වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Wednesday, 28 April 2010
සෙනෙහසේ විහඟ ගී
සෙනෙහසේ විහඟ ගී
සාර සියක් ගව් දුර මඟ ගෙවාගෙන
පාර සොයා ආවෙමි නුඹ සොයාගෙන
නෑර නුඹේ අත,තුරුලෙහි හොවාගෙන
පාරමී පුරමු සිත් පුබුදුවාලන
අව්වේ තිබුනු රැස් මාලා අඩු වීය
ගව්වේ දුරත් ඇස් මායිම නුදුරේය
ගෙව්වේ පව්, මැකී පින් පල දුන් සේය
හෙව්වේ නුඹයි, නුඹ මෙතුවක් කොහි වීද?
හීන බල බලා තනි යහනෙ සැතපුන
පේන බල බලා කල් ගියෙද කොපමන
මාන බල බලා උක් දුන්න ඇරගෙන
පේන මානයෙක මල්සරා හිඳගෙන
පාවී සෑම සිහිනෙම නුඹ ඉන්නේද?
පේවී නිතින් සියොලඟ දැවටෙන්නේද?
මාවී පූදිනා සේ හිනැහෙන්නේද?
දේවී නුඹයි ,ඔය දෑතම දෙන්නේද?
ගොතා ගෙන මාලේ වතුසුද්ද මල් වලින්
පතා නුඹේ හසරැල් රෝස තොල් වලින්
ඉතා මත් සොඳුරු වත සිත පුරා ඇදන්
කතා කරණ තුරු ,ඉමි නුඹ ළඟම ඉදන්
Subscribe to:
Post Comments (Atom)
5 comments:
කල්ප ගණන් මේ ලොව පවතින්න ඈති
අතර මඟදි අප නෙත් හමුවන්න ඈති
පෙර කළ පිං මදිව වෙන්වී යන්න ඈති
මා සෙවු කිඳුරු කුමරා නුඹ වෙන්න ඈති
වෙනසක් කොහිද මල පිපුනට පමා වෙලා
සෙනෙහස ඈතිද හදවත් වල තරුණ වෙලා
ගවු සිය දුරක් ආවත් නුඹ පමා වෙලා
කිඳුරී සිටී නුඹ එන තෙක් මඟට වෙලා
වියලි කතර කවදා නම් දළු ලයිද
හමන සුළඟ කවදා නම් නවතීද
මෙලොව ඇති දනා අපි තේරුම් ගයිද
ඔබත් මමත් කෙදිනක හෝ හමුවෙයි ද
නෑර නුඹේ අත මෙදියත දුක ගාව
සාර කල්ප කල් මේ ලෙසටම ආව
පාරමිතා පුරමින් දෙතැනක වූව
පාර නොවැරදිනි , මගෙ හිත නුඹ ගාව.
සිත් පෙලා දුකම සැපමෙන් විදිමින්න
නෙත් සලා හෙලූ කදුලුත් සඟවන්න
රත්වෙලා කොපුල් ආසයි සිපගන්න
වත්සලා ඉතිං, දැන්වත් හිනැහෙන්න
ඉහින් කනින් දැරු දුක් කඳ බිම තියන
පහන් පැලට සිව් මහ දෙවියන් වඩින
හීන් හිනා හඬ මට ඈතින් ඇසෙන
පහන් තරුව නුඹදෝ මට මඟ කියන
සාර කල්ප කල් අපි හමු වෙන්න ඇති
අත් වැල කඩා ඔබ මේ ලෙස යන්න ඇති
සියපත් දෙකක් මේ ලෙස දුක් ගන්න ඇති
වතු සුදු සැමදා මේ ලෙස හිනැහෙන්න ඇති
Post a Comment