ළතැවුල්
බැස යන්න සඳක් ලෙස
මා හෙලා පාලුවේ
රිදවන්න තවත් සිත
හැමදාම මේ ලෙසේ
නොවිදින්න වුනේ ඇයි
මල් සරා හී සැරේ
හිනැහෙන්නෙ කවදාද
ඉතිං මම නුඹෙ ලොවේ
දොවා සඳ දියෙන් ගෙන
පිදු මුදු ආදරේ
දිවා රැය නුඹේ ලඟ
නොවේදෝ සැතපුවේ
ප්‍රියාවිය,............ තවත්
නොදෑනෙන්නේද ඒ සෙනේ
රන් රුවන්වලටදෝ
නුඹේ සිත යා වුනේ
පිපුණුමල සුවඳ දි
අත පොවන මායිමේ
විඳින පින නොවුයේ
සෙනසුරුද කාරණේ
ලැබැදි සිත් වලටමද
මේ තරම් සෝගිනි
නිබදවම තැවෙන්නද.........
සතුටු කදුළක් නොදී.
සි.එස් බණ්ඩාරනායක
No comments:
Post a Comment