සඳට ලියු කවි
නිදිබරයි දෙනෙත රැ නිදි වැරුවාම
හිත හඬයි නිතර දැසට නොකියාම
හරි දුකයි මෙලෙස නොරටක තනිවිම
පොඩි පුතුයි නුඹයි සිහිවේ හැමදාම
හරි හැඩෙනි අහසේ තරුවැල් දිළෙන්නේ
කිරි සිනා පුතුගෙ සිහියට නැගෙන්නේ
සඳ විනා කවුද මට තනි රකින්නේ
මොන බොරුද නුඹයි එලෙසින් සිටින්නේ
සීතලයි හරිම හිරිගඩු පිපෙන්නේ
ඇයිසදේ මෙහෙම ඉකිබිදි හඬන්නේ
තරුමලක් නේද ඔය ලඟ හිදින්නේ
නැහැ නුඹයි පුතුව නිදි කරන්නේ
මේ වළා පෙළක් පෙරහර හදාගෙන
නෑ ගමන් යතේ සඳ තරු නිවාගෙන
මොහොතකින් යළිත් යැටසින සිනාසෙන
ඒ නුඹයි මහඳ සරතැස නිවාලන
දැන් ඉතින් ගොඩක් රැ බෝ වුනානේ
සුරඟනුත් සමග පොඩි පුතු හිනාවේ
යලි හෙටත් මෙලෙස හමුවෙන වෙලාවේ
සඳ රැසින් මගේ ලොව නැහැ වුනාවේ
සි.එස් බණ්ඩාරනායක

4 comments:
හරිම අගෙයි.
රස වින්දා මේ කවි බොහොමයක්.
ඔබට ජය පතමි.
ඈත්තටම හරිම ලස්සනයි........
නිදිබර දෙනෙත සුව සිහිනෙක සැතපෙන්නයි
බිළිදයි ඇයයි ඒ සිහිනේ රජ වෙන්නයි
නොරටක වුවත් දෙවියන් ඔබ රැක දෙන්නයි
මගේ පැතුම නුබ හිත සතුටින් ඉන්නයි
සිහිනෙක පාවෙලා ආ සිහිනයක් නොවේ
යාදෙක පෑහෙනා ලෙස පෑහුනා නොවේ
සේසත පුත නුඹයි, කිසිදා බරක් නොවේ
ඒ පුතු දකින දා හැබැහින් රජෙක්ම වේ
Post a Comment