ‍ටුවේවා ඉතින

Randika Sedara said...

විහග නදටත් අනෙක් හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

විහඟ ගීතය said...

@ සහෝධරයා

නෙතින් නොදු‍ටුවත් හැබැහින් දු‍ටු ගාන
කොහෙන් කොහේ හිටියත් පැතුමන් ගේන
යෙහෙන් සව්සිරිම ඉතිරෙන්නට ඕන
ඉතින් සහෝධරයාටත් සුභ සීන

Ravi said...

දෙස හැර පැමිණ නෙක දුක විඳිනා කතරේ,
අප සිත් ඇත්තේ මේ දිනවල මෙහේ නොවේ,
හද රන් බඳුන ඉතිරී සෙනෙහසින් පිරේ,
දිවි මඟ සැනසුමෙන් නව වසරේ සැනහේ,

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

විහඟ ගීතය said...

@ Ravi

ඇවිත් අවුරුද්දේ නැගම් යන ලෙසට
රවිත් මෙහි ඇවිත් කඳ මළු බැඳ යසට
පිපෙත් නම් මලක් ඈතින් රතු රතට
ගෙනත් දේ සිහින අවුරුද්දට අපිට

විහඟ ගීතය said...

@ Kathandara

හිතන්නට තියා ඉන් නොනැවතී ගෙන
පසුව ලියන තව කොටසක් හදාගෙන
නිරන්තරව බ්ලොග් පි‍ටු සරසවා දෙන
කතන්දරට සුභ අවුරුදු පතා ලන