Saturday 16 April 2011

ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි




ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි.....

ඇසින් නොදු‍ටුවත් කිසිදා, දු‍ටු ලෙසිනි
තුටින් මෙහි ඇවිත් ගුණ දොස් පෙන්වමිනි
විටින් විට මතක මං පෙත් අහුරමිනි
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි,


නොවී පමා අනුදත් කව් ගී මතුර
තැවී නොතැවෙමින් කල් යල් බැලු අතර
සෙවීමට අළුත් දෑ තිබුනෙන් නිතර
ගෙවී ගිය වසර, දින ගනනක් විතර


රන්දා සිනාවෙක දුක ‍රැඳුන කඳුලෙක
බින්දා වුව සිතැඟි දැන නොදැන කාලෙක
හින්දා හිත මිතුරු , සිත් බැඳුන යායෙක
මන්දාරමක් නැහ මෙහි පෙනෙන මානෙක


ලියු දේ සිත් බැඳුනි, සිත් බැඳි දේ ලීව
කියු දේ ඉ‍ටු නොවිනි, ඉ‍ටුවෙන බව කීව
පියුමකි සිත් විලේ, පිපි සැනෙකින් දෑව
සෙයුවෙමි මම, තවත් හමුවී නැත මාව


විස්තර බොහෝ විය ගී කවියට හැරුණූ
ඉස්සර වගේ ඒ ගී කව් රස නොව්නූ
ඇස් හැර බැලූවෙමි බොහො දෙන, නැත ‍රැඳුනූ
දුස්කර වෑයමෙහි ඔය ලෙසටය කරුණූ


ඇතිවී නැතිව යන දිය දහමට නතුව
නිති සරදමට ලක්වේ හැම දේ පැතුව
ඉතිරෙන සුභ පැතුම් පොද වැස්සෙහි තු‍ටුව
සිතිවිළි වළාවකි, සැඬ සුළ‍ඟෙක මුසුව


මිතුරනි ඉතින් බ්ලොග් පි‍ටුවල සැරි සැරුව
සතුටිනි නොමින් හෙට දවසක් ගැන පැතුව
නිදුකිනි නිතින් තව බෝ කල් යල් තු‍ටුව
සපැමිනි ලෙසින් විත් මෙහි, යනු මැන කැ‍ටුව

10 comments:

Anonymous said...

කියවන නොකියවන දන ගැන සිතා ගෙන
නොම ලිය විය යුතුය අදහස් පතාගෙන
අදහස් අගෙයි සිත සැනසුම සදා දෙන
එනමුදු උදස් නොවෙනුය අදහස් නැතිවු දින

කවි කම අගෙයි කා සතුවත් නැති දෙයකි
කවි ලියනා දනන් අදහස් මල් විලකි
කවි යක් වගේ ජිවිතයක් පතා නිති
කිම වැලපෙන්නේ නුඹ තාමත් සිතුමිණකි

වසරක් ගෙවී තව වසරක් ලබන මහේ
වසරක් උදාවෙයි ගීතය විහඟ ලොවේ
දූ දරුවන් ප්‍රිය බිරිඳත් සමඟ සුවේ
විදිනු ඉතින් නුඹ තනිවී නැතිය ලොවේ

වසරක් නොවෙයි තව තව කල් ලියන්නට
සුබ පතනවා හදවත පතුලෙන් නිතර
දුක් කවි ලීව ඇති දැන් විහඟේ මිතුර
සතුටු ගීතයක් ගැයුවොත් හොඳ නොවෙ ද


සුබ පැතුම් ෴

Pasan said...

විහඟ ගීතයේ පලමු උපන් දිනේට ඔං මාත් සුභ පැතුවා.. ජය වේවා!!
දිගටම අප හා රැදේවා!!!!

Dinesh said...

විහග ගීතයේ උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්!!!

eසිංහලයා(අකිල ප්‍රසාද්) said...

මගෙනුත් උණුසුම් සුභපැතුම්...........!!!

ගල්මල්-Coral said...

රසබර පදවැල් මතුවෙන යාය
පසුකර වැලි මිටියාවත් පීර
රැන්ඳු කවි බස රස බෝ'ය
චිරං ජයතු සකි පිය මනිමු පාර


ගල්මල් අඩවියෙන් හා පතොක් යායෙන් සුභ පැතුම්!

pavithra weerapperuma said...

හික්ය. දිගටම ලියන්න ඕන් ඇඟිල්ලගෙනුත් සුබ පැතුම් ... :D

Anonymous said...

http://goo.gl/GUdxb

priyantha said...

වසරක් පුරා කවි ඇසුමට මෙහි ආවා...
කවියේ අරුම මේයැයි ඔබ පැවසූවා...
වසරක් ගෙවී තව වසරක් මෙහි ආවා...
විහඟ සොයුර ඔබටත් ජය සෙත් වේවා..!!!

තිස්ස දොඩන්ගොඩ said...

නීරෝගී සම්පත්තියත් සෞභාග්‍යයත් නිරතුරුව මේ ලැබුවාවූ අලුත් අවුරුද්දේ ඔබ ලඟ රැඳේවා...
සිත් නිවන සනහන කව් ගී ඔබෙන් තව බොහෝ බිහිවේවා...

විහඟ ගීතය said...

@ සොඳුරු සිත
@ Pasan
@ Dinesh
@ eසිංහලයා(අකිල ප්‍රසාද්)
@ ගල්මල්-Coral
@ සුළඟිල්ල | pinki
@ Anonymous
@ priyantha
@ තිස්ස දොඩන්ගොඩ

ගත වුන කල් බොහෝ මුත් නොදැනුනි හිතට
මිතුරනි, මිතුරියනි, පිං ආවට මෙහට
සරසමි විහඟ ගී කල් ලැබෙනා ලෙසට
හිදිනෙමි බලා එනතුරු, මෙහි ආ ලෙසට

වැඩ කටයුතු අතර ඉඩ ලැබෙනා ලෙසින
ඉඩ කඩ හොයාගෙන මොනවා හෝ ලියන
ඒ ලියනා දේත් කියවන්නට සිටින
පිරිවර මහත් පි‍ටුවහලකි මට, ලියන

පිරිවර සමඟ එක යායට ලියමීන්නේ
ගුරුකොට බොහෝ දේවල් ගැන කියවන්නේ
සරි කොට සිහළ ලකුනින් බ්ලොග් සරසන්නේ
තරු කැට ඔබ සැමයි ඇතින් දිදුලන්නේ

සියොත් කැළ සපිරි එක හඬකින් ගයමූ
ඇවිත් මුහුද සේ මහපවුරක් බඳිමු
නිමිත්තට කොහොම හරි බ්ලොග් පි‍ටු තනමු
හෙටත් අද වගේ මෙහිදිම මුනගැසෙමු.....